බැදුම්කර මගඩි සමාගමේ නීතීඥයා ඉල්ලා අස්වෙයි.. බැදුම්කර හොරු තමන්ගේ නීතීඥයිටත් බොරු කරලා..

September 5, 2017 at 12:00 pm | lanka C news
බැදුම්කර මගඩි සමාගමේ නීතීඥයා ඉල්ලා අස්වෙයි.. බැදුම්කර හොරු තමන්ගේ නීතීඥයිටත් බොරු කරලා..

බැදුම්කර කොමිසම හමුවේ තමන් තව දුරටත් පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් පෙනී නොසිටීමට අදහස් කරන බවත් ඒ පිලිබදව තව දුරටත් කල්පනා කර ඉදිරියේදී තීන්දුව කොමිසමට දන්වන බව ජනාධිපති නීතිඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා විසින් ඊයේ ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේය.

ප්‍රශ්ණගත බැඳුම්කර නිකුතුව ගැන වූ සියලු සත්‍ය තොරතුරු ලබා නොදීම නිසා තමන් මෙම තීරණයට එළැඹු බවද ඔහු කියා සිටියේ පර්පචුවල් ට්‍රෙෂරීස්හි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් සිටියදී විකෘති දත්ත ඇතුළත් කර සත්‍ය දත්ත මකා සකස් කළ සංයුක්ත තැටියක් කොමිසමට බාරදුන්නේ යයි හෙළිදරව් වූ අවස්ථාවේදීය.

අර්ජුන් අලෝසියස් හා කසුන් පලිසේනගේ දැනුම් දීම මත ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවට අදාල කාල සීමාවේදී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලැබුණු හා ලබාගත් දුරකථන ඇමතුම් දත්ත සියයකට අධික ප්‍රමාණයක් මකා දැමුවේ යයි සමාගමේ තොරතුරු තාක්‍ෂණ විධායක සචින් මධුශංක කොමිසමට දැනුම්දීමත් සමග මෙම තත්වය උදා වී ඇත.

40 views