බැදුම්කර මගඩි චූදිතයා අර්ජුන් මහේන්ද්‍රන් නැවතත් මහ බැංකුවේ උපදේශක ධුරයකට..

January 23, 2017 at 3:00 pm | lanka C news
බැදුම්කර මගඩි චූදිතයා අර්ජුන් මහේන්ද්‍රන් නැවතත් මහ බැංකුවේ උපදේශක ධුරයකට..

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් නැවතත් මහ බැංකුවේ උපදේශකයෙකු ලෙසප කටයුතු කරමින් සිටින බවට දුෂණ විරෝධී පෙරමුණ කියයි.

මේ බව සදහන් කරමින් එම පෙරමුණ විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.

ගරු ජනාධිපතිතුමනි,

මුදල් අමාත්‍යාංශයේ උපදේශක ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මහතා කටයුතු කිරීම

බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශනය කිරීම සඳහා විශේෂ ජනාධිපති කොමිෂන් සභාපත් පත් කිරීමට ඔබතුමන් ගත් පියවර පිළිබද දුෂණ විරෝධී පෙරමුණේ ස්තූතිය පිරිනමමි.

කෙසේ නමුත්, ප්‍රශ්නකාරී බැඳුම්කර සිද්ධියට චෝදනා එල්ලවී සිටින මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මුදල් අමාත්‍යාංශයේ මහ බැංකු උපදේශක ලෙස මේ වන විට කටයුතු කරමින් සිටී.

මුදල් අමාත්‍යවරයා විසින් සතියේ අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල මහ බැංකුවේ වත්මන් අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ආර්.පාස්කරලිංගම් සහ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග සමග සවස 5 ට පවත්වනු ලබන රැස්වීමට මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් අර්ජුන් මහෙන්ද්‍රන් සහභාගි වී ඇත. කුමාරස්වාමි මහතා මහ බැංකු අධිපතිවරයා වශයෙන් පත් වූ පසුව මුලින් මෙම රැස්වීම සඳුදා සහ බ්‍රහස්පතින්දා සවස 5 ට ජූලි, අගෝස්තු සහ සැප්තෑම්බර් මාසවල දී පවත්වනු ලැබීය. ඉන් පසුව, මෙම රැස්වීම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා සවස 5 ට සිරිතක් ලෙස මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වේ.

අවසන් වශයෙන් මෙම රැස්වීම පැවැත්වුයේ 2017 ජනවාරි 6 දින පෙ.ව. 11 ට මුදල් අමාත්‍යාංශයේ දී ය.

ඉහත රැස්වීමේ දී සිරිතක් ලෙස අර්ජුන් මහේන්ද්‍රන් වත්මන් බැංකු අධිපති කුමාරස්වාමි මහතා වෙත ශ්‍රී ලංකා මුල්‍ය මණ්ඩලය විසින් ගත යුතු තීන්දු සහ තීරණ සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සිදු කර ඇත. මෙය ශ්‍රී ලංකා බැංකු පනතේ විධිවිධාන උල්ලංඝණය කිරීමක් වේ.

අල්ලස, දුෂණය වංචාව මැඩලීම සඳහා වත්මන් යහපාලන රජයේ කැපවීම වචනයෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කළ යුතු කාලය දැන් එළැඹ ඇතැයි අප සිතමු.

ගරු ජනාධිපතිතුමනි,

තවමත් මුල්‍ය මණ්ඩලයට උපදෙස් දෙන්නේ ප්‍රශ්ණ්ගත හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා නම්, ඔබ විසින් පත් කරනු ලබන ජනාධිපති කොමිෂන් සභාව තවත් එක් කාලය කා දැමීමේ උපක්‍රමයක් ලෙස ජනතාවට තේරුම් ගනු ඇත්තේය.

එබැවින්, මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මුදල් අමාත්‍යාංශයේ උපදේශක ලෙස මහා භාණ්ඩාගාරය සමග කටයුතු කිරීම නවතා දැමීම කෙරෙහි ඔබගේ කාරුණික අවධානය යොමු කරමි.

උලපනේ සුමංගල හිමි
සභාපති
දුෂණ විරෝධී පෙරමුණ

18 views

15 Comments to “බැදුම්කර මගඩි චූදිතයා අර්ජුන් මහේන්ද්‍රන් නැවතත් මහ බැංකුවේ උපදේශක ධුරයකට..”

  1. lion says:

    තමන් විසින් මහ බැංකු බැදුම්කර මගඩිය සිදු කරනු ලැබුවේ රනිල් මහතාගේ උපදෙස් මත බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් කෝප් කමිටුව හමුවේ පැහැදිලිව සාක්‍ෂි දුන් බව කෝප් කමිටුවේ හිටපු සභාපති හිටපු ඇමති ගුණසේකර මහතා පවසයි.

  2. lion says:

    මෙරට පුරවැසි බව ඉල්ලන බොහෝ දෙනාට එය ලබාදීම ප‍්‍රතික්ෂේප කරන වත්මන් ආණ්ඩුව සිංගප්පූරු පුරවැසියකු වන අර්ජුන් මහේන්ද්‍රන් කඩිමුඩියේ රටට ගෙන්වා දවසක් තුළ ඔහුට ලංකාවේ පුරවැසිකම ලබාදුන්නා. පුරවැසිකම පමණක් නොව ලංකාවේ මූල්‍ය පාලනයේ හදවත ලෙස සලකන මහබැංකු අධිපතිකමත් ලබාදුන්නා. අර්ජුන් මහේන්ද්‍රන් ගැන මුලින්ම අහන්න ලැබුණේ ඒ විදියට.

