බැදුම්කර වෝහාරික විගණන වාර්තාව හදා ඇත්තේ අර්ජුන මහේන්ද‍්‍රන්ට හිතවත් ඉන්දීය ආයතනයකින්..

January 29, 2020 at 12:00 pm | lanka C news
බැදුම්කර වෝහාරික විගණන වාර්තාව හදා ඇත්තේ අර්ජුන මහේන්ද‍්‍රන්ට හිතවත් ඉන්දීය ආයතනයකින්..

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කරන ලදී.

මහින්ද රාජපක්ෂ මැතිතුමා බැඳුම්කර හොරෙක්, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සමයේ බැඳුම්කර වංචාවක් සිදු වුණා, ඒ වංචාවේ හැටියට බලද්දී අපේ වංචාව එතරම් ගණන් ගත යුතු දෙයක් නොවේය කියන්නට අද එජාපයේ මන්ත්‍රිවරුන් පෙළඹී සිටිනවා. ජනතා විමුක්ති පෙරමුණද වෝහාරික වාර්තාව ගැන කතා කරමින් මේ මතයට හූමිටි තබනවා. ඒ නිසා මොකක්ද මේ වෝහාරික විගණන වාර්තාව කියන එක ගැන අප මුලින්ම අවධානය යොමු කරමු.

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව නිකුත් කළ බැඳුම්කර සම්බන්ධයෙන් 2002 ජනවාරි 01 සිට 2015 පෙබරවාරි 28 දක්වා දහතුන් වසරක වෝහාරික විගණන වාර්තාව තමයි මේ තිබෙන්නේ. මේ වාර්තාවේ සඳහන් වෙනවා අතිශයින්ම රහසිගතයි කියලා. මෙය අතිශයින්ම රහසිගත වාර්තාවක් ලෙස සඳහන් කලත් එම වාර්තා උපුටා දක්වමින් බව පෙන්වමින් ජනතා විමුක්ති පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් සිදුකරන්නාවූ රඟපෑම හෙළිදරව් කිරීම සඳහා අපට මේ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කතා කිරීමට සිදුවී තියෙනවා. අප හැබැයි දන්නවා එක්සත් ජාතික පක්ෂය බොරුවට උපන් පක්ෂයක්. ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සම්බන්ධයෙන් බොරු දාහතක් කියලා ඒ17 අද අතේ පත්තුවෙලා. ඒ විතරක් නෙවෙයි කිඹුලන් දෙදෙනා අද ඇවිල්ල කියනවා මිලියන දෙකකට විනාඩි 15ක බොරු රඟපෑමක් තමයි කළේ කියලා. ඒ බොරු වර්ගයේම තවත් බොරුවක් තමයි මේ වෝහාරික විගණන නාඩගම.

මොකක්ද මෙහි සිද්ධවෙන්නේ. ඇත්තටම ඔය කියන කාලපරිච්ඡේදයේ වංචාවක් සිදු උනානම් ඇයි මුදල් තැරැව්කරුවන් ඒ සම්බන්ධයෙන් හඬක් නැඟුවේ නැත්තෙ. අර්ජුන් මහේන්ද්‍රන්ලගේ එක්සත් ජාතික පක්ෂයේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපට මුලින්ම තොරතුරු ගෙනාවේ මුදල් තැරැව්කරුවන්. ඔවුන්ගෙන් දැනගෙන තමයි අප තොරතුරු හොයාගෙන හඬ නැගුවේ. අප ආණ්ඩුව නිසා මේ ගැන හඬ නැගුවේ නැතැයි සිතමු. නමුත් ඇයි එක්සත් ජාතික පක්ෂය මේ ගැන හඬ නැගුවේ නැත්තේ. ජනතා විමුක්ති පෙරමුණ මේ ගැන හඬ නැඟුවේ නැත්තේ. ඇයි ආණ්ඩුවේ විගණකාධිපති විසින් සිදුකළ කිසිම විගණනයක මේ ගැන සඳහනක්වත් නැත්තෙ. එහෙම දෙයක් වෙලා නැති නිසයි. හදිසියේම මේ තමන්ගේ වංචාව වහගන්න වෝහාරික විගණන වාර්තාව මේ වන විට එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හිරිකිත විදිහට පාවිච්චි කරමින් ඉන්නවා.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බැඳුම්කර වංචාවක් සිදු කළ බව තහවුරු කරගන්න අපි පාවිච්චි කළේ විගණනය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය ලබාදී ඇති විගණකාධිපතිවරයාගේ විගණන වාර්තාවයි. නමුත් මේ වාර්තාව හදන්නේ විගණකාධිපතිතුමා නෙවෙයි. බීඩීඕ කියන ඉන්දියානු විගණන ආයතනයක්. කවුද මේ විගණන ආයතනය තෝරා ගන්නේ. අපේ විගණකාධිපතිතුමා නොවෙයි. මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයයි. මහා හොරෙක් වෙච්ච අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට පත් කරපු පාලකයෝම පත්කරපු මූල්‍ය මණ්ඩලයක් තමයි මෙම සමාගමටත් මේක බාර දෙන්නේ. මේක හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් නෙවෙයි. හොරාගෙන් පේන ඇසීමක්. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා අර්ජුන් මහේන්ද්‍රන්ට උපදෙස් දුන්නා යැයි අර්ජුන් මහේන්ද්‍රන් සඳහන් කරන ආකාරයට, මහින්ද රාජපක්ෂ මැතිතුමා එවකට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමාට යම් වංචාවක් කිරීමට අවශ්‍ය ආවරණය, උපදේශය, ලබා දුන්නා යැයි මේ වාර්තාවේ කොතැනවත් සඳහන් වෙලා නැහැ.

