බැදුම්කර මගඩිය මහ දවලේ මහා කොල්ලයක්.. දැවැන්ත හොරකමක්..- ශ‍්‍රීලනිප ඇමති හිරු බලයේදී කියද්දී එජාප ඇමති ගොළුවී ලැජ්ජාවෙන් කරබාගනී.. [Video]

December 9, 2016 at 3:50 pm | lanka C news
බැදුම්කර මගඩිය මහ දවලේ මහා කොල්ලයක්.. දැවැන්ත හොරකමක්..- ශ‍්‍රීලනිප ඇමති හිරු බලයේදී කියද්දී එජාප ඇමති ගොළුවී ලැජ්ජාවෙන් කරබාගනී.. [Video]

බැදුම්කර වංචාව යනු මහ දවාලේ සිදු කරන ලද මහා හොරකමක් බව ඇමති ලක්‍ෂමන් සෙනෙවිරත්න මහතා පවසයි.

එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැවැන්ත හොරකමක් බවද ඔහු කියා සිටියේ හිරු රූපවාහිනියේ ‘බලය’ දේශපාලන වැඩසටහනට ඊයේ දින සම්බන්ධයෙ වෙමිනි.

ෆුට් නෝට් දැමීම අනවශ්‍ය වැඩක් බවත් ඉන් සිදුවූයේ හත්පොලේම ගාගැනීමක් බවත් ඇමතිවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්‍සය නියෝජනය කරමින් සිටි මන්ත‍්‍රි නලින් බණ්ඩාරද සිටියදීමය.

එජාප මන්ත‍්‍රීවරයා තම පාර්ශවය රැකගැනීම සදහා එහිදී මැදිහත් නොවී කරබාගෙන සිටියේ විපක්‍ෂ මන්ත‍්‍රී දෙදෙනාගෙන් සමච්චල් සිනාවද කරබාගනිමිනි.

5 views

2 Comments to “බැදුම්කර මගඩිය මහ දවලේ මහා කොල්ලයක්.. දැවැන්ත හොරකමක්..- ශ‍්‍රීලනිප ඇමති හිරු බලයේදී කියද්දී එජාප ඇමති ගොළුවී ලැජ්ජාවෙන් කරබාගනී.. [Video]”

  1. saradieal says:

    බැදුම්කර වංචාව යනු මහ දවාලේ සිදු කරන ලද මහා හොරකමක් බව ඇමති ලක්‍ෂමන් සෙනෙවිරත්න මහතා පවසයි
    පුදුමය අපේ රටේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු ඇමතිලා තාමත් මේ යමපාලන රෙජිමයේ සිටීමයි
    ඔවුන්ගේ හැම පනතකටම සහය පළකිරීමයි ..ලැජ්ජයි අපේ රටේ පාර්ලිමේන්තුවේ සිටින මීහරක් රැල ගැන…
    මහජනතාව ඔවුන් සියලුදෙනාටම අං තට්ටුව බැගින් පැළදිය යුතුයි …අපේ රට විනාශකිරීමට සිරිසේන -රනිල්ට සහය පලකරනවාට
    මොවුන්ට සාප වේවා

  2. ගමරාළ says:

    මහ බැංකුවේ බැදුම්කර හොරකමක් වෙලා තියෙනවා කියන්නේ සිරිසේන මහත්තයගේ රඡයේ කැබිනට් ඇමතිවරයෙක්. මහ බැංකුවට සිංගප්පූරු ඡාතික මිත්‍රයෙක් ගෙනැත් දැම්මේ රනිල්… රනිල්ව අගමැති කලේ සිරිසේන මහත්තයා… එතකොට මේ මහා බැංකු මංකොල්ලය යටගසා ගෙන සිටීම ගැන සිරිසේන ඡනාධිපති කියන්නේ මොනවද…? ඇයි ඔහු මේක ගැන තාමත් නිහඩව ඉන්නේ… රනිල්ව ආරක්ෂා කරන්නද..? දූෂණ වංචාව ගැන ඡනාධිපතිවරයා රටට කියන බණවල වටිනාකමක් තියෙනවද…?

Main News