  3. saradieal says:

    අර්ජුන් මහේන්ද්‍රන් දැන් ඉන්නෙ ” මීයා අල්ලපු පූසා වගේ ”…හොරකම් කළ මුදල් නැවත අය කර ගත යුතුයි.

  4. love nature says:

    මහේන්ද්‍රන් ලංකාවේ ද පුරවැසියකු වී නම් ඔහු ද්විත්ව පුරවැසියකු බවට පත්විය යුතු ය. එනම් ඔහු ලංකාවේ ද සිංගප්පූරුවේ ද පුරවැසියකු විය යුතු ය. එහෙත් විකිපීඩියාහි සඳහන් වන අයුරෙන් නම් සිංගප්පුරු පුරවැසියකුට ද්විත්ව පුරවැසියකු විය නො හැකි ය. සිංගප්පූරුවේ පුරවැසියකු වෙනත් රටක පුරවැසිභාවය ලබන්නේ නම් ඔහු සිංගප්පූරු පුරවැසිභාවය අත්හළ යුතු ය. එමෙන් ම වෙනත් රටක පුරවැසියකු සිංගප්පූරුවේ පුරවැසියකු වන්නේ නම් ඔහු ඒ අනෙක් රටෙහි පුරවැසිභාවය අත්හළ යුතු ය. විකිපීඩියාව ඇතැම් අවස්ථාවල නිවැරදි නොවන බව ද අපි දනිමු.

    අපට ප්‍රශ්නය වනුයේ අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු පුරවැසිභාවය අත්හැරියේ ද යන්න ය. එසේ අත්නොහැර ඔහුට ලංකාවේ පුරවැසියකු විය නො හැකි ය. ඔහු සිංගප්පුරු පුරවැසිභාවය අත්හළ බවට ආණ්්ඩුවට සහතික විය හැකි ද? එමෙන් ම අර්ජුන් මහේන්ද්‍රන්ට ලංකාවේ පුරවැසිභාවය දුන්නේ නම් සිංගප්පූරුව ඒ බව නො දන්නේ ද? අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවට තමාගේ ලාංකික පූරවැසිභාවය ගැන නො දැන්නුවේ ද?

    මහා බැංකු වංචා පරීක්‍ෂණයට පෙර ආණ්ඩුව මේ සම්බන්ධ කරුණු පැහැදිලි කළ යුතු ය. අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවේ පුරවැසියකු නොවී මහා බැංකුවේ අධිපති ලෙස පත්කරනු ලැබුවේ ද? මහා බැංකුවේ ප්‍රථම අධිපති වූයේ සුද්දෙකි. ඔහුගේ පූරවැසිභාවය පිළිබඳ ප්‍රශ්න පැන නොනගින්නට ඇත. එකල ද තිබුණේ එ ජා ප ආණ්ඩුවකි

  5. චන්දා says:

    අනේ කුහුබුවනේ තොපටත් රජෙක් ඉන්නේ. මේකා මොන නොසන්ඩාලයෙක්ද? හිටන්.

  6. sira says:

    Madhi ethi,

  7. Champa says:

    Mr. President, you should terminate this appointment, forthwith.

    At a time you have decided to appoint a Special Presidential Commission to investigate Mega Central Bank Fraud, the former Central Bank Governor, who is directly involved in the fraud, being employed there as a Consultant is unethical and unlawful.

    This man has felonious talents to engage in fraud. There were news reports that before he left the Central Bank he had deleted all back-up files pertaining to Bond auctions. Therefore terminating his present position in the Central Bank is a must.

    • Alapaluw says:

      Dear Champa
      If you really wont to insist or command something to this Idiot (Sorry to use this word but nothing I have more than suitable vocabulary in my words) So I think you must write in English as he doesn’t read much English articles or comments. Sinhaleseeee pleaseeee. than he should understand properly what doesn’t mean!!!

      • Champa says:

        This is my way to encourage him to learn English. In fact, the President is a fast learner. He learnt his lessons faster than any other leader.

        His ability to take decisions super-fast has surprised even someone like me. He works really fast.

        I am amazed at his decision to extend the Wilpattu boundary and his decision to combating drought through early preparedness, something totally new to our country.

        I am fascinated by this “new you”, Mr. President.

    • leel says:

      චම්පා…….මිස්ට ප්‍රසිඩන්ට ලියනකොට සින්හලෙන් ලියපන්….නැත්නම් මිස්ට ප්‍රසිඩන්ට් කියයි පත්තරෙනුත් දැක්කෙ නැ කියල හිටන්…….

  8. siva says:

    බැදුම්කර මගඩි චූදිතයා අර්ජුන් මහේන්ද්‍රන් නැවතත් මහ බැංකුවේ උපදේශක ධුරයකට..
    ටො‌යියනේ ක්‍රෝ‌ටන් කො‌ස් කො‌ල නෙවී 62 ලක්ෂයක් තො‌පි තන කො‌ල කාලා අතුරැපසට කනේරැ ඇ‌ටත් එක්ක සීනි කාපිය තුක් විතරක්

    • Alapaluwa says:

      Siva මුන්ට අතරුපසට කණේරු ඇට නොවේ දෙන්න ඕනේ අත්තන අට සමග කහභිලියා පත අට එකට සිඳවා රතු සිනි සමග.

  9. Purawasiya says:

    Pambayekuta oka kiyala wedak neha. Ranil sir tharahaa weine hitan.

Main News