බැදුම්කර වංචා පරීක්ෂණ ප‍්‍රමාද වූ හේතු රැසක් හෙලි වේ…

December 22, 2018 at 6:27 am | lanka C news
බැදුම්කර වංචා පරීක්ෂණ ප‍්‍රමාද වූ හේතු රැසක් හෙලි වේ…

මහ බැංකු බැදුම්කර ගනුදෙනුව පිළිබ`දව විමර්ශනය කිරීම ස`දහා පත් කළ විශේෂ ජනාධිපති කොමිසම පෙන්වා දෙන අන්දමින් රුපියල් බිලියන දාහකට වැඩි බව පැවසෙන එම මහා මංකොල්ලය සිදුව ඇත්තේ 2002, 2003 වසරේ සිට 2016 දක්වා කාලය තුළ බව මහ බැංකු ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පෙන්වා දෙති.

මහබැංකු බැ`දුම්කර ගනුදෙනුවට අදාළ පරික්ෂණ කටයුතුවල වත්මන් ප‍්‍රගතිය සහ ඉදිරි පියවර පිළිබ`ද සොයා බැලීමට 21 පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්ඡුාවේ දී මෙම කරුණු අනාවරණය කෙරිණි.

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කර ඇති බවත්, අධිකරණ නියෝග අනුව ඔහු ඉදිරිපත් කරන ලෙස ලංකා රජය සිංගප්පූරු රජයට දන්වා ඇති නමුත්, සිංගප්පුරු රජය මේ වන තෙක් නිසි පියවර ගෙන නොමැති බවත් මෙම සාකච්ඡුාවේ දී අනාවරණය කෙරිණි.

මෙම බැදුම්කර වංචාවට අදාළව දැනට රිමාන්ඞ් භාරයේ සිටින සැකකරුවන්ට මෙතෙක් චෝදනා පත‍්‍ර භාරදී නොමැති බැවින් ඔවුන්ට අදාළ චෝදනා පත‍්‍ර කඩිනමින් භාරදීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡුාවට ලක් විය. මහබැංකු බැ`දුම්කර නිකුතුවට අදාළ අක‍්‍රමිකතා විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව වෙත බොරු සාක්ෂි ලබාදීම පිළිබ`ද චෝදනාවට ලක් වූ චූදිතයන් සහ මෙම පරීක්ෂණවලට අදාළ සාක්ෂි විනාශ කළ චූදිතයන්ට නඩු පැවරීම මේ දක්වා ප‍්‍රමාද වී ඇති අතර, ඔවුන්ට කඩිනමින් නඩු පැවරීමේ වැදගත්කම ද මෙහිදී අනාවරණය කෙරිණි.

මහබැංකු මංකොල්ලයේ වග උත්තරකරුවන්ට අදාළ පරීක්ෂණ අවසන් කර නියමිත කාල රාමුවක් තුළ ඔවුන් වෙත නඩු පැවරීමට කටයුතු කළ යුතු බවට ද තීරණය විය. මෙම සාකච්ඡුාවේ දී අනාවරණය වූ තවත් කරුණක් වන්නේ මෙම නඩුවලට අදාළ පනත් සංශෝධනයේ දී පාර්ලිමේන්තුවේ ආංශික කමිටුව මේ ස`දහා බාධා පුමුණුවා ඇති බවයි. තව ද මෙම අතිවිශාල මුදල් අක‍්‍රමිකතාවය පිළිබ`ද නිවැරුදි තොරතුරු ලබාගැනීම ස`දහා ජනාධිපති කොමිසම විසින් වෝහාරික විගණනයක් සිදු කළ යුතු බවට 2018-01-18 වන දින තීරණය කළ ද මේ වන විට වසරක් ගතව ඇතත්, එය සිදු නොවීම බරපතළ වරදක් හා ප‍්‍රමාදයක් බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැහැදිළි කළහ.

