බැදුම්කර වංචාවට අගමැති ඉල්ලා අස්විය යුතුයි.. නැතොත් ජනාධිපති විසින් ධුරයෙන් නෙරපිය යුතුයි..

January 15, 2018 at 12:40 pm | lanka C news
බැදුම්කර වංචාවට අගමැති ඉල්ලා අස්විය යුතුයි.. නැතොත් ජනාධිපති විසින් ධුරයෙන් නෙරපිය යුතුයි..

මහ බැංකු බැදුමිකර නිකුතුෙවිදී සිදුවු වංචාව සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය වරයා එම තනතුරෙන් ඉල්ලා අස් නොවුන හොත් හෝ ජනාධිපති වරයා සිය ව්‍යවස්ථාපිත බලතල අනුව දුෂිත අග‍්‍රාමාත්‍ය වරයා ඉවත් කල යුතු බව එක්සත් ජාතික නිදහස් පෙරමුණ පවසයි

මේ බව සදහන් කරමින් එම පක්‍ෂය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය

බැදුම්කරයේ මහ මොළකරුට යන්න බල කරමු

වර්ථමාන ආණ්ඩුව බලය ලබා ගැනීෙමිදී ප‍්‍රධානම තේමාව බවට පත්කර ගත්තේ හොරකම, වංචාව සහ දුෂණය පිටුදැකීමයි. එහෙත් බලයට පත්වී මාස තුනක් යන්නටත් ප‍්‍රථම සිදුකළ බැදුම්කර වංචාව, ලබාදුන් ජනවරමට අමු අමුෙවි පයින් ගැසීමකි. 2015 ජනවාරි 08 ජනතා බලාපොරොත්තු මහබැංකු බැදුම්කර වංචාවත් සමගම සුනුවිසුණු වී ඇත. ශී‍්‍ර ලංකාෙවි එදා මෙදා තුර සිදුවු විශාලතම මහජන මුදල් මංකොල්ලය මහබැංකු බැදුම්කර නිකුතුෙවිදී සිදුවු වංචාව බව නොරහසකි.

ජනාධිපති වරයා විසින් පත්කල බැදුම්කර නිකුතුවට සමිබන්ධ විශේෂ කොමිෂෙමි වාර්තාව අනුව ජනාධිපති වරයාගේ විශේෂ ප‍්‍රකාශයෙන් හෙළිවන්නේ පර්පචුවල් ටෙ‍්‍රෂරිස් සමාගම විසින් උපයාගෙන ඇති අයුතු ලාභය රුපියල් මිලියන 11,145 කට වැඩි බවයි. 2015 ජනවාරි 08 රුපියල් 134 ක් වු ඇමරිකානු ඩොලරයක වටිනාකම අද වන විට රුපියල් 155 ක් දක්වා වැඩිවීීම පසුපස බැදුම්කර වංචාෙවි බලපෑමක් ඇත. ඒ මගින් විදේශ ණය සදහා ගෙවීෙමිදී එක් ඩොලරයකට රුපියල් 21 බැගින් වැඩිපුර ගෙවීමට මෙරට පුරවැසියන් වන ඔබට අද සිදුව ඇත.

