බැදුම්කර වංචාවට අගමැති රනිල් අත්අඩංගුව ගන්නැයි කියයි..

March 27, 2019 at 10:00 am | lanka C news
බැදුම්කර වංචාවට අගමැති රනිල් අත්අඩංගුව ගන්නැයි කියයි..

ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වහා අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ බැඳුම්කර වංචනිකව නිකුත් කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ සෘජුව බලපෑම් කර ඇතැයි පරීක්ෂණවලදී හෙළි දරව් වී ඇති බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා අධිකරණයට ඔහුගේ නීතිඥයා මගින් සඳහන් කර ඇත්තේ තමන් කටයුතු කෙලේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් උපදෙස් මත බවත් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් කටයුතු කර ඇත්තේ අගමැතිගේ උපදෙස් පරිදි බව මේ වන විට පරීක්ෂණයෙන් තහවුරු ඇතැයිද මන්ත‍්‍රවරයා පැවසීය.

රවී කරුණානායක ඇමතිවරයා ට නිවසක් ලබාදීමට ද අර්ජුන් ඇලෝසියස් කටයුතු කර ඇති බව තහවුරු වී ඇති නිසා අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇමති රවී කරුණානායක ඇතුළු මීට සම්බන්ධ සියලු දේශපාලඥයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද කියා සිටී.

ආසියාවේ සිදුවූ බරපතල මුල්‍ය වංචාව වන මෙය විශේෂ මහාධිකරණයට යොමු කළ යුතු බවත් ඔහු සදහන් කලේය.

83 views
Main News