බැදුම්කර මගඩිය ‘විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලේ’ (UPF) මිලියන 880 ක් කොල්ල කාලා..

June 21, 2018 at 3:23 am | lanka C news
බැදුම්කර මගඩිය ‘විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලේ’ (UPF) මිලියන 880 ක් කොල්ල කාලා..

බැදුම්කර වංචාව විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යන සේවකයින් 15,000 කගේ විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලේ (UPF) රුපියල් මිලියන ගණනක් ගිල දමා ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍යේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පවසයි.

රාජගිරියේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී තෙන්නකෝන් මහතා අනාවරණය කළේ මෙයට පෙර සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල හා රක්ෂණ භාරයට බැදුම්කර වංචාව හේතුවෙන් සිදුව ඇති මුල්‍ය පාඩුව මෙයට පෙර අනාවරණය වී තිබූ නමුත් විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, ආචාර්යවරුන් හා කාර්ය මණ්ඩලයන්ගේ විශ්‍රාම දිවිය සරු කිරීම සදහා ස්ථාපනය කර ඇති ‘විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදල‘ ද බැදුම්කර වංචාවට බිලිවී ඇති බව හෙළිවන්නේ මුල්ම වතාවට බවය.

බැදුම්කර වංචාවේ දී පර්පචුවල් සමාගම රු. 112 බැගින් මිල දී ගත් බැදුම්කර විනාඩි කිහිපයක් තුල රු. 121 ට විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලට අලෙවි කොට ඇත. විනාඩි කිහිපයක් තුල පර්පචුවල් සමාගම එක් බැදුම්කරයකින් ඒ අනුව රු. 9 ක ලාභයක් ලබා ඇත. කෙසේ නමුත්, එම මොහොතේම පුද්ගලික බැංකුවක් වන ඩොයිෂ් බැංකුව පර්පචුවල් සමාගමෙන් එම බැදුම්කරයම මිලදී ගෙන ඇත්තේ රු. 113 ට ය. ඒ අනුව, මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ සේවය කරන 9000 කට වැඩි පිරිසකගේ විශ්‍රාම අරමුදල ද බැදුම්කර වංචාව නිසා සිදුවන අවම පාඩුම රු. මිලියන 140 ක් විය හැකිය.

බැදුම්කර වංචාව හේතුවෙන් විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලට අහිමි වූ මුදල් පියවා ගැනීම සදහා සිය ප්‍ර‍තිලාභීන් වෙත ලබාදෙන පොලී අනුපාතය කපා හැරීමට විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභාව කටයුතු කර ඇත. ඒ අනුව, 2014 දී 15.0% ක් වු පොලිය 2015 දී 11.0%, දක්වා ද, 2016 දී 11.3% දක්වා ද, 2017 දී 10.5% පහත වැටී ඇත. වසර 20 කට වැඩි සේවා කාලයක් සහිත විශ්වවිද්‍යාල සේවකයෙකුට විශ්‍රාම අරමුදලේ රු. ලක්ෂ 50 ක ශේෂයක් තිබුණි නම් ඔහුට බැදුම්කර නිසා සිදුවන අවම පාඩුව රු. ලක්ෂ 7 ක් ඉක්මවනු ඇත. පොලී අනුපාතික තවදුරටත් පහත වැටේ නම් එම පාඩුව තවත් ඉහළ යනු ඇත.

අදාළ ගණුදෙනුව සිදුවී ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභාව වෙනුවෙන් සිදු කර ඇත්තේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව මගිනි. නියමිත කාර්ය පටිපාටියෙන් බැහැරව මෙම ගණුදෙණුව ඇත.

සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල, ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා රක්ෂණ භාරය හරහා වංචා කොට ඇති බවට මේ වන විට තහවුරු කර ගෙන ඇති මුදල රු. බිලියන 8.7 කි. මෙම මුදල් අය කර ගැනීම සදහා මේ වන විටත් නඩු පවරා ඇති නමුත්, විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිසන් සභාව තම පාඩුව අය කර ගැනීම සදහා නඩු පැවරීම සිදු කර නැත.

විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය, අනධ්‍යන සේවක සංගමය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු කිසිදු සංවිධානයක් මේ පිළිබද අවධානය යොමු කර නොතිබීම පුදුමයක් බව ද, ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ තෙන්නකෝන් මහතා පැවසීය.

