බැදුම්කර මගඩිය කරන්න කිවුවේ අගමැති රනිල්.. – අර්ජුන් මහේන්ද්රන් කියයි..
October 31, 2016 at 1:06 am | lanka C news
තමන් විසින් මහ බැංකු බැදුම්කර මගඩිය සිදු කරනු ලැබුවේ අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් මත බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් මහතා කෝප් කමිටුව හමුවේ පැහැදිලිව සාක්ෂි දුන් බව කෝප් කමිටුවේ හිටපු සභාපති හිටපු ඇමති ඩියු ගුණසේකර මහතා පවසයි.
සිරස රූපවාහිනියේ නිවුස්ලයින් වැඩසටහනේදී අදහස් පල කරමින් ඔහු කියා සිටියේ තමන් විසින් සභාපති ධුරය දරන ලද සමයේ මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්දයෙන් සකසන ලද වාර්තාවේ මේ බව සටහන් කර ඇති බවයි.