බැදුම්කර මගඩිය නිසා මහ බැංකුව ගැන විශ්වාසය බිදිලා.. රටට අපකීර්තියක් වෙලා.. අයෝජකයන් මෙරට පස් පාගන්නේ නෑ.. – සුසිල් යලි ඇවිලේ..
October 28, 2016 at 6:48 pm | lanka C news
මහ බැංකුවේ සිදුව ඇති බැදුම්කර අක්රමිකතාවයන් සම්බන්ධයෙන් හිටපු අධිපතිවරයා නිවැරදිකරුවකු හෝ වැරදිකරුවකු කිරීමට අරනු ලබන උත්සාහයන් තුලින් සිදුවන්නේ මහ බැංකුව ගැන ඇති විශ්වාසය බිද වැටීම බව ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.
එනිසා ඒ සම්බන්ධයෙන් වූ කෝප් වාර්තාව සියලූ අංශවලට යොමුකර අවශ්‍ය නම් කව දුරටත් පරීක්ෂණ කිරීමට කොමිසමක් පත් කළ යුතු බවද ඔහු පවසයි.
බැදුම්කර සිදුවීම ගැන විගණකාධිපතිවරයාගේ වාර්තාව කිසිවෙකුට අභියෝගයට ලක් කල නොහැකි බවත් විගණන මූලධර්මවලට අභියෝග කිරීමට කිසිවෙකුට නොහැකි බවත් ඕනෑම අයෙක් විගණන වාර්තා සකසන්නේ එම මූලධර්ම පදනම් කරගෙන බවද් ඇමතිවරයා පෙන්වා දෙයි.
බැදුම්කර සිදුවීම නිසා රට අපකීර්තිය පත්වූ නිසා ආයෝජකයන් රටට ගෙන්වාගැනීමට නොහැකි වී ඇතැයිද ඇමතිවරයා එහිදී වැඩිදුටත් කියා සිටියේය.
ඔබ සියලු දෙනාගේම ලැජ්ජා නහරය ඔබතුමන්ලාගේ දෙමව්පියන් විසින් ඉවත් කර තිබීම ගැන අපි කනගාටු වෙමු, මොකද ඔය ඊනියා සම්මුති ආණ්ඩුව තුල ඉදගෙන ඇමතිකම් කරමින් අපේ ඡන්දය අයිතිය පවා දීම සම්බන්ධයෙන් කිසිදිනක ඔබලාට පොදු ජනතාව සමාව නොදෙනු ඇත. ඇමතිකම් දරමින් ඔය කරන ප්‍රකාශ වලංගු නැත,
anduwea aemathikam athahearala oya kathawa kiwoth hodai neada’?????
බැදුම්කර සිදුවීම නිසා රට අපකීර්තිය පත්වූ නිසා ආයෝජකයන් රටට ගෙන්වාගැනීමට නොහැකි වී ඇතැයිද ඇමතිවරයා එහිදී වැඩිදුටත් කියා සිටියේය
එතකොට දැන් එන්නෙ හොරැ නෙද්?
මගේ චන්දෙ ගියපාර දුන්නේ මොහුට. හැබැයි නැවත දීමට අදහසක් නොමැත