බැදුම්කර වාර්තාව හංගන්නැයි දැවැන්ත දේශපාලන බලපෑම්.. 07 වැනි පිටුව සගවන්නැයි දැඩි බලපෑම්…
June 9, 2018 at 2:10 pm | lanka C news
රජයට අය විය යුතු රුපියල් මිලියන 3.2ක් චෙක්පත් 03කින් පර්පචුවෙල් සමාගමේ අනුබද්ධ ආයතනයක් විසින් රජයට ගෙවා දමා ඇති බව හෙළිව ඇති බවත් එම විමර්ශන කටයුතුවලට දැවැන්ත දේශපාලන බලපෑම් එල්ලවෙමින් පවතින බවත් කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්යක්ෂවරයා,
“රජයට අය විය යුතු රුපියල් මිලියන 3.2 ක් චෙක්පත් 3කින් පර්පචුවල් සමාගමේ අනුබද්ධ ආයතනයක් විසින් රජයට ගෙවා දමා තිබෙනවා. ඒ බව ඊයේ අධිකරණයේදී හෙළිදරව් වුණා.
දැන් මේ විමර්ශන සඳහා දැවැන්ත දේශපාලන බලපෑමක් එල්ල වී තිබෙනවා. දේශපාලනඥයෝ පොලිස් නිලධාරීන්ට බලපෑම් කරන බව ඉතා පැහැදිලියි. පාර්ලිමේන්තුවට ගෙනත් බණිනවා. මුදල් ගත්ත අය කට්ටියක් කට වහගෙන ඉල්ලවා. තවත් අය හයියෙන් කෑගහනවා.
දැනට සෙලාන්, ලංකා, සම්පත්, යූනියන් බැංකුවලින් ගෙවපු මුදල් ගැන විතරයි විමර්ශන කෙරෙන්නේ. කොමර්ෂල් බැංකුව හරහා මුදල් ගෙවූ අයත් ඉන්න පුළුවන්. මේ විගණන වාර්තාවෙත් 7 වෙනි පිටුව ඇයි ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ? ඒක පිටිපස්සේ ඉන්න බලවතා කවුද? “ යනුවෙන් පැවසීය.
– ada
Those culprits and rogues who are trying to sabotage the ongoing inquiry into alosius fraud must be made public at any cost by the president and they must be legally dealt.
WOW.
who is the innocent fellow. Sin, he also might get a heart attack. Please keep the ambulance ready
My3.. rw.. denna thama game eke planers. ..sinhala evun patta modayi