බැදුම්කර වාර්තාවේ තැන් කිහිපයකම රනිල්, රවී, මලික්, කබීර් නම්…

January 18, 2018 at 4:40 pm | lanka C news
බැදුම්කර වාර්තාවේ තැන් කිහිපයකම රනිල්, රවී, මලික්, කබීර් නම්…

බැඳුම්කර වාර්තාවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාවට නැංවීම පසෙක ලා එය පදනම් කරමින් ‘බොරු රණ්ඩුවක්’ හදාගෙන ඇති ආණ්ඩුවේ නිල් – කොළ හා රතු පළු පෙබරවාරි 10 වැනිදා තම තමන්ගේ ඡන්ද මලු පුරවා ගැනීමේ උත්සාහයක නිරතව සිටින බව ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

එම සියලු ගැටුම් පෙබරවාරි 10 වැනිදායින් අවසන් වන බවත් ඉන්පසු බැදුම්කර වාර්තාව හමස් පෙට්ටියට දමා යතුරු දැමීම මේ අයගේ අපේක්ෂාව බවත් ජාතික නිදහස් පෙරමුණ වැඩිදුරටත් පෙන්වා දෙයි.

අද (18) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී ජානිපෙ ප්‍රචාරක ලේකම්, මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

බැදුම්කර කොමිෂන් සභා වාර්තාවේ ඉංග්‍රීසි පිටපත් පමණයි ඊයේ (17) පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත ලබා දී තිබෙන්නේ. ස්ථාවර නියෝග අනුව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන ත්‍රෛභාෂා පිටපත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්න්ට ලබා දිය යුතුව තිබෙනවා. ත්‍රෛභාෂා පිටපත් ලබා නොදුන්නොත් ජනවාරි 23 වැනිදා ද මේ බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදයක් පැවැත්වීමට ඉඩ ලැබෙන්නේ නැහැ. මේ ආණ්ඩුව හදන්නේ බැඳුම්කර වාර්තාව පිළිබඳ කතාබහ පෙබරවාරි 10 වැනිදා තෙක් ඇදගෙන ගොස් පෙබරවාරි 10 වැනිදායින් පසු එය හමස් පෙට්ටියට දමා වසා දැමීමටයි.

‘එජාප නායකයින්ගේ සම්බන්ධය’

ජනාධිපතිවරයා නොපැවසුවාට අපට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අනාවරණය වී තිබෙනවා මෙම ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ තැන් කිහිපයකම එජාප නායක රනිල් වික්‍රමසිංහ, උප නායක රවී කරුණානායක, සභාපති මලික් සමරවික්‍රම හා මහලේකම් කබීර් හෂීම් යන අයගේ නම් සදහන් ව ඇති බව. මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක මෙරට දේශපාලන පක්ෂයක නම කියැවෙන්නේ ප්‍රථම වතාවට. මේ හොරකම එජාපයේ නායකයන්ගේ සොරකමක් බව හෙළිදරව් වී අවසන්. නමුත් ජනාධිපතිවරයා මේ පිළිබඳව කළ ප්‍රකාශයේ මේ මහා මූල්‍ය වංචාවට එජාප නායකයන්ගේ ඇති බරපතළ සම්බන්ධය හුවා දැක්වූයේ නැහැ.

‘පන්දාහෙ කොල ලක්ෂ විසිදෙකක්’

