බැදුම්කර මාමාගේ තවත් මගඩියක් හෙලිවේ.. රාජදෙ‍්‍රා්හී චෝදනාවෙන් හිරබත් කන්න වෙයි..

December 1, 2018 at 3:50 pm | lanka C news
බැදුම්කර මාමාගේ තවත් මගඩියක් හෙලිවේ.. රාජදෙ‍්‍රා්හී චෝදනාවෙන් හිරබත් කන්න වෙයි..

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරය දැරූ සමයේ කිසිදු බදු ගෙවීමකින් සහ පරීක්‍ෂාවකින් තොරව කන්ටේනර් රැුසක් වන්නියේ කොටි අඩවියට ගෙන ගොස් ඇත.

මේ බවට තොරතුරු වන්නි මෙහෙයුම අවසන් වීමෙන් පසු හෙළිවුවත් ඊට අදාළ පරීක්‍ෂණ යටපත් වී තිබේ.

නෝර්වේ රජය විසින් ලබාදුන් ගුවන්විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය ඇතුළත් කන්ටේනරයටද බදු ගෙවා නැති බව රේගුව සොයාගෙන තිබුණි.

මේ කන්ටේනරයද වන්නියට ගෙන ගොස්‌ ඇත්තේ කිසිම හමුදා විමර්ශනයකින් තොරවය.

කොටි සංවිධානයට වාසිදායක ලෙස අර්ජුන මහේන්ද්‍රන්ගේ පියා වූ හිටපු තානාපති චාලි මහේන්ද්‍රන් කළ ප්‍රකාශයක්‌ ගැන වසර කිහිපයකට පෙර අනාවරණය විය.

– divaina

30,744 Viewers

6 Comments to “බැදුම්කර මාමාගේ තවත් මගඩියක් හෙලිවේ.. රාජදෙ‍්‍රා්හී චෝදනාවෙන් හිරබත් කන්න වෙයි..”

  1. Namal says:

    එහෙව් එකාව පත් කල මෛත්‍රී නියම බඩුවකි…

  2. Sara says:

    පිස්සු දොඩවන්නෙ නැතිව ඌව ගෙනාපන්කෝ. රනිලය අපිව රවටල 2015 මයිත්‍රීට චන්දෙ අරන් කරපුවා දැන් කන්න අමාරුයිනේ නේද. රනිලයයි ඌවයි එක සමනල හිර කූඩුවෙ තමයි.

  3. චාලි බාප්පද? උඩින් මිතුරු යටින් කතුරු ගිනි පුපුරු සල්ලි තියේනම්? says:

    චාලි බාප්පද? බැදුම්කර මාමගේ අප්පච්ච්චි නේ?උඩින් හැකුරු යටින් කතුරු ගිනි පුපුරු සල්ලි තියේනම්?

  4. Prasanna says:

    ඇයි දන්නේ නැහැ ඒ කාලෙ මෙව්වා හොයා ගන්න බැරි උනෙ

  5. Kumara says:

    This has happened in 2002-2004 period. What did MR and GR did for this in the 10 year period they were in power. All politicians are scratching each others back.

Main News