වගඋත්තරකරුවන් භාවිතා කළ දුරකථනවල හඩ පටවල මෙම පරීක්ෂණ කටයුතුවලට අදාළ වැදගත් කොටස් මකා දමා ඇති බවත්, එම හ`ඩ පට ද විශේෂඥවරුන්ගේ නව තාක්ෂණික පරීක්ෂාව ස`දහා මෙතෙක් පිටරට යවා නොමැති බවත් හෙළි විය. ඉහත කරුණු අනුව මහබැංකු බැ`දුම්කර සිද්ධියට අදාළ ව පවත්වනු ලබන පරීක්ෂණ කඩිනම්ව සිදු කිරීමට හැකි නොවන පරිදි අදාළ ආයතනවලට බලපෑම් කර ඇති බව ද මෙහිදී අනාවරණය විය.

මෙම සියලූ කරුණුවලට අනුව මෙම පරීක්ෂණ කඩිනම් කිරීමට සහ නියමිත කාල රාමුවක් තුළ නඩු පැවරීමට අවශ්‍ය කටයුතු කිරීමත්, වෝහාරික විගණනය ප‍්‍රමාදයකින් තොරව ආරම්භ කිරීමත් යන කරුණුවලට ප‍්‍රමුඛතාවය ලබාදිය යුතු බවට තිරණය විය. එමෙන් ම ඉදිරියේ දී මසකට වරක් මෙම පරීක්ෂණවල ප‍්‍රගතිය සහ ඉදිරි පියවර පිළිබ`ද ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රගති සමාලෝචන රැුස්වීමක් පැවැත්වීමට ද මෙහිදී තීරණය කෙරිණි. අදාළ පරීක්ෂණ කටයුතුවල දී අල්ලස් හෝ ¥ෂණ විමර්ශන කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, මහ බැංකුව ඇතු`ථ සියලූ ආයතන අපක්ෂපාතීව සහ ස්වාධීනව කටයුතු කරනු ඇති බව රටේ ජනතාවගේ විශ්වාසය බව ද ජනාධිපතිතුමා ස`දහන් කළේය.

නීතිපති ජයන්ත ජයසූරිය, අල්ලස් හෝ ¥ෂණ විමර්ශණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, මහබැංකුවේ වැඩබලන අධිපති නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් සහ අදාළ අනෙකුත් ආයතනවල නිලධාරිහු මීට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

21,379 Viewers

8 Comments to “බැදුම්කර වංචා පරීක්ෂණ ප‍්‍රමාද වූ හේතු රැසක් හෙලි වේ…”

  1. sithmal says:

    “Ape Sir nea” oona deyak ethuma ekka balaganna puluwan. Oya okkoma un ekai.. ekathuwela hora kanne.

  2. කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තියෙනබව තමයි පේන්නෙ. 2003 ඉඳලනම් ඉතින් රාජපක්ෂලත් මේකට සම්බන්ධ වෙන්න එපැයි.

    • මළත් අලියට says:

      චූටි බබෝ උක්ක්කුං බිව්වද? 2002 2003 ජනාධිපති චන්ද්‍රිකා අගමැති රනිල්.

  3. Roshan says:

    Please file the case with president commission findings with out speaking or without dancing

  4. desta says:

    okkoma horu senasigheyage book eka ko uth neha potah neha

  5. Moda Dappula says:

    Dappula are you conveniently forgetting that it was the very same PM in office between 2002-2004. Could have been nice right?

    • 2003-2004 සිට කියන්නෙ එදා ඉඳන් අද දක්වා කි⁣යන එක.එතකොට 2004න් පස්සෙ හිටියෙ රාජපක්ෂලා නෙවෙයිද?

  6. david milibanda says:

    Do not need half baked charge sheets.
    This is public money…………….As such, these two persons in remand should not be released at any cost as they have tampered with evidence by deleting messages as well.

    There will be no filing unless & until all obstacles are removed and all connected with and/or concerned in are arrested and the investigations complete.

Main News