වසර 30කට රටට බලපාන මේ මහා මූල්‍ය වංචාවේ පාඩුව රුපියල් ටි්‍රලියනයකටත් වඩා වැඩියි. නමුත් මේ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවෙන් රජයට සිදු වූ මූල්‍ය පාඩුව තමයි මේ වර්තාවේ රුපියල් බිලියන 11.145ක්, රුපියල් කෝටි 1114.5ක්, රුපියල් මිලියන 11,145 ලෙස දක්වා තිබෙන්නේ. එය ද සුළුපටු මුදලක් නොවෙයි. රුපියල් 5000 කොළවලින් ගත්තොත් කොළ ලක්ෂ 22ක්. මේ රටේ සාමාන්‍ය කෙනෙකුට වැටුප ලෙස ලැබෙන්නේ 5,000 කොළ 4ක් – 5ක් පමණ. ජනාධිපතිවරයා ඡන්ද රැස්වීම්වල දී පවසන ආකාරයට පෙනෙන්නේ අර්ජුන් මහේන්ද්‍රන්ලා – අර්ජුන් ඇලෝසියස්ලාට සිවිල් නඩුවක් පමණක් පවරා ඔවුන් සිදු කළ සාපරාධී ක්‍රියාවන්ට අපරාධ චෝදනා යටතේ නඩු නොපවරා ඉන්න හදන බවයි.

‘ඡන්දය ඉලක්ක කර ගත් ව්‍යාජ රංගනයක්’

ඒ වගේම අපට පෙනෙන්නේ බැඳුම්කර වාර්තාව ඉදිරියට දමා ගෙන ආණ්ඩුවේ නිල් පලුව සහ කොළ පලුව විතරක් නොවෙයි ආණ්ඩුවෙ ස්පෙයාවීල් එක වුණු රතු අලි පැටවුනුත් පෙබරවාරි 10 වැනිදා තෙක් ව්‍යාජ රංගනයක යෙදී සිටින බවයි. මේ සිරිසේන – රනිල් – අනුර – සම්බන්ධන් හවුල එකතු වෙලා තමයි මේ අවුරුදු තුන පුරා රට තිබුණු තැනින් ඉතාමත් පහළට ඇද දැමුවේ. ඩිලාන් පෙරේරලාට දැන් සීත ගඟුලට බැවෙලා අවුරුදු තුනක් තිස්සේ සීතලේ ගැහෙමින් ඉඳලා උණ සන්නිපාතය හැදිලා වගේ දොඩවනවා. මේ උණ විකාරයෙන් කරන කතා අපි ගණන් ගත යුතු නැහැ.

‘පරස්පර විරෝධී කතා’

ඒ විතරක් නෙවෙයි ඊයේ (17) එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අවසන් වෙලා යන අතරේ එජාප නායකයන් මාධ්‍යට කියපු කතා දෙස බලන්න. නවීන් දිසානායක ඇමතිවරයා කියනවා, ‘ජනාධිපතිතුමාට එරෙහිව ප්‍රකාශ කරන්න එපා කියල අගමැතිතුමා දැඩි ලෙස අවවාද කළා’ කියලා. රංජිත් මද්දුමබණ්ඩාර ඇමැතිවරයා කීවේ කුමක්ද? ‘එහෙම කිසිවක් සාකච්ඡා වුණේ නැහැ’ කියලයි. හැමදාම බොරු කියන අජිත් පෙරේරා මහත්තයා කියනවා ‘දැඩි අවවාද දීමක් වුණේ නැහැ. සම්මුතියෙන් කටයුතු කරන්න කීවා කියලා. මේ අය කියන්නේ එකිනෙකට පරස්පර විරෝධී කතා. මේ ආණ්ඩුවේ නිල් පළුව සහ කොළ පාළුව පෙබරවාරි 10 වැනිදා තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගන්න ව්‍යාජ රංගනවල යෙදෙන විට මොකද වෙන්නෙ? රතු අලි පැටියා තමන්ගේ ඡන්ද ටික බේරාගන්න වෙනදාට වඩා ආණ්ඩුවට ගහන විට මොකද වෙන්නේ? ආණ්ඩුව අස්ථාවරයි කියන අදහස ලෝකයට යනවා. ජනාධිපති සහ අගමැති අතර ගැටුමක් කියලා ලෝකයට යනවා. මේ අයගේ මේ ව්‍යාජ රංගනය නිසා ආයෝජකයන් රටට එන්නේ නැහැ. ඉන්න අයත් රටින් යනවා. රටේ ආර්ථිකයයි, මේ අය අද මේ විදියට තවදුරටත් බිඳ වට්ටන්නේ.

