බැදුම්කර මගඩිය මහින්ද පිට පටවන්න කූට ලේඛණ..
February 26, 2017 at 4:40 pm | lanka C news
මහ බැංකු බැඳුම්කර වංචාවට තුඩු දුන් බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සඳහන් එවකට මුදල් අමාත්‍ය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ බවට පැවසෙන ගැසට් නිවේදනය බැඳුම්කර හොරුන් සෑදූ කූඨ ලේඛනයක් බව ඉතා පැහැදිලි බව ජාතික නිදහස් පෙරමුණේ ප්රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.
මොහොමඞ් මුසම්මිල් මහතා මේ බව සඳහන් කළේ අද(26) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.
“2015 ජනවාරි 01 වැනිදා හිටපු ජනපති, එවකට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගැසට් නිවේදනයක් නිකුත්කර ලංකා ඉතිහාසයේ සිදු වූ විශාලම වංචාව වූ මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ බැඳුම්කර ගනුදෙනුවට උපදෙස් දී ඇති බව පෙන්වන්න හදපු බැඳුම්කර හොරුන්, කුමන්ත්‍රණයක් සිදුකර ඇති බව පැහැදිලියි. බැඳුම්කර වංචාවට තුඩු දුන් ගනුදෙනුව පිළිබඳව සිදු කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවටයි මේ ගැසට් නිවේදනය ඉදිරිපත් කර ඇත්තේ. එහි සඳහන් කරුණු දෙස බලපුවාම 2015 වසර තුළ සිදු කර ඇති බැඳුම්කර ගනුදෙනු සියල්ල පිළිබඳව, ඒවායේ පොලී අනුපාත ආදිය පිළිබඳව කරුණු ඇතුළත් බව පෙනෙනවා. ඒ අනුව මෙම ගැසට් නිවේදනය 2015 නොවැම්බර් මාසයේදී පමණ නිකුත් කළ එකක් බව පැහැදිලියි.
මෙවැනි කූඨ ලේඛනයක් ඉදිරිපත් කළාම බැඳුම්කර වංචාව පිළිබඳ පරීක්ෂණ, නොමග යා හැකියි, කල් ඇදිය හැකියි. ඒකයි මේ බැඳුම්කර හොරුන් මෙතැනදී කර ඇත්තේ. ඒ නිසා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා, ‘දැනට සිදු කෙරෙන බැඳුම්කර වංචාව පිළිබඳ පරීක්ෂණය නතර නොකර කඩිනමින් සිදු කරන්න. මේ කූඨ ලේඛනය පිළිබඳ පරීක්ෂණය වෙනම සිදු කරන්න’ කියලා. එසේ නොවුණහොත් මේ කුමන්ත්රණකරුවන්ගේ ඕනෑකම ඉටු වීම පමණයි සිදු වන්නේ.
පසුගිය කාලයේ කූඨ ලේඛන සකස් කළා කියලා එජාපයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අත්අඩංගුවට ගත්තා. දැන් මේ කූඨ ලේඛනය සෑදීම පිළිබඳව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අත්අඩංගුවට ගත යුතු නැද්ද? ඒ වගේම මුදල් අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු නැද්ද?
මේ පිළිබඳ අද එක්සත් ජාතික පක්ෂය මුනිවත රකිනවා. මේ නිහඬ බවින් පෙනී යන්නේ ඔවුන්ගේ මීට ඇති සම්බන්ධය නොවේද? මේ පිළිබඳව ජනතාව දැනුම්වත් විය යුතුයි. ඒ වගේම මේ කූඨ ලේඛනය සෑදූ පිරිස්වලට එරෙහිව වහා නීතිය ක්‍රියාවට නැඟිය යුතුයි.
බුද්ධි අංශයට පාතාල ලේබලය ගසා විනාශ කරන්න හදනවා.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
සිරිසේනගේ තවත් ආප්ප සෙල්ලමක්
Printed date of this Extraordinary Gazette should be either17th or 18th of November 2016.
Reason – Reference number of the questionable Gazette is 1A-G 24570.
See closely following two Gazettes.
Gazette No.1993/25 printed on 17/11/2016 with reference 1A-G 24569 &
Gazette No.1993/26 printed on 18/11/2016 with reference 1A-G 24571
So it has been printed between these two Gazettes.
Globally price winner fir fraught documents are Secretary, Ministry of Finance and deputy governet of Central Bank Of Sri Lanka