ජනාධිපති කොමිෂන් වාර්තාව එළිදකින්නට පෙර මහබැංකු අධිපතිවරයා ලෙස අග‍්‍රාමාත්‍ය වරයාගේ සමීප මිත‍්‍රයෙකු වන සිංගප්පුරු පුරවැසි අර්ජුන මහේන්ද‍්‍රන් පත් නොකරන ලෙස මෙරට පුරවැසි නායකයින් සහ සංවිධාන කළ ඉල්ලීම ගනනකටවත් නොගත් අග‍්‍රාමාත්‍ය වරයා හා කණ්ඩායම අධිපති වරයාව දිගින් දිගටම ආරක්‍ෂා කිරීෙමි ප‍්‍රතිපත්තියක නියැලිනි. එමෙන්ම බැදුමිකර නිකුතුෙවීදී අධිපති වරයාගේ බෑනාගේ සමාගම වන පර්පචුවල් ටෙ‍්‍රෂරිස් සමාගමට අයුතු ලාභයක් උපයාදීමට අධිපති වරයා කටයුතු කල බව මුල් අවස්ථාෙවිදීම හෙලිවු විට අධිපති වරයාට එරෙහිව කිසිදු කි‍්‍රයාමාර්ගයක් නොගන්නා විෂයභාර අමාත්‍යවරයා වන අග‍්‍රාමාත්‍ය වරයා 2015 මාර්තු 17 පාර්ලිෙමින්තුෙවිදී මහ බැංකු අධිපති වරයා සමිබන්ධව චරිත සහතික නිකුත් කිරීමටද කටයුතු කලේය. මුල පටන්ම මහා පරිමාන බැදුම්කර වංචාෙවි ප‍්‍රධාන වගකිව යුත්තෙකු වු මහේන්ද‍්‍රන් අධිපතිවරයා ඉවත් නොකිරීමෙන් අගමැතිවරයාගේ ආශීර්වාදය මත එම වංචාව සිදුුවු බව පිළිගැනීමට සිදු ෙවි.

මෙවන් තත්වයන් හමුෙවි අග‍්‍රාමාත්‍ය වරයා ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයෙකුනමි හෝ ආදර්ශමත් රාජතාන්ති‍්‍රකයෙකු නමි කළ යුත්තේ තමන් අන් සෑම දෙයකටම පුර්වාදර්ශයට ගන්නා බටහිර, යුරෝපා සමිප‍්‍රදාය අනුව අදාල විෂය භාර අමාත්‍ය වරයා ලෙස තම ධුරයෙන් ඉල්ලා අස්විමයි.

තම අමාත්‍යංශය යටතේ පාලනය වු මහ බැංකුව මගින් අති දැවැන්ත මුදල් කන්දරාවක් රටට අහිමි වෙද්දී ඒ පිළිබදව ජනතාවගෙන් සමාව ගැනීමට හෝ කටයුතු නොකර ඒ වෙනුවට බාල් නැටිමත්, පාර්ලිෙමින්තුවටත් රටටත් හාස්‍ය ඉපදවිමටත් හෙතෙම කටයුතු කරමින් සිටි. ෙමි මහා පරිමාන වංචාව සමිබන්ධව ප‍්‍රධාන චුදිතයෙකු වන අග‍්‍රාමාත්‍ය වරයා දේශපාලන සදාචාරයට යාන්තමින් හෝ ගරු කරන්නෙකු නමි සිය වගවීම හා වගකීම පැහැරහැර ඇති හෙයින් සිය ධුරයෙන් දින 14 ක කාලයක් තුල ඉල්ලා අස්විිය යුතු බව අප තරයේ අවධාරණය කරමු. බැදුම්කර වංචාව යට ගැසීමට නීතිඥ කමිටු පත් කිරීම, පොත් ලිවීම, විගණකාධිපති වරයාව ආර්ථික විශේෂඥයෙකු නොවන බවට කියමින් අපහසුතාවයට පත් කිරීම ආදිය සම්බන්ධයෙන් එජාප නායකයන් රටෙනුත් ජනතාවගෙනුත් ප‍්‍රසිද්ධියේ සමාව ගත යුතුය.

තොරතුරු දැන ගැනීෙමි අයිතිය අනුව මෙම ජනාධිපති කොමිෂන් වාර්තාව ඔිනෑම ශී‍්‍ර ලාංකික පුරවැසියෙකුට පරිශීලනය කල හැකි පොදු ලියවිල්ලක් ලෙස හෙලි කරන ලෙසද අප ආණ්ඩුවට තරයේ අවධාරණය කර සිටිමු.

