බැදුම්කර මගඩියේ සුවිසල් ධනය සිංගප්පූරු බැංකුවේ සගවයි.. අර්ජුන් මහේන්ද්‍රන් රට හැර යයි.. ගෙන්වා නඩු අහන්න ක‍්‍රමයක් නෑ..

January 5, 2018 at 10:00 am | lanka C news
බැදුම්කර මගඩියේ සුවිසල් ධනය සිංගප්පූරු බැංකුවේ සගවයි.. අර්ජුන් මහේන්ද්‍රන් රට හැර යයි.. ගෙන්වා නඩු අහන්න ක‍්‍රමයක් නෑ..

බැදුම්කර මහගඩියෙන් සොරකම් කරන ලද සුවිශාල ධනය මේ වන විටත් සිංගප්පුරුවේ බැංකුවල දමා අවසන් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපති හිටපු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

එනිසා එම මුදල් නැවත අය කර ගැනීමේ හැකියාවක් නැති බවද ඔහු පෙන්වා දෙයි.

ඒකාබද්ද විපක්‍ෂය විසින් කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

‘ලංකාවේ පුරවැසියෙක් නොවන අර්ජුන් මහේන්ද්‍රන් ප‍්‍රසිද්ධියේ පවසා තිබෙනවා ‘ඕන දෙයක් කරගන්න. මම ආයේ ලංකාවට පය තියන්නේ නෑ. මම සිංගප්පුරු යනවා’ කියා.

එනිසා නීතිපති අධිචෝදනා පත‍්‍රයක් යැවුවත් කොහොමද අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන්න ගන්නෙ.

එහෙම කරන්න නම් අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කරන්න කියා සිංගප්පූරුවෙන් ඉල්ලීමක් කරන්න ඕනෑ. ඒකට අඩුම වශයෙන් අවුරුදු 15ක්, 20ක් යනවා.

එනිසා ඔහු නැවත ලංකාවට ගෙනැවිත් ලංකාවේ උසාවියක නඩු අහලා සිරගත කරන්න කිසිම පුළුවන්කමක් නෑ’ යයිද එහු පැවසීය.

8 views

5 Comments to “බැදුම්කර මගඩියේ සුවිසල් ධනය සිංගප්පූරු බැංකුවේ සගවයි.. අර්ජුන් මහේන්ද්‍රන් රට හැර යයි.. ගෙන්වා නඩු අහන්න ක‍්‍රමයක් නෑ..”

  1. Karu says:

    First act of the drama is over.
    Seems the response from the audience not that positive.
    Next?

    • කපුරුහාමි says:

      සුදු කොකා හෙවත් සරලයා ඉගිලෙන විට පිටුපස්ස එළියේ .අපේ සරලයා ගේ බාල වැඩ ගැන වාර්තා අනාගතයේ මාද්යයේ ප්‍රසිද්දියේ පළවනු ඇත .එවිට ඒ ගැන සාක්ෂි දීමට සමාජයේ පිළිගැනීමක් ඇති උගතුන් බුද්දිමතුන් කලාකරුවන් ප්‍රසිද්දියේ මාද්යයේ පෙනී සිටිනු ඇත .ඔවුන් නම්ගම් වශයෙන් සාක්ෂි සහිතව සරලයාගේ බාල වැඩ ගැන කරුණු ඔප්පු කරනු ඇත .
      දොශාබියෝගයක විනෝදය යලි බුක්ති විදිමු සුදු පිරුවට ගැලවෙන හැටි බලාසිටිමු

  2. Nimali says:

    Kohomada ranilage suththara dan ithin allapanko natta.

  3. ajita de costageneral strike says:

    ESWARAN BROTHER HELPED TO SMUGGLED THE MONEY

  4. Upali says:

    මේ තකතීරු දුශ්ට චෞරයා සහ ඌ මෙරටට ආනයනය කර බාන්ඩාගාරය බාරදුන් සහ සොරකම එලිවෙන විටදීත් දුශ්ටයාව සුදනා කිරීමට සෑදූ, බය නැති, අඟනැති අමන චෞරයා ට දඬුවම් ලැබේවිද මේ යම පාලනය යටතේ.

Main News