බැදුම්කර මගඩිය කරන්න කිවුවේ අගමැති රනිල්.. – අර්ජුන් මහේන්ද්‍රන් කියයි..

October 31, 2016 at 1:06 am | lanka C news
බැදුම්කර මගඩිය කරන්න කිවුවේ අගමැති රනිල්.. – අර්ජුන් මහේන්ද්‍රන් කියයි..

තමන් විසින් මහ බැංකු බැදුම්කර මගඩිය සිදු කරනු ලැබුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා කෝප් කමිටුව හමුවේ පැහැදිලිව සාක්‍ෂි දුන් බව කෝප් කමිටුවේ හිටපු සභාපති හිටපු ඇමති ඩියු ගුණසේකර මහතා පවසයි.

සිරස රූපවාහිනියේ නිවුස්ලයින් වැඩසටහනේදී අදහස් පල කරමින් ඔහු කියා සිටියේ තමන් විසින් සභාපති ධුරය දරන ලද සමයේ මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්දයෙන් සකසන ලද වාර්තාවේ මේ බව සටහන් කර ඇති බවයි.

373 views

17 Comments to “බැදුම්කර මගඩිය කරන්න කිවුවේ අගමැති රනිල්.. – අර්ජුන් මහේන්ද්‍රන් කියයි..”

  1. ධර්ම says:

    Champa මේ තරම් මෝඩයෙක් කියලා මම නම් හිතුවේ නැහැ. ජනාධිපතිට බල කරන්න ඕනෙලු රනිල්ව අයින් කරන්න. ඕක කෙරෙන දෙයක් ද? කරන්න පුළුවන් දෙයක් ද? ගහ කැපුවොත් පොත්ත මැරෙනවා. පොත්ත හූරලා දැම්මොත් ගහ මැරෙනවා. මේ දෙන්නා දෙන්නට ආදරේ කරන්න වෙලා තියෙන්නෙ ඒ නිසයි. ඒක දන්න නිසයි. ඇරත් දේශීය විදේශීය බලවේග!මේක කරන්න පුළුවන් වෙතොත් ඒ බහුතර ජනතා බලවේගයකටයි. ඒ කියන්නේ ප්රදජාතන්ත්ර වාදීව කරනවා නම්. නැත්නම් ඝාතන ක්රිකයාවලියකින් තමයි. පොල් ගහලා, ශාප කරලා, අනුන් මේක කරන්නේ නැහැ කියලා ඔවුන්ට ගරහලා මේක වෙන්නේ නැහැ. හමුදා කුමන්ත්ර,ණයක් ගැන කියවෙනවා. ඒකත් විසඳුමක් විය හැකියි. එහෙත්, ඒකට ඇති ඉඩ කඩ? ඉන් පස්සේ ඇති වෙන ප්ර්තිඵල ගැන කාට කිව හැකි ද? ජනාධිපති ලාමකයෙක් කියලා බොහෝ දෙනෙක් හිතන බව පෙනෙනවා. බලන්න, දහම් පුතා මෑතකදී ඇති කළ ප්රනශ්නය. ඒක යට ගහන්න ජනාධිපති සමත් වුනා ද නැද්ද? හිටපු ආරක්ෂක ලේකම්, හමුදා ප්රාදානීන් අධිකරණයට දක්කා ගෙන යෑමට විරුද්ධයි කියලා ආන්දෝලනාත්මක ප්ර්කාශයක් කරලා ඔක්කොම මාධ්යය ඇතුළු ජනතාව නොමග යවා දහම් ගෙ කෙරුවාව යට ගැහූ අපූරුව! ඒ ලනුව, ඔක්කොම ගිල්ලා. පෙරත්, (ඇමති කාලෙ) ඔය දහම් හමුදා නිළධාරියෙකුට ගහලා ලොකු කලබලයක් ඇති කළා. කොහොම ද ඒක යටපත් කෙළේ. රාජපක්ෂවරු තමන්ව මරන්න හදනවා කියලා බේගලයක් අතඇරියා. ඔක්කොම ඒ පස්සෙ දිව්වා. දහම් සහ සිරිසේන දෙන්නා ම රැකුනා. කපටි හිවලෙක් කිව්වොත් ඒ අහිංසක සතුන්ට අවමනායක්. ජනාධිපති පුම්බලා ඔහු ලවා මේ රට රැක ගන්න හිතන තරම් අමන මෝඩ කමක් තවත් තිබිය හැකි ද?

