බැදුම්කර වංචාවට මහින්දගේ නමත් පැටලෙයි.. ගැසට් පත‍්‍රයේ මහින්දගේ අත්සන, නම..

February 24, 2017 at 3:00 pm | lanka C news
බැදුම්කර වංචාවට මහින්දගේ නමත් පැටලෙයි.. ගැසට් පත‍්‍රයේ මහින්දගේ අත්සන, නම..

ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම්වලට අදාළව 2015 ජනවාරි 01 දිනැතිව නිකුත්ව ඇතැයි කියන අතිවිශේෂ ගැසට්‌ පත්‍රය ගැන ඇතිවූ මතභේදාත්මක තත්ත්වය නිසා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංග මහතාගෙන් සාක්‍ෂි විමසීම නවත්වා කොමිසමේ වැඩ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව පරීක්‍ෂා කරන ජනාධිපති කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා නියම කළේය.

2015 ජනවාරි 01 දිනැතිව නිකුත්ව ඇති අංක 1895/19 දරණ අතිවිශේෂ ගැසට්‌ පත්‍රය මුද්‍රණය කළ දිනය සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වය නිසා ඒ ගැන වහාම රජයේ මුද්‍රණාලයාධිපතිවරයාගෙන් ප්‍රකාශයක්‌ සටහන් කරගත යුතු බවට කොමිසම නියෝග කරන බවද එම ප්‍රකාශය ලබා ගැනීමෙන් පසු ඉදිරි සාක්‍ෂි ලබා ගැනීමට නියම කරන බවද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා කියා සිටියේය.

2015 ජනවාරි 01 දිනය සහිතව නිකුත්ව ඇති එම ගැසට්‌ පත්‍රය මුද්‍රණය කළේ කවර දිනයකද යන්න කොමිසම තහවුරු කරගත යුතු බවද සභාපති විනිසුරු චිත්‍රසිරි මහතා කියා සිටියේය.

එම ගැසට්‌ පත්‍රය අත්සන් කළ බවට හිටපු මුදල් හා ක්‍රමසම්පාදන ඇමැති මහින්ද රාජපක්‌ෂ මහතාගේ නම සඳහන් වන බැවින් හිටපු මුදල් ඇමැතිවරයා එම ගැසට්‌ පත්‍රයට අත්සන් තබා තිබේද යන්න තහවුරු කරගත යුතු බවටද කොමිසමේ අවධානය යොමුවිය.

අදාළ ගැසට්‌ පත්‍රයේ පිටපතක්‌ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සමරතුංග මහතාට ඉදිරිපත් කර රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය ප්‍රශ්න කළ අවස්‌ථාවේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ එම ගැසට්‌ පත්‍රය ගැන තමාගේ දැනුවත් භාවයක්‌ නැති බවයි.

මතභේදයට තුඩුදුන් එම ගැසට්‌ පත්‍රය නිකුත් වූ දිනය වන 2015 ජනවාරි 01 දින තමා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා නොවන බවද ආචාර්ය සමරතුංග මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

2015 ජනවාරි 01 දිනැතිව නිකුත්ව ඇති එම ගැසට්‌ පත්‍රයේද රු. දශලක්‌ෂ 10,058 ක වටිනාකමකට සියයට 12.5 පොලී අනුපාතය යටතේ වසර 30 ක භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවක්‌ 2015 මාර්තු 15 දින සිදුකිරීම පිළිබඳව සඳහන්ව ඇති බවද මෙහිදී රජයේ අධිනීතිඥවරිය කොමිසමේ අවධානයට ලක්‌ කළ අතර මෙහිදී ආචාර්ය සමරතුංග මහතා ප්‍රකාශ කළේ එම ගැසට්‌ පත්‍රය ගැන තමා කිසිවක්‌ නොදන්නා බවයි.

මෙවැනි ගැසට්‌ පත්‍රයක්‌ ගැන මෙතෙක්‌ කොමිසම දැනගෙන නොසිටි බැවින් මේ ගැසට්‌ පත්‍රය මුද්‍රණය කළ දිනය පිළිබඳව රජයේ මුද්‍රණාලයාධිපතිවරයාගෙන් තහවුරු කරගත යුතු බවද කොමිසමේ සභාපතිවරයා කීවේය.

එම ප්‍රකාශය වහාම ලබා ගන්නා ලෙස නියම කළ ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා ලබන සඳුදා (27 දා) යළිත් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට නියම කළේය.

– දිවයින

0 views

4 Comments to “බැදුම්කර වංචාවට මහින්දගේ නමත් පැටලෙයි.. ගැසට් පත‍්‍රයේ මහින්දගේ අත්සන, නම..”

  1. බැඳුම්කර අප්පුහාමිලාගේ ......... says:

    “රු. දශලක්‌ෂ 10,058 ක වටිනාකමකට සියයට 12.5 පොලී අනුපාතය යටතේ වසර 30 ක භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවක්‌ 2015 මාර්තු 15 දින සිදුකිරීම පිළිබඳව සඳහන්ව ඇති බව”
    බැඳුම්කර විකුණන්න තීරණය කරනවා කියන එකයි, එසේ තීරණය කළ බැඳුම්කර විකිණීමේදී “බැඳුම්කර ආරච්චිලාගේ රනිල් වික්කම සිංහ​” මුල්වී සිදු කළ වංචාවයි දෙකක් නේද​?
    මේක දෙකක් කියල තෝරගන්න බැරි එකෙක් මොකටද මේ කොමිසමට දාල තියෙන්නේ.

  2. පෙරේරා says:

    කොහොමද වැඩේ. ඔය ඉන්නෙ හොර ගෙඩිය.  දැන් බත් බයියොන්ට පඩ යනව ඇති මේව අහල. තොපි අපේ අවංක රනිල් නායකතුමාටයි අර්ජුන තුමාටයි නිරපරාදෙ මඩගැහුව.

  3. jaliya says:

    අනේ අපෝඉ, තාමත් කැකිල්ලේ රජ්ජුරුවෝ මේ රටේ හොල්මන් කරනවා

    • දුගී_පුරවැසියා says:

      ඇයි ඕනතරම් අන්දරේලත් ඉන්නේ.

Main News