මහ බැංකු බැදුමිකර නිකුතුෙවිදී සිදුවු වංචාව සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය වරයා එම තනතුරෙන් ඉල්ලා අස් නොවුන හොත් හෝ ජනාධිපති වරයා සිය ව්‍යවස්ථාපිත බලතල අනුව දුෂිත අග‍්‍රාමාත්‍ය වරයා ඉවත් කල යුතු බව අප තරයේ අවධාරණය කරමු. රෙටි ජනතාවගේ මහජන මුදල් ආරක්‍ෂා කිරීමට බැදුම්කර වංචාවට එරෙහි සෑම පක්‍ෂ, කණ්ඩායම්, නායකයින්, පුරවැසියන් එක් විය යුතු මොහොත එලඹ ඇත. මෙම මහා වංචාව හමුෙවි දනින් වැටි නොසිට දෙපයින් නැගී සිටින ලෙස මෙරට සියළු පුරවැසියන්ගෙන් අප ඉල්ලා සිටිමු.

– එක්සත් ජාතික නිදහස් පෙරමුණ

74 views

9 Comments to “බැදුම්කර වංචාවට අගමැති ඉල්ලා අස්විය යුතුයි.. නැතොත් ජනාධිපති විසින් ධුරයෙන් නෙරපිය යුතුයි..”

  1. YAMAYA says:

    Where is this ” WASALA FLOWER GARDEN – TIBOTTA” ?????????

    • Jonaa'S Brother says:

      එයා වම්බොට්ට යවනවලු නොකියන තැනක, යුඇන්පියට කහින බුරු බෙට්ටා

  2. Dr Lakshman Fernando says:

    Yes, Mr President Kick Him Out. Not need to check his HORESCOPE OR Not need to tell the correct time by ASTROLOGER.

  3. Saman says:

    me pakshayata thiyana guts wath ape wipaksheta nehe.

  4. Aurora says:

    බලාගෙන ඉඳපල්ලා සිරිසේන රනිල්ව ගෙදර යවනකම්. පළමු මහබැංකු වංචාව යටගහන්න පාර්ලිමේන්තුව 2015 දී විසුරුවපු සිරිසේන අදත් හෙටත් කරන්නේ රනිල්ව රකින එකයි. බොරු කියමින් පොහොට්ටුවට වැටෙන චන්ද අඩුකිරීමේ මෙහෙයුමක ඉන්න සිරිසේන සදා රනිල්ව රකිනවා. සිරිසේන අවංක නම් මෙලහකටත් මහබැංකු කොමිසම් වාර්තාව පාර්ලිමේන්තුවට දාල. ඒ නිසා රනිල්ව සිරිසේන ගෙදර යවන්නේ හෝ වෙනත් නීත්‍යනුකුල ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත. කරන්නේ කොහේ හරි දුර පළාතක රැස්වීමක කට මැත දොඩවල චන්ද ටිකක් අතට එකතුකරගන්න උත්සාහා කරන එකයි. පෙබරවාරි 10 ඒක ඉවරයි.

  5. Open mind says:

    මහා බලගතු පක්ෂයක් වගේ .News නැතුව ට හොඳ යි.

  6. සාධාරණ මිනිසා says:

    හරි ප්‍රබල පක්ශයකින් කරන ඉල්ලීමක් නිසා කොහොම හරි මේ දේ කරන්න.නැත්නම් ජනාධිපති ඉවත් කරන්න වුනත් මේ පක්ශයට පුලුවන්

  7. පින් පොන් නෝනා says:

    අග‍්‍රාමාත්‍ය වරයා ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයෙකු හෝ ආදර්ශමත් රාජතාන්ති‍්‍රකයෙකු නොවේ. බල කාමයෙන් අන්ධ වූ ගෝත්‍රිකයෙකි. මං කෑ ගැහුවා ඔයාලත් කෑ ගහන්න. මං ඉරා ගත්තම ඔයාලත් ඉරා ගන්න. මං ලෙවකන කොට ඔයාලත් ලෙව කන්න.

  8. D.Nimal says:

    We are strongly demand that UNP leader and Primer Ranil Wicks should resign as soon as possible.
    Nation cannot move single step without Primer leave position of Premiership?
    This is main aspiration of majority consent of democratic loving People of Sri Lankan.

Main News