බැදුම්කර මාමා මගඩියට මුල සිටම සූදානමින් ඇවිත්.. රටම අන්දලා දුන්න සිංගප්පූරුවේ ලිපිනයත් බොරු.. නොතීසි දෙන්න තැනක් නෑ..

February 28, 2018 at 8:40 am | lanka C news
බැදුම්කර මාමා මගඩියට මුල සිටම සූදානමින් ඇවිත්.. රටම අන්දලා දුන්න සිංගප්පූරුවේ ලිපිනයත් බොරු.. නොතීසි දෙන්න තැනක් නෑ..

මහ බැංකු බැදුම්කරඑ මගඩිය සම්බන්දයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන් විසින් මෙරටට ලබා දී තිබු සිංගප්පූරු ලිපිනයේ වාසය නොකරන බව වාර්තා වී ඇත.

අධිකරණය විසින් ඔහුට නිකුත් කරන ලද නොතීසි බාර දීමට නොහැකි බව ජාත්‍යන්තර තැපැල් සේවා ආයතනයක් විසින් ශ‍්‍රී ලංකාවට දන්වා තිබේ.

මේ තත්වය මත බැදුම්කර මගඩිය සදහා හිටපු මහ බැංකු අධිපතිවරයා මුල සිටම සූදානම් වී එන්නට ඇති බවට වන සැකය ඉහල යන බව ඒ සම්බන්ධයෙන් කටයුතු කරන නීතිවේදීන්ගේ මතය වී ඇත.

හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරටට ගෙන ඒම සදහා වන විකල්ප ක‍්‍රියාමාර්ග හෝ ජාත්‍යන්ත රතු වරෙන්තු නිකුත් කිරීමක් සිදු වනු ඇති බවද ඔවුන් විශ්වාසය පල කරයි.

6 views

12 Comments to “බැදුම්කර මාමා මගඩියට මුල සිටම සූදානමින් ඇවිත්.. රටම අන්දලා දුන්න සිංගප්පූරුවේ ලිපිනයත් බොරු.. නොතීසි දෙන්න තැනක් නෑ..”

  1. සුදා says:

    එතකොට එහෙවු එකා මට විශ්වාසයි කියල මම ඇප වෙනවා කියල ගෙනාපු එකා තාමත් රටේ අගමැති .මේ රටේ විදායක ජනාදිපතියා නිදිද ?කොන්දක් නැද්ද ? බයද ?හීනෙන් බය වෙනවද ?මතක් වෙනකොට බඩ යනවද ? අල්ලපන්කෝ මිනිහෝ අගමැතිව අල්ලලා කුඩුවේ දාපන්කෝ .
    අස්වෙයන්කෝ අගමැතියෝ කතාවනම් තරු පහේ ප්‍රජාතන්ත්රවාදේ හැබැයි බලයේ ඉන්නේ ඉඩි අමින් වගේ

  2. සිංහල බන්ඩා says:

    රනිල පල් හොරෙක් බව අපි මුල සිටම කිව්වා. නමුත් ‘ඩේලි මිරර්’ ‘ලංකාදීප’ කොමෙන්ට් ලියන බහුතරය බලන්න. උන් කැපුවත් කොල. උන්ට අදත් රනිල සහ ගැන් එක මිස්ටර් ක්ලීන්ලා. මෙහෙමත් වහල්ලු අද ලෝකෙ ඉන්නවනෙ. අම්මපා!

  3. බුද්ධදාස says:

    මහජනතාව, කිසිදාක නොදත් විදේශිකයෙකුට මහා බැංකු අධිපතිකම.
    ඌව ගෙන්වන්නේ රටේ අගමැතිගේ තනි කැමැත්තට.
    ඌ ආව ගමන් මහා බැංකුව හොරා කාල ධනය හොර කල්ලිය අතර බෙදනවා.
    එත් අගමැති නිර්දෝශීයි.
    අගමැතිට පොලීසියත් අයත් නීතිය හා සාමය අමාත්‍යාංශයත් බාර දෙනවා.

    එත්, බඩනින්නේ ඉන්න බැරිකමට අල්ලපු වත්තෙන් පොල් ගෙඩියක් අහින්දොත් කොඳු කඩල රිමාන්ඩ් කරලා දහඅට මාසයක් හිර ගෙට. “ඔව්, ඔව්, ඔව් මගේ හැටි එහෙම තමයි – කෝරලේ මහත්තයා, මුවන්පැලැස්ස”

    බිලියන ගණන් හොරාකාල, මහා ජනතාව ඒවාට ට්‍රිලියන ගණන්වලින් වන්දි ගෙවනවා. ලෙඩට බේත් ගන්න නැතුව (වකුගඩු ආදී) ජනතාව මියයනවා. ඒවටත් හේතුව මුන් නොගැලපෙන කෘෂි රසායන ගෙන්වන්නට දීම.

    තවත් ලජ්ජා නැතිව ඡන්දයත් ඉල්ලනවා, ඔක්කොම අමතක කරල අපිත් දෙනව.
    ආයෙත් පුරුදු හොරකම……!!!

    අසරණ අපි, මහජනතාව!
    අනේ කාලේ වනේ වාසේ!

  4. Gayantha says:

    Ranila neda okawa recommend karala deweni saireth dunne. Uwa harinan aluthalata danna ona

  5. Ranjan says:

    දැන් මුගෙන් වැඩක් නැහැ අපේ රටේ ඔය තනතුරට එකෙක් නැද්ද පිට එකෙක් පත් කලේ රනිල් නම් වහාම අත්අඩංගුවට ගතයුතුයි.

  6. Ratawesiya says:

    Janadipathita kiyanawata wadaa prathipala balaporoththu wenna thibuna beeri alinta weena waadanaya kalaanam.

  7. daminda says:

    horakamata baya nathi apae agamathi…………..

  8. Ratawesiya says:

    Me thani miniha janadipathi , agamathi rawattala witharak nemei lankawe janathaawata wholesale ariya. Wagakeema ganna eka haalpaaruwekwath naha.

Main News