එජාප නායකයන් බැඳුම්කර හොරකමට අහු වුණාට පස්සේ දැන් කියනවා ‘2005 – 2014 කාලයේ සිදු වූ බැඳුම්කර සොරකම්වලින් රජයට බිලියන 4000ක් පාඩු වුණා’ කියා. ඉතා කුඩා සිද්ධීන් පාදක කරගනිමින් බොරු චෝදනා යටතේ අපව සිරගත කළ මේ ආණ්ඩුව එවැනි වංචාවක් වෙලා නම් අවුරුදු තුනක් නිකන් ඉදීවිද? හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසා තිබුණා, ‘1997 සිට 2014 දක්වා වෙන්දේසි හා සෘජු ක්‍රමවල සම්මිශ්‍රණයක් ලෙසයි බැඳුම්කර ලබා දුන්නේ’ කියා. එහෙමනම් 1997 සිට සිදු වූ සියලු ගනුදෙනු විමර්ශනය කළ යුතුයි නේද? ඒ වගේම අජිත් නිවාඞ් කබ්රාල් මහතා අදත් ලංකාවේ ඉන්නවා. ඔහුගෙන් ඕනෑම අවස්ථාවක ප්‍රශ්න කළ හැකියි. නමුත් අද අර්ජුන් මහෙන්ද්‍රන් තමන්ගේ රටට, සිංගප්පූරු ගිහිල්ලා. මේ වගේ බොරු කතා කියමින් ජනතාව රවටන මේ යහපාලන හොරුන්ට පෙබරවාරි 10 වැනිදා හොඳ උත්තරයක් දිය යුතුයි නේද?”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

193 views

7 Comments to “බැදුම්කර වාර්තාවේ තැන් කිහිපයකම රනිල්, රවී, මලික්, කබීර් නම්…”

  1. sarath says:

    When commission had disbelieved the story of holding a breakfast meeting to asking 10 Billion for road Development means that the evidence so-called participants namely Malik, Kabir and Ravi’s evidence had been rejected and disbelieved. In other words they have given false evidence. That amounts to giving false information to Govt Officer or also fabrication of false evidence to save a culprit which is punishable under Penal code.

  2. Nandasoma says:

    බැඳුම්කර වාර්තාවෙන් යූ ඇන් පී එක නිදහස් වුනා කියල කබීර් කියනව…..
    රනිල්, රවි, මලික්, ෆුට් නෝට් කල්ලිය යූ ඇන් පී නෙවෙයිද?

  3. Dr Lakshman Fernando says:

    I PROPOSED THAT, RANIL, RAVI, MALIK & KABIR have to HANG BY BALLS IN PUBLIC…

  4. Dr Lakshman Fernando says:

    SEE, HOW THE BARREN IDIOT LOOKING.

  5. බන්ඩා says:

    රනිල් බැඳුන්කර හොරැන්ගෙ කැප්ටන් කියල අද පහේ පන්තියෙ ලමයත් දන්නවා. බැඳුන්කර හොරකම කියන්නෙ ගනින්න බැරි මුදලක හොරකමක් කියල 80 පැනපු සීයලත් දන්නවා නමුත් ගොන් කැපුවත් කොල උන් නම් යූඑන්පී ම තමය්

  6. SUNIMAL says:

    ශ‍්‍රී ලංකාව අද වන විට රට කැඞීම, රට විකිණිම සහ හොරාකෑම යන තුන්බියකින් වෙළී ගොස් ඇත. රට දැය සමය රැුක ගැනීම උදෙසා ඔබගේ ඡුන්ද බලය අතිශයින්ම තීරණාත්මක වනු ඇත.

  7. Lolla says:

    Yes Dr. fully agreed with you especially Kabeer

Main News