බැදුම්කර මගඩියේ සොක්කෝ අත්අඩංගුවට.. දේශපාලකයන් නිදහසේ..

February 3, 2018 at 10:00 am | lanka C news
බැදුම්කර මගඩියේ සොක්කෝ අත්අඩංගුවට.. දේශපාලකයන් නිදහසේ..

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාව මගින් චූදිතයන් කර ඇති අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන යන තිදෙනා ඉදිරි දින කිහිපය ඇතුලත අත්අඩංගුවට ගැනෙනු ඇති බව ඉහල පෙලේ ආරංචි මාර්ග කියයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට අදාල බී වාර්තාවක් මගින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊට අදාල නීතිමය අවසරයද ලබා ගෙන ඇත.

පෙබරවාරි 15 දිනට පෙර අදාල චූදිතයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙස අධිකරණය විසින් දැනටමත් නියෝග කර ඇත.

මේ අතර ජනාධීපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාද සිය නිල නිවසේ පැවති හමුවකදී මාධ්‍ය ප‍්‍රධානීන් සමග පවසා ඇත්තේ බැඳුම්කර සිදුවීම ගැන එන සතියේ විශාල පෙරළියක් සිදුවන බවයි.

20 views

4 Comments to “බැදුම්කර මගඩියේ සොක්කෝ අත්අඩංගුවට.. දේශපාලකයන් නිදහසේ..”

  1. Neville de Alwis(attorney at law) says:

    සාමුහික ලෙස ඒකරාශිවී සැලසුම් සහගතව කටයුතු කර රජය සතු මහජන මුදල් අවබාවිත කොට අයථා ලෙස ලාභ ඉපැයීම පොදු දේපල පනත යටතේ මෙන්ම අපරාධ නිතිය යටතේ ද ඇප නොලැබෙන බරපතල ගනයේ වැරදි ලෙස සැලකිය හැක.

  2. Asaranaya says:

    අර්ජුනයෝ ! කම් ඕ ගෝ චිකාගෝ, පලියට පලිය, ජොනි බට්ටෝද ඇත

  3. Nandasoma Suriyaarachchi says:

    මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලෙ වාහනයක් භාවිත කළත් ඇප නැතිව රිමාන්ඩ්,
    දැන් මහ බැංකුව හොරුන්ටම භාර දීල හොරා කන්න ඉඩ දුන්න අයට, කොමිසන් දාල සුදු හුණු ගාපු අයට කිසිම දඬුවමක් නැහැ….
    අල්ලස් අරගෙන, හොර සල්ලි වලින් අරක්කු සමාගම් ගත්ත අයට බදු සහන දුන්න අයත් එළියෙ……
    අල්ලස් අරගෙන, ෆුට් නෝට් දාල මගඩිය වහන්න හදාපු අය, පොත් ගහල ඒක නිවැරදි කරපු කට්ටියට කිසිම දඬුවමක් නැහැ….

    යහපාලනේ නෙ!

  4. අසාධාරණය රජ වෙලා says:

    මොවුන් තුන් දෙනා පමණක් නීතියේ රැහැනට ගැනීම මම හෙලා දකිමි. නිතිය නමන්නට නීතිපතිට අයිතියක් නැත. තෝරුන් මෝරුන් නිදැල්ලේ. මේකද නිදහස.

Main News