බැදුම්කර මගඩිය ගැන එජාපයේ ‘ෆුට් නෝට්’ කෝප් වාර්තාව මහ බැංකුව ප්රතික්ෂෙප කරයි..
November 19, 2016 at 6:48 pm | lanka C news
ශ්රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු කෝප් කමිටු වාර්තාවට එම කමිටුව නියෝජනය කරන ලද එජාප මන්ත්රීවරුන් විසින් යොදන ලද පාද සටහන් ශ්රී ලංකා මහ බැංකුව විසින් ප්රතික්ෂෙප කර ඇතැයි වාර්තා පල වෙයි.
මහ බැංකු ආරංචි මාර්ග පවසන්නේ එජාප කෝප් කමිටු මන්ත්රී පිරිස ඉදිරිපත් කර ඇති එම පාදක සටහන්වල කරුණු පිළිගත නොහැකි බව මහ බැංකුව විසින් ප්රතිචාර දක්වා ඇති බවයි.
එසේ මහ බැංකුව විසින් ප්රතික්ෂේප කරන ලද වාර්තාව කෝප් කමිටුව එවා ඇතැයිද වාර්තා වෙයි.