බැදුම්කර මගෝඩියාගේ SMS වලින් හෙලි වූ රවි නොදන්න Hon MP RK කවුදැයි හෙලි වෙයි..

August 4, 2017 at 2:10 pm | lanka C news
බැදුම්කර මගෝඩියාගේ  SMS වලින් හෙලි වූ රවි නොදන්න Hon MP RK කවුදැයි හෙලි වෙයි..

ඒකාබද්ද විපක්‍ෂය විසින් කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

බ්‍රහස්පතින්දා අපේ මාධ්‍ය හමුවේ අරමුණ බදාදා දින ආණ්ඩුවේ මාධ්‍ය හමුවේ කියන බොරු වලට පිළිතුරු දීමයි. නමුත් ඊට ප්‍රථම ඊයේ දිනයේ ප්‍රමුඛ පුවත වුන රවි කරුණානායක ඇමතිතුමා ගැන කතා නොකොළොත් එතුමා මාත් එක්ක අමනාප වෙනවා මෙච්චර ජන්ජාලයක් කරලත් මා ගැන වචනයක්වත් කතා කළේ නෑ කියලා. රවි කරුණානායක ඇමතිතුමා කොමිසමට කියනවා අර්ජුන් ඇලෝසියස්ගේ ජංගම දුරකතනයේ Hon Ravik hon mp RK යනුවෙන් සඳහන් වෙන්නේ කවුරුදැයි මම දන්නේ නෑ කියලා එතුමා නොදන්නවා වුණාට අපි නම් දන්නවා ඒ වෙන කවුරුවත් නෙවෙයි රවි කරුණානායකම තමයි. පාර්ලිමේන්තුවේ ඉන්න 225 මන්ත්‍රිවරුන්ගේ නම් මම පරික්ෂා කරලා බැලුවා. ඒ නිසා වගකීමෙන් කියනවා මුල් නම රවි වන වාසගම කේ අකුරෙන් පටන් ගන්න රවි කරුණානායක මැතිතුමා පමණයි. එතුමට ඒක බලන්න වේලාවක් තිබුණෙ නැති හින්දයි එහෙම ප්‍රකාශයක් කළේ ඒ නිසා අපි දන්න රවි කරුණානායක මැතිතුමාට කියනවා අපහු ඒවගේ ප්‍රකාශ කරන්න එපා මොකද 225ටම රවි කේ ලා ඉන්නේ ඔබ පමණමයි. Hon MP කිව්වම MP කියන්නේ Member of Parliament ඔය 225 හැරෙන්න වෙන තැනක ඕක හොයලා වැඩක් නෑ. ඒ 225 නම් මුල් නම රවි වන වාසගම කේ අකුරෙන් පටන් ගන්න වෙන කිසිවෙක් නැත මේ ගරු රවි කරුණානායක ඇමතිතුමාගේ අවදානය පිණිසයි.

එතුමා එතකොට තොත්ත බබා හැමදේම මම දන්නේ නෑ මට මතක නෑ. මේ රෝගය හොද කරගන්නේ නැතුව තවදුරටත් විදේශ ආමත්‍යධුරය දැරීමෙන් අපේ රට අර්බුදයකට ලක්වෙනවා. ජාත්‍යන්තර සමුළුවක විදේශ ඇමතිවරයා විදිහට වාඩිවෙලා ඉන්න කොට එතුමාගෙන් ඇහුවොත් ඔබ නියෝජනය කරන රට මොකක්ද කියලා මට මතක නෑ කිව්වොත් මලකෙලියක්නේ වෙන්නේ. එතුමා අමතකවෙන නිසා බැරි වෙලාවත් කිව්වොත් මම නියෝජනය කරන්නේ ඇමරිකාව හරි ප්‍රංශය හරි කියලා එතුමා ආස ඇතිනේ ගති ගුණ අනුවත් ඒ රට නියෝජනය කරන්න. එක රටකින් විදේශ ඇමතිවරු දෙදෙනෙක් සමුළුවට ඇවිල්ලා ඒ නිසා අපි අතිගරු ජනාධිපතිතුමාගෙනුත් අගමැතිතුමාගෙනුත් ඉල්ලා සිටිනවා රවි කරුණානායක ඇමතිතුමා ඩිමෙන්ෂයා තත්වයෙන් මිදෙනකන් එතුමාව කිසිම ජාත්‍යන්තර සමුළුවක් නියෝජනය කරන්න දෙන්න එපා ඒක රට දැවැන්ත අවදානමකට ලක් කිරීමක්.

