බැදුම්කර මගඩිය මහා හොරකමක් බව පොඩි එවුනුත් දන්නවා.. කොමිසන් පත්කර යටගහන්නේ කලිසම් ඇදගෙනද.. බෙල්ලන්විල විමලරතන හිමියෝ උත්සවයකදී ජනපතිගේ මූණටම අහයි..
January 25, 2017 at 10:16 pm | lanka C news
බැදුම්කර මගඩිය යනු මහා හොරකමක් බවත් විවිද කොමිෂන් පත් කර එය යට ගහන්න හදන්නේ මන්දැයි ප්රශ්නයක් ඇති බවත් ජනාධිපතිවරයාද සහභාගී වූ උත්සවයකදී බෙල්ලන්විල විමලරතන හිමියෝ ප්රශ්න කලහ.
උන් වහන්සේ මෙසේ කියා සිටියේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
තමන්ගේ හිත මිතුරන්ට බිලියන ගණනක් ලාබ උපයා දෙන්නට රටට පාඩු වන දේවල් කලිසම් ඇදගෙන කරන්නට ලැජ්ජා නැතිදැයි උන් වහන්සේ විමසූහ.