බැදුම්කර වාර්තාවේ පිටු 103ක් අතුරුදහන්.. රවි කරුණානායක සැක කටයුතුයි..

January 18, 2018 at 10:51 pm | lanka C news
බැදුම්කර වාර්තාවේ පිටු 103ක් අතුරුදහන්.. රවි කරුණානායක සැක කටයුතුයි..

ඒකාබද්ද විපක්‍ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

‘2018 ජනවාරි 3දා ජාතිය අමතමින් ජනාධිපතිතුමා කිව්වේ  බැඳුම්කර වාර්තාවේ පිටු 1,257ක් තිබෙනවා කියා.  ඒත් ඊයේ ඉදිරිපත් කළ වාර්තාවේ තිබෙන්නේ පිටු 1154යි.  ඒ කියන්නේ පිටු 103ක් අඩුයි.

මේ වාර්තාව තමන්ට ලැබුණු බවත් එහි අසත්‍ය කරුණු තිබෙන නිසා එය ප්‍රසිද්ධ කරන්න බෑ කියාත් රවි කරුණානායක මන්ත්‍රිතුමා කිව්වා.  ඒ නිසා අපට සාධාරණ සැකයක් තිබෙනවා රවි කරුණානායක මන්ත්‍රිතුමාට අසත්‍ය යැයි සිතෙන කරුණු වාර්තාවෙන් ඉවත්කළ නිසාද පිටු 103කින් වාර්තාව අඩු උනේ කියලා.

එබැවින් මේ වාර්තාව පිළිබඳ  ජනතා විශ්වාසනීයත්වය ගොඩ නැගෙන්න නම් ජනාධිපතිතුමා මේ පිටු 103ට මොකද වුණේ කියා රටට කියන්න ඕනෑ’

– අරවින්ද අතුකෝරල

2 views

9 Comments to “බැදුම්කර වාර්තාවේ පිටු 103ක් අතුරුදහන්.. රවි කරුණානායක සැක කටයුතුයි..”

  1. Audit Superintendent says:

    Good point! Thank you Mr. Gammanpila.

  2. ආරච්චිල says:

    දීපල්ලකො උත්තර, පුලුවන්නම්!

  3. Sunil says:

    මෙදා පාර නම් කොලෙත් ඉරාගන, ඇඟ පුරාමත් හලා ගනියි වගේ.

  4. kith says:

    Removing these pages is the 2nd stage of my3 ‘s Bond Scam process. First stage , Arjuana Mahendran ran away from the country.

  5. nomatata says:

    Horakama wahanna yana eka horatath wada antha horek !!

  6. Open mind says:

    යන්න අධිකරණය ට…….

    • Ratata Adhare says:

      යන්න ඡන්ද පොලට උදෙන්ම, දෙන්න ඡන්දය යහපාලන රජයට
      හා එහි හවුල්කාර පක්ෂවලට (UNP, SLFP, JVP) එරෙහිව.

  7. රාහුල මල්ලී says:

    මහ බැංකුවේ සල්ලි ටික අතුරදහන්…. ඒ ගැන හොයපු කොමිසම් වාර්තාවේ පිටු 103 කුත් අතුරුදහන් ලු… ඊගාව නිව්ස් එකට එයිද දන්නේ නෑ කොමිසමට වාඩි වෙච්ච විනිසුරුවරු තුන් දෙනත් අතුරුදහන් කියලා….

Main News