බැදුම්කර මගඩි ගැසට් පත‍්‍රයට තම නම දැම්මාට මහින්ද නඩු යයි..

February 25, 2017 at 7:07 am | lanka C news
බැදුම්කර මගඩි ගැසට් පත‍්‍රයට තම නම දැම්මාට මහින්ද නඩු යයි..

සුප‍්‍රකට බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් 2015 ජනවාරි 01 දිනය යටතේ මුදල් ඇමති ලෙස තම නම භාවිත කරමින් ගැසට් නිවේදනයක් වංචනිකව නිකුත් කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අධිකරණය ඉදිරියේ නඩු පැවරීමට සූදානම් වෙයි.

1895/19 දරණ අතිවිශේෂ ගැසට්‌ පත්‍රය 2015 ජනවාරි 01 දිනැතිව මුද්‍රණය කර ඇත්තේ 2015-09-15 වැනි දින බවත් ඒ වනවිට ජනාධිපති හෝ මුදල් ඇමති ධුරය මහින්ද රාජපක්‍ෂ මහතා දරනු නොලැබූ බවත් ඔහු නීතීවේදීන් පෙන්වා දෙයි.

රවි කරුණානායක මහතා එම කාලයේදී මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කල බවත් මහින්ද රාජපක්ෂ නාමය යොදා දිනයද වංචනිකව සකසා ගැසට් පත්‍රය මුද්‍රණය කර ඇති බවද නීතීඥයෝ කියති.

40 views
Main News