බැදුම්කර වංචාවට FCID ඕන නෑ, පාර්ලිමේන්තු විමර්ශණ ඇති.. අලූත් ව්‍යවස්ථාවට ජනමත විචාරණ නෑ..

October 12, 2016 at 2:10 pm | lanka C news
බැදුම්කර වංචාවට FCID ඕන නෑ, පාර්ලිමේන්තු විමර්ශණ ඇති.. අලූත් ව්‍යවස්ථාවට ජනමත විචාරණ නෑ..

බුද්ධාගමට, ජාතික ගීයට සහ ජාතික කොඩියට ව්‍යවස්‌ථාවලින් මෙතෙක්‌ ලබාදී තිබුණු ස්‌ථානයේ කිසිම වෙනසක්‌ ඉදිරියේදී ඉදිරිපත් කිරීමට යන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් සිදු නොවීම ඒකාන්ත බව මහ නගර සහ බස්‌නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මල්වතු අස්‌ගිරි මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදකිමින් පැවසීය.

ඉදිරිපත් කිරීමට සම්පාදනය කරගෙන යමින් තිබෙන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් ඇතැම් කොටස්‌ අසත්‍ය ප්‍රකාශ කරමින් සිටින බවද අමාත්‍ය චම්පික රණවක මහතා මහා නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සමඟ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

ජනමතය අනුව ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කරන අතර ජනමත විචාරණයට යා යුතු කිසිදු කරුණක්‌ ව්‍යවස්‌ථාවට ඇතුළත් නොකළ යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස්‌ ලබාදී තිබෙන බව ඇමැති චම්පික මහතා මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදකිමින් අනාවරණය කළේය.

මෙතෙක්‌ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවලින් බුද්ධාගමට, ජාතික කොඩියට සහ ජාතික ගීයට මෙන්ම වෙනත් ආගම්වලට ලබාදී තිබෙන ස්‌ථානයන්හි කිසිදු වෙනසක්‌ යෝජිත ව්‍යවස්‌ථාවෙන් සිදු නොවන අතර ඉදිරියේදී ඉදිරිපත් කෙරෙන ව්‍යවස්‌ථාව රහස්‌ ව්‍යවස්‌ථාවක්‌ නොව පාර්ලිමේන්තුවේ මැති ඇමැති 225 දෙනාගේම ඒකමතික තීරණයක්‌ අනුව සම්මත වන ව්‍යවස්‌ථාවක්‌ වන්නේ යෑයිද අමාත්‍යවරයා පැවසීය.

යහපාලන රජය පත්කර ගැනීමෙන් මේ රටේ ජනතාව අපේක්‍ෂා කළ පරිදි සෑම අංශයකදීම සාධාරණත්වය ඉටුවන පරිදි රජය කටයුතු කරන බව පැවසූ ඇමැති රණවක මහතා, රැකියා ලබාදීමේදී හැකියාවට මුල් තැන ලබා දෙන ක්‍රමවේදයක්‌ද අනුගමනය කරන බව කීවේය.

අතිපූජ්‍ය ශ්‍රී සුමංගල මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ විසින් කරන ලද විමසීමකට ප්‍රතිචාරය දක්‌වමින් දැනට හිස්‌වී තිබෙන බෝගම්බර බන්ධනාගාර ගොඩනැඟිල්ල ඉතාම සුදුසු කාර්යයක්‌ සඳහා යොදා ගැනීමට අධ්‍යයනයක්‌ සිදුකරමින් පවතින බවත් දැනට හිස්‌ව පවතින මහනුවර රජ වීදියේ රිමාන්ඩ් බන්ධනාගාර ගොඩනැඟිල්ල ඉහළ පෙළේ වෙළෙඳ මධ්‍යස්‌ථානයක්‌ බවට පත්කිරීමට අපේක්‍ෂා කරන බවත් ඇමැතිවරයා පැවසීය.

මෙම වටිනා ගොඩනැඟිලි දෙක පළාතේ ජනතාවට ප්‍රයෝජනවත් කාර්යයක්‌ ස්‌ථාපිත කිරීම සඳහා උපයෝගී කරගැනීම සුදුසු බව අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ පැවසූහ.

මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස්‌ දක්‌වමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, මහ බැංකු වංචාව වැනි ප්‍රශ්නවලදී FCID විමර්ශනවලින් තොරව පාර්ලිමේන්තු තීරණ මගින් පරීක්‍ෂණ පැවැත්විය හැකි බව පැවසීය.

වංචා, දූෂණ, චෝදනා සම්බන්ධව පැවති නඩු කඩිනමින් විභාග කිරීම සඳහා කටයුතු කළ යුතු බවත් පවතින අධිකරණ ප්‍රමාණවත් නොවේ නම් එවැනි නඩු විභාග සඳහා තවත් අධිකරණ ස්‌ථාපිත කිරීම අවශ්‍ය බවත් හෙතෙම පැවැසීය.

යහපාලන ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන්ට විරුද්ධව වංචා දූෂණ චෝදනා තිබේනම් එයද විභාග කළ යුතු බව ඇමැතිවරයා පැවසීය.

අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක වරකාගොඩ Cදාණරතන ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදුටු අමාත්‍යවරයා රාමඤඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක නාපාන පේමසිරි ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ද බැහැ දකිමින් අදහස්‌ දැක්‌වීය.

– Divaina

21 views

12 Comments to “බැදුම්කර වංචාවට FCID ඕන නෑ, පාර්ලිමේන්තු විමර්ශණ ඇති.. අලූත් ව්‍යවස්ථාවට ජනමත විචාරණ නෑ..”

  1. maggi says:

    Dan ethakota puluwanne lankawe ihalama thanwala wajabemin ahinsaka mahajanaya huragena kala kala madi thara kara gaththa unnanselata wiruddawa ena paminili serama yata gahanna.

Main News