බැදුම්කර වාර්තාව අනුව කිසිදු එජාප මන්ත‍්‍රීවරයෙකු බැදුම්කර මගඩියට සම්බන්ධ නෑ.. සියළු දෙවියන් අපව රකිනවා..

January 20, 2018 at 10:00 am | lanka C news
බැදුම්කර වාර්තාව අනුව කිසිදු එජාප මන්ත‍්‍රීවරයෙකු බැදුම්කර මගඩියට සම්බන්ධ නෑ.. සියළු දෙවියන් අපව රකිනවා..

බැදුම්කර කොමිසමේ වාර්තාව අනුව කිසිදු එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරයෙක් එම වංචාවට සම්බන්ධ නැති බවට හෙළිදරවු වී ඇති බව හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා පවසයි.

හිටපු ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ මෙවර පළාත් පාලන මැතිවරණයට එජාපයෙන් කරග වදින කතෝලික අපේක්‍ෂකයන් සමග අගරදගුරුතුමන් බැහැ දැකීමට ගිය අවස්ථාවේදීය.

එක්සත් ජාතික පක්‍ෂයේ බිම් මට්ටමේ ක‍්‍රියාකාරීත්ව දැක බොහෝ පිරිස් කලබලයට පත්ව සිටින බව කී කරුණානායක මහතා ‘සියළු දෙවියන් අපව රකිනවා’ යයිද කීය.

55 views
Main News