බැදුම්කර වංචාව ගැන කියූ මාධ්‍ය ආයතන කැදවා ප‍්‍රශ්න කල යුතුයි.. අන් සියළු දෙනා වැරදියි.. මමයි හරි.. – සුජීව

October 28, 2016 at 3:50 pm | lanka C news
බැදුම්කර වංචාව ගැන කියූ මාධ්‍ය ආයතන කැදවා ප‍්‍රශ්න කල යුතුයි.. අන් සියළු දෙනා වැරදියි.. මමයි හරි.. – සුජීව

මහ බංකු බැදුම්කර සිදුවීම සම්බන්දයෙන් වූ කෝප් කමිටු වාර්තාව ඉදිරිපත්වීමට පෙර ඊට අදාල වාර්තා පල කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන කෝප් කමිටුව වෙත කැදවා ප‍්‍රශ්න කල යුතු බව නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පැවසීය.

අද පාර්ලිමේන්තුවට බැදුම්කර වංචාව සම්බන්දයෙන් වූ කෝප් වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු මේ බව කියා සිටියේය.

බැදුම්කර සිදුවීම සම්බන්දයෙන් කෝප් කමිටුවේ අන් සියළු සාමාජිකයින් පාහේ විවිධ අවස්ථාවන්වලදී මාධ්‍ය වෙත අදහස් පල කර තිබුණද තමන් පමණක් කිසිදු අවස්ස්ථාවක කිසිවක් කියා නැති බවද ඔහු සදහන් කලේය.

108 views