    • Champa says:

      ධර්ම

      මගේ මෝඩ කම මට තිබිච්චාවේ. ධර්මගේ නුවණ ධර්ම තියා ගන්න. ඔය comment එක ආවේ කොහෙන්ද කියලා මම දන්නවා. ඕකේ ලියලා තියෙන පුංචි පුංචි දේවල් ගැන මට වගේ වගක් නැහැ. මම බලන්නේ ලොකු පින්තූරේ හෙවත් BIG PICTURE එක දිහෑ විතරයි.

      ධර්ම ඔය දැක්කේ මගේ එක “මෝඩකමක්” විතරයි. මම මේ වෙනකොට “රනිල්ව එලවන්න” ඔය වගේ “මෝඩකම්” හෙවත් options කීපයක්ම දීලා තියෙනවා.

      1. හිටපු ආරක්ෂක ලේකම්තුමාව ආණ්ඩුවට එකතු කර ගැනීම.

      2. රට ගැන හිතලා, රනිල්ගෙන් රට බේරා ගන්න ඒකාබද්ධ විපක්ෂය මෛත්‍රී පිල එක්ක සමගි වෙලා UPFA ආණ්ඩුවක් පිහිටුවීම. මහින්දට අගමැතිකම දුන්නේ නැත්නම් 2/3 හදාගෙන තමන්ගේ අයිතිය ඉල්ලන හැටිත් මම කිව්වා. “රනිල් ගේ අදිසි හස්තය” මේක නැවැත්තුවා කියලා මම දන්නවා.

      3. ජාතික සමගිය ගැන හිතලා ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න තනි පක්ෂයක් විදියට විමල්ගේ ජාතික නිදහස් පෙරමුණ ස්වාධීන තීරණයක් අරගෙන UPFA එකේ ආණ්ඩු පක්ෂ කණ්ඩායමට එකතු වීම.

      4. විධායක ජනාධිපතිකම සක්‍රීය කරලා ජනාධිපතිතුමා සෘජුවම රටේ පාලනයට මැදිහත් වීම.

      5. Rotation ක්‍රමයට, UNP කණ්ඩායම මෙතෙක් දැරූ අගමැති සහ ප්‍රධාන ඇමති තනතුර ඊළඟ අවුරුදු දෙක සඳහා ජාතික ආණ්ඩුවේ ශ්‍රීලනිප කණ්ඩායමට ලබා ගැනීම.

      6. රනිල්ව එලවන්න කියල මහා සංඝරත්නය, මහජනතාව සහ බහුජන සංවිධාන ජනාධිපතිතුමාට බල කිරීම.

      මට සියයට සීයක් විශ්වාසයි ඔයින් එකක් හරි ගිහින් (2 වෙනි එක දැන් අදාළ නැහැ) අනිවාර්යයෙන්ම රනිල්ව පුටුවෙන් වීසි වෙනවා. මගේ ප්‍රාර්ථනාවේ හැටියට හරි යන්න ඕනේ 1 වෙනි එක.

      මම ධර්ම වගේ නුවනක්කාරයෙක් නොවෙන නිසා, මම විශ්වාස කරනවා “Nothing is impossible” කියල.

      ජනාධිපතිතුමාව මම පුම්බන්නේ නැහැ. අයියෝ ඒක නිකම් සුළු වැඩක්නේ. මම කරන්නේ ඊට වඩා වැඩි දෙයක්. මම කරන්නේ ජනාධිපතිතුමාට උපරිමයෙන්ම සහයෝගය දෙන එක. එතුමාට ශක්තිමත් වෙන්න කියන එක. එතුමාට කෙලින් තීරණ ගන්න කියන එක. එතුමාට විධායක ජනාධිපති විදියට රටේ පාලන බලය අතට ගන්න කියන එක.

      ETCA ගිවිසුමට ධර්ම හිතන විදියට “මෝඩ” සහ මම හිතන විදියට සරල විසඳුමක් මම දැනටම දීලා තියෙනවා.

  2. Dickie Bird says:

    Onna mame pradana sakki karaya panala gihin………. ithin Ranil nidahas.

Main News