මාධ්‍ය ඒකකය
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

114 views

6 Comments to “බැදුම්කර මගඩිය ‘විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලේ’ (UPF) මිලියන 880 ක් කොල්ල කාලා..”

  1. don katugampala says:

    THAVATH “GOTTA “ALLAPALLA,

  2. බන්ඩා says:

    රනිල් ගෙ ගජ මිතුරැ මහේන්ද්‍රන් මහබැංකු අධිපති කලේ රනිල්ගෙ උවමනාවටය් බලපෑමටය්. මහේන්ද්‍රන්ගෙ බෑනගෙ පර්පචුවල් සමාගම ප්‍රකෝටි ගනනක අයුතු ලාබ ලබා ගත්තෙ අර්ජුන මහේන්ද්‍රන්ගෙ අයුතු ක්‍රියා නිසය්. ජනිධිපති කිව්වෙ මහේන්ද්‍රන් මහබැංකු අධිපති කලේ රනිල් අගමැති මහේන්ද්‍රන්ගෙ කැරැට්ටුව ගැන ජනාධිපතිට දුන්න පුද්ගලික පොරොන්දුව නිසා බවය්. ඒ් මදිවට මහේන්ද්‍රන් කියනවා පර්පෙචුවල් අයුතතු ලාබ ලෑබු පළමු බිඩ් එක බාර ගන්න කිව්වෙ රනිල් කියල. අර්ථ සාධකයට කෙලිනම ඒ බිඩ් එක දෙන්න තිබුනා. අර්තසිධයට ඒක නොදෙන තැනට වැඩේ කලේ මහෙන්ද්‍රන් තමය්. නමුත් දැන් පෙනෙන විධියට හොරැ රැලේ මහ හොරා මහෙද්‍රන්ද රනිල්ද?

  3. Ranjan says:

    Allapiya horun. Kaduwa ganu. bayadha?

  4. ඇලෝසියස් දේවසිරි says:

    ඕං ඕක තමයි, රනිල් හාමු ව අගමැති පුටුවේ වාඩි කරවන්න, පාරවල් ගානෙ ඇවිදපු 6% ටී-ෂර්ට් ආචාර්‍යවරු තම සහෝදර සේවක සේවිකාවන්ට ලබා දීලා තියෙන අස්වැන්න.

    6% ටී-ෂර්ට් ආචාර්‍යවරු කියන්නේ නරුමයෝ රැලක් නෙමෙයි නම්, අඩු ගානෙ, රනිල් හාමු ට කතා කරලා දුප්පත් සේවක සේවිකාවන් ගේ යූ. පී. එෆ්. සල්ලි ටික හරි බේරලා දෙන්න ඕනෙ. මොකද ඒ මිනිස්සුන්ට වයසට ගියාම ජීවත් වෙන්න වෙන ක්‍රමයක් නෑ. (ඔය සල්ලි නැති වෙන කොට ෆුටා එකේ ප්‍රසිඩන්ට් වෙලා හිටියේ අර ගෙවල කැඩෙන මිනිස්සු ගෝඨාභය ගේ ගෙදර ගිහින් පදිංචි වෙන්න කියපු එක්කෙනා නේ. ඒ නිසා, දැන් යූ. පී. එෆ්. සල්ලි නැති වුනු අය ට, ඒ තියරිය අනුව, ඒ මහත්තයා ගෙන් තමයි කීයක් හරි ඉල්ල ගන්න වෙන්නෙ. මොකද එයයි එයාගේ කල්ලියයි තමයි දැන් හැමෝගෙම බඩට ගහලා තියෙන්නෙ. එයා ගාව 6% ටී-ෂර්ට් මුද්‍රණය කරලා ඉතුරු වෙච්ච සල්ලි තාම ඇති.) මාර සාධාරණ සමාජයක් හදන්න තමයි මේගොල්ලො අපිට අඬ ගහලා තියෙන්නේ.

  5. අමාරිස් says:

    ඇලෝසියස් දේවසිරි! – මරු නම!!

    මට මෙචච කල් දාලා තිබුනු ෆේස්බුක් මාහාචාර්‍ය කියන නමට ත් වඩා ලස්සන නමක්.

  6. David Milli-banda says:

    Ahhhhhhhhhhh ………. Aloysius Devasiri tath kelawela.

Main News