බැදුම්කර වාර්තාව තිස් අවුරුද්දක් සගවන්න නීතිපති සමග කුමන්ත්‍රණයක්..
June 2, 2018 at 4:40 pm | lanka C news
මහ බැංකු බැදුම්කර වාර්තාව 30 අවුරුද්දක් යට ගැසීම සහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
මෙම වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීම සදහා ජනාධිපති ලේකම්වරයා නීතිපතිවරයාගේ උපදෙස් පතා ඇත්තේ ඒ සැලසුම අනුව බවද ඔහු සදහන් කරයි.
මෙම කුමන්ත්‍රණ පරාජය කර දැන්වක් වාර්තාවේ සත්‍ය ජනතාවට දැනගැනීමට ඉඩ දිය යුතු යයිද ඔහු වැඩි දුරටත් කියා සිටී.
නීතිපති පත්කලේ අගමැට්ටා .. හිටන් කිසි දෙයක් දන්නෙම නෑනේ. ඉතින් 118 බේරන ඔය අපේක්ශිත උත්තරේ එන්න පුලුවන්. ඕක තමයි මචෝ යහපාලනේ කියන්නේ …..
පාර්ලිමේන්තු බලයෙන් මහ බැංකුවට පත් කළ චෞරයා පළවා හැරියේ ජනතාව විසින් සෘජුව පත් කළ ජනාධිපති නේද?
පොහොට්ටුව බලයට ආදා මේවා එලියට එනවා එදාට මුන්ට අබ සරණයි
ඔය වාර්ථාව හිටං ඔළුවෙන් හිටං(දැනටත් ඉන්නේ එහෙමය) කිව්වත් අවුරුදු තිහක් යනකම් එළියට එන්නේ නැත.එය සේප්පුවක දමා ගල් ඉබි යතුරු දමා වැසුවේ බය නැති(මෙය ලැජ්ජා බය නැති කියා සංශෝධනය විය යුතුය)අගමැතිය..යතුර තිබෙන්නේ ඔහු ළඟය.දහ නමවන සංශෝධනයෙන් ජනාධිපති ඉල්ලං කෑවේය.ඔහුට දැන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට නොහැක.විසිවන සංශෝධනය ගෙන එන්නේ ජාන විකෘති කර ගත් ලෝකයේ ඉන්නා එකම රතු අලි කණ්ඩායමය.ඒකෙන් කරන්නේ සිරිකොත අලින්ගේ උවමනා එපාකම් ඉටු කිරීමය.ජනාධිපති පඹයෙක් කර බෙදුම්වාදීන්ගේ මනදොල සපුරා මැයි රැළිය අනාගත ඊලාම් රාජ්‍යයේ අගනුවර වන යාපනයේ පැවැත්වීම රතු අලින්ගේ ඊළඟ අභිප්‍රාය වන්නේය.(එහි පෙරහුරුවක් පසුගියදා ඔවුන් විසින් යාපනයේ පවත්වන්නට යෙදුනි) පැරණි ජවිපෙ වෙනුවෙන් දිවි පිදූ තරුණ තරුණියන් නූතන ජවිපෙට අදාල නැත.අලියාගේ නැට්ටේ එල්ලී අද දවසේ ජීවත් වීම හැර ඔවුනට විකල්පයක්ද නැත.යහපාලනය දැන් අච්චාරුවක් කියා කියන්නටත් නොහැක.ආඬින්ගේ කැඳ හැලියක් කියා කියන එකත් හරි නැත.යහපාලනය ගෙනා උන්ම දැන් ප්‍රසිද්ධියේ හා අප්රසිද්ධියේ උනුන් මරා ගන්නට කඩු,කිනිසි,නාරාසන සූදානම් කරමින් සිටිති.ගංවතුරෙන් හා මහ වැසිවලින් රටේ මානව සම්පත මිය ඇදුනත් එයින් ආර්ථිකය ගොඩ එන බව කියනා උන් ඉන්නා රටකට දැන් අවශ්‍ය වන්නේ ගම් පෙරලියක් බව කියන්නේ සතයක්වත් නැති මහ බැංකු ගොඩනැගිල්ලක් මුර කරනා බහිරවයෙක් බඳු පේෂකර්ම වෘත්තිකයෙකි.ගම් පෙරලිය පසුගිය පුංචි ඡන්දයේදී සිදුවූ බව උන්නැහේ දන්නේ නැත.හතර වටේටම ආරක්ෂයින් පිරිවරා ඉන්නා ඔහු කියන්නේ සිංහයාට බයයි කියාය.ඒකෙත් වැරැද්දක් නැත.එතරම් ආරක්ෂාවක් තිබියදීත් ජනේලයෙන් පැන විස්කි බෝතලයක් හොරකම් කල සමරිසියා අල්ලා ගන්නට නොහැකි එකා සිංහයාට බය වීම අරුමයක් නොවේය.
2015 kumanthranayae diguwakda…….?