බැදුම්කර වංචාව ගැන ඉල්ලා අස්විය යුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහයි..- හැට දෙලක්‍ෂයේ කොටස්කරුවෝ මාධ්‍ය අමතති..

August 17, 2017 at 3:00 pm | lanka C news
බැදුම්කර වංචාව ගැන ඉල්ලා අස්විය යුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහයි..- හැට දෙලක්‍ෂයේ කොටස්කරුවෝ මාධ්‍ය අමතති..

හැට දෙලක්ෂයේ කොටස්කරුවෝ සංවිධානය එහි සම කැදවුම්කරුවන් වල බණ්ඩාර අතුකෝරාළ සහ ඩිලංක වීරකෝන් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්  මූලීක කාරණා තුනක් සම්බන්ධයෙන්  අද (17) තලවතුගොඩ, කලල්ගොඩ පිහිටි එම සංවිධානයේ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් කැදවා තිබිණි.

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සම කැදවුම්කරු බන්ඩාර අතුකෝරාළ මහතා:

‘ජනවාරි 08 බලයට පත්වූ වර්තමාන පාලනයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒමට කිසිදු ජනවරමක් ලබාදී නැති බවත්, පොරොන්දු වී ඇති මනාප ක්‍රමය සහිත මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම වහා සිදුකල යුතු බවත්, අවධාරණය කර සිටියි. මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශය මේ රටේ උතුරේත් දකුණේත් සෑම ජනවර්ගයකටම අයත් ජනතාව පිලිගෙන ඇති බවත්, පවත්නා ව්‍යවස්ථාවේ  ජනමත විචාරණයකට තුඩු දෙන වගන්තිවලට අත නොතබන බවට මෛත්‍රීපාලනයක් ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සහතික වී ඇති බවත් අවධාරණය කර සිටියි.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට චෝදනාවක් එල්ලවීමත් රවී කරුනානායක මහතා ඉවත් කිරීමත් සිදුවී ඇති බවත් බැදුම්කර වංචාව සම්බන්දයෙන් හඩනගන බොහෝ කණ්ඩායම් අමතක කරන කරුණක් ද ඇති බවත් සදහන් කරයි. එනම් මහබැංකු බැදුම්කර වංචාව සිදුවන මොහොතේ මහබැංකුව අදාල විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද්දේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවයි. අග්‍රාමාත්‍යවරයා රවී කරුණානායක අමාත්‍යවරයාගේ ඉවත්වීම යහපත් පූර්වාදර්ශයක් ලෙස පෙන්වීමට පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදුකල බවත් හරිනම් ඉල්ලා අස්විය යුත්තේ විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කල අග්‍රාමාත්‍යවරයා බවත් අවධාරණය කර සිටියි.

ජනාධිපතිවරයා බිත්තියට හේත්තු කර වෙනත් වෙනත් පරමාර්ථ ඉටුකර ගන්නට කිසිවකු හෝ කටයුතු කරන්නේනම් ඊට එරෙහිව හැට දෙලක්ෂයේ කොටස්කරුවෝ නැගී සිටින බව ද සදහන් කලේය.

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සම කැදවුම්කරු ඩිලංක වීරකෝන් මහතා:

‘හම්බන්තොට වරාය බදුදීමේ ගිවිසුම සම්බන්දයෙන් විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශයක් පිළිබද පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් විශ්වාස භංගයක් ගෙනඒමට කටයුතු කරනවා කියලා තියෙනවා. අපි කියනවා ඒ අයට  මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ   20 පිටුවේ  05 වන ජේදය කියවන්න.  ඉතාම පැහැදිලිව සදහන් කරලා තියෙනවා ආර්තික වශයෙන් උපායමාර්ගිකව වැදගත් වන ස්ථාව විදේශීය රාජ්‍යයන්ට හෝ සමාගම්වලට උපායමාර්ගිකව අත්පත් කරගැනීමට ඉඩ දෙන්නේ නෑ කියලා. අපි විජේදාස රාජපක්ෂ මැතිතුමාට ගරු කරනවා හැට දෙලක්ෂයේ ජනමතය නියෝජනය කලාට, ඒ වගේම අපි කියනවා  විජේදාස රාජපක්ෂ මහත්තයට දේශපාලනිකව කුණු වෙච්ච අය ඔබ ඩැහැගන්න බලාගෙන ඉන්නවා ඒවට අහුවෙන්න එපා කියලා.

– හැට දෙලක්ෂයේ කොටස්කරුවෝ

198 views
Main News