බැදුම්කර මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන ලංකාවට කුදලාගෙන එන්න යයි..
November 9, 2018 at 2:10 pm | lanka C news
මහ බැංකු වංචාව පිළිබඳව සැක කාලයක් තිස්සේ පොලිසියට කට්ටි පනිමින් සිටි හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඉදිරි දින කිහිපය ඇතුළත අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැුගෙන ඒමට බොහෝ දුරට ඉඩ තිබෙන බව පොලිසියේ ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අනාවරණය විය.
අර්ජුන මහේන්ද්‍රන් පිළිබඳව ජාත්‍යන්තර මට්ටමෙන් සියලුම ගුවන්තොටුපළවලට දැනුම්දීම නිසා ඔහුට රටින් රටට පැන යැමට නොහැකි අයුරින් ආරක්ෂක කටයුතු පුළුල් කර ඇති අතර අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමේ වගකීම ජාත්‍යන්තර පොලිසිය භාරගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග හෙළි කළේය.
“අර්ජුන මහේන්ද්‍රන් කොහේ හිටියත් අල්ලනවා” යෑයි ජාත්‍යන්තර පොලිසිය ශ්‍රී ලංකා පොලිසියට දැනුම් දී ඇත.
ජාත්‍යන්තර පොලිසිය අර්ජුන මහේන්ද්‍රන් වෙනුවෙන් රතු නිවේදන ද නිකුත් කර ඇති අතර ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී හෙතෙම කියා සිටියේ අර්ජුන මහේන්ද්‍රන් ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගන්නා බවයි.
– divaina
Kiyana widiyata karai da waiting
ඔය විදියටම මස්සිනාවත් (ජාලිය වික්‍රමතුංග) අල්ලන් එන්නකො ආයුබොවන්.
This is very good. But I think this news item is not correct. You can check Interpol red list but he is not listed!
who has done more damage to our economy and people whether Jaliya and udayange or Arjuna Mahendran and Ranil ,malik and ravi team .People who are writing to this forum at least think about these and write rather than wearing a green glass and allowing these politicians to do everything detrimental to our country in the name of unp or slfp or jvp.By now sinhalese at least get rid of party politics and concentrate on country first politics.All europeans are thinking about their country first all ways that is why they have very strong immigration rules and everyone follows it wholeheartedly.