ඒ වගේ එතුමා සඳහන් කරනවා පක්ෂ 1450ක් ගෙවා බිරිද සහ දියණිය මිලට ගත් සුපිරි නිවාසයේ ජිවත් වුනත් එතුමා දන්නේ නෑ බිරිද සහ දියණිය එය මිලදී ගත් බව ඊට කලින් කුලියට ගද්දි කුලිය ගෙව්වේ ඇලෝසියස්ය. දන්නවා නම් මම ඔය ගෙදර ඉන්නෙත් නෑ කියලා කියනවා. සෑම අමාත්‍යවරයෙක්ම ජුනි මාසයේ 30වෙනිදාට කලින් ඊට කලින් වසරේ වත්කම් බැරකම් ප්‍රකාශයක් ජනාධිපතිවරයාට භාර දිය යුතුයි. මේ වත්කම් බැරකම් ප්‍රකාශය තුළ තමන්ගේ පමණක් නොව තම බිරිදගේ සහ අවිවාහක ළමුන්ගේ ද වත්කම් සඳහන් කළ යුතුයි. ඒක නිසා එතුමාට බෑ බිරිද ගත්ත නිසා සොයා බැලුවේ නෑ කියලා කියන්න බෑ. මොකද එතුමා තම බිරිදගේ සහ අවිවාහක ළමුන්ගේ ද වත්කම් වාර්ෂිකව ආණ්ඩුවට ඉදිරිපත් කරන්න නීතියෙන් බැදිලා ඉන්නවා. ඔය කියන විදිහට ඇමතිතුමා සොයා බැලුවේ නැතිනම් 2017 මාර්තු 31 දිනට සහ 2016 මාර්තු 31 දිනට ලබා දුන්න වත්කම් බැරකම් ප්‍රකාශ අසත්‍යයිද? අපි දැක්කා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වත්කම් බැරකම් ප්‍රකාශ දුන්නේ නැත. ඒවායේ තොරතුරු අසත්‍යයි කියලා අල්ලස් හා දුෂණ කොමිසමෙන් නඩු දාලා තියෙනවා. මෙන්න අල්ලස් හා දුෂණ කොමිසමේ අධ්‍යක්ෂකතුමනි මේ කාරණය ඔබේ අවධානය පිණිසයි.

රවි කරුණානායක අමත්‍යවරයාට එරෙහිව විස්වාසභංගය ගැන සඳහන් කරමින් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිතුමා සඳහන් කරනවා විස්වාසභංග යෝජනාවක් ආවොත් අපිට ක්‍රම දෙකක් තියෙනවා ඡන්දය දෙන්න පළමු ක්‍රමය තමයි පක්ෂයේ විදිහට තින්දුවක් අනුව පක්ෂයේ තින්දුව අනුව මන්ත්‍රීවරුන්ට ඡන්දය දෙන්න දැනුම් දීම. දෙවැනි එක මන්ත්‍රීවරුන්ගේ හෘදසාක්ෂියට අනුව ඡන්දය දීමට සැලැස්ස වීම. අපි ආණ්ඩුවට අභියෝග කරනවා පුළුවන් නම් හෘදසාක්ෂියට අනුව ඡන්දය දෙන්න මන්ත්‍රීවරුන්ට ඉඩ දෙන්න. හොරෙක් රකින්න ගිහින් තමන් අමාරුවේ වැටෙන්න මේ ආණ්ඩුවේ සාතිශය බහුතරය කැමති නෑ. මා සමග පෞද්ගලිකව කැබිනට් එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයෙක් නියෝජ්‍ය ඇමතිවරයෙක් සහ මන්ත්‍රීවරු තිදෙනෙක් කියලා තියෙනවා රවි කරුණානායක අමත්‍යවරයාට එරෙහිව විස්වාසභංග යෝජනාවක් ගෙනවා නම් අපි පක්ෂව ඡන්දය දෙන්න සුදානම් කියලා. තවත් කෙනෙක් කිව්වා පක්ෂව ඡන්දය දෙන්න නම් බෑ. නමුත් අපේ මිනිහා රකින්න එදාට එන්නේ නෑ කියලා. මේක තමයි එජාපයේ මේ වන විට තියෙන තිත්ත ඇත්ත. රවි කරුණානායක අමත්‍යවරයාට එරෙහිව විස්වාසභංග යෝජනාව ගෙනාවාම හෘදසාක්ෂියට අනුව ඡන්දය දෙන්න මන්ත්‍රීවරුන්ට ඉඩ දෙන්න ඉතුරු ටික අපි බලා ගන්නම්.

– අරවින්ද අතුකෝරල

125 views

9 Comments to “බැදුම්කර මගෝඩියාගේ SMS වලින් හෙලි වූ රවි නොදන්න Hon MP RK කවුදැයි හෙලි වෙයි..”

  1. saman says:

    ayi oyalage anduweth ehema kenek hitiya neda. e rogaya thamai ravita hedila thiyenne. mama danne ne. mata mathaka ne.

    • Kamal says:

      Asia’s best finance minister can’t remember where he slept, with whom he slept!

      Is he suffering from Alzheimer’s disease?

  2. parakum says:

    Please tender your resignation like a gentleman and go peacefully.

  3. Gobila says:

    Ravi yana patta chater…. eetwa wada uba chatter..me wage apathayek dakkamai..

  4. Critic says:

    Don’t worry RK,Tender your resignation,MR will safeguard you as earlier if he comes to power again.

  5. nawa says:

    මේ පරයාගේ මුණ දාන්නේ නැතිව news දාන්න ක්‍රමයක් නැත්ද? Please

  6. Ruvan says:

    රවී නිසා දෙමුට්ටුවේ මුක පුට්ටුවේ!

  7. අනාථ ජනයා says:

    රවිගේ බබා කතා පිලිගන්න ඒ වගේම බබාලා වෙන්න ඇති ඔය කොමිෂන් එකේ ඉන්නෙත්, නැතිනම් මේ කියන කතාම ඇති මනුෂ්‍ය බුද්දියට අපහාස කරන්නම. හෝඩියේ පන්තියෙ ලමයෙක් වරද කල පසු ගුරුවරුන්ට නිදහසට කියන්නෙත් මෙහෙම කතා තමයි. අනේ මෙහෙවු රටක්

  8. kumara says:

    මේ විදිහට රවීට අමතක උනා කියලා අදිකරනයේ පුරකාශ කරනවානම් රජයේ කිසිම වගකීමක් දැරීමට සුදුසු නැත නීති මගින් මොහු දරන තනතුරැ වලින් පහකර දැමිය හැකි කුරමයක් තිබිය යුතුය්

Main News