එක්සත් ජාතික පක්ෂය අමාත්‍යවරුන් තුන් දෙනෙක් 2015 ජනවාරි මාසයේ මහ බැංකුවට ගිහින් බැඳුම්කර වංචාව සිදු කරන්නට කුමන්ත්‍රණය කළා යැයි කියන චෝදනාවක් කොමිසම හරහා හෙළි වුණා. නමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කිසිම අමාත්‍යවරයෙකුට බැඳුම්කර වංචාවක් කරන්නට කුමන්ත්‍රණය කළ බවට කිසිම චෝදනාවක් මෙම වෝහාරික විගණන වාර්තාවේ නැහැ. එය මා ඉතාම වගකීමෙන් සඳහන් කරනවා.

එහෙම නම් මොකක්ද මේකේ තියෙන්නේ. 2015 පෙබරවාරි මාසයේ අර්ජුන් මහේන්ද්‍රන් ඇවිල්ලා සිය වංචාවට අවශ්‍ය පසුබිම සාදා ගැනීම සඳහා තරඟකාරී ලංසු ක්‍රමය කියන එක හඳුන්වා දෙන තුරු දීර්ඝ කාලයක් එනම් 1990 දශකයේ මැද සිට දිගටම භාවිතා වුනේ සෘජු ලන්සු තැබීමේ ක්‍රමය යි. මේ වාර්තාවෙන් කියන්නේ ඒ සෘජු ලංසු තැබීමේ ක්‍රමයේදී එවකට වෙළඳ පොලේ පැවති පොලිය අනුපාතයට වඩා වැඩි පොලී අනුපාතයකින් ලංසු බාර ගැනීමෙන් ආණ්ඩුවට පාඩුවක් සිදු වූ බවයි. වංචාවක් සිදු වූ බව කොතැනකවත් නෑ. කියලා තියෙන්නෙ පාඩුවක් සිදු වූ බවයි. විකල්ප ක්‍රම තිබියදී හැම ක්‍රමයකම වාසි සහ අවාසි තිබෙනවා. මේ ක්‍රමය යොදාගැනීමෙන් පාඩුවක් සිදුවුණා යැයි මෙම ව්‍යාහාරික විගණන වාර්තාව හදපු විගණන ආයතනය විසින් මතයක් පළ කරලා තියෙනවා. එම මතය අප පිළිගන්නේ නැහැ. මොකද ඔවුන් කියන්නේ වෙළඳපොලේ තිබුණු මිල වැඩිවුණා කියලයි. අපි දන්නවා ඕනෑම භාණ්ඩයකට ඉල්ලුම වැඩි උනහම මිල ඉහළ යනවා. මුදල් කියන භාණ්ඩයේ මිල තමයි පොලී අනුපාතය. අලුතෙන් මුදල්වලට ඉල්ලුමක් එනකොට පවතින පොලී අනුපාතය වැඩි වෙනවා. ඒක ස්වාභාවික තත්වයක්. පවතින වෙළඳපොලේ සැපයුම ගොඩක් වැඩි වුණොත් විතරයි ඉල්ලුම වැඩි වෙද්දි මිල ඉහළ යාමක් සිදු නොවන්නේ. මේවා සරල ආර්ථික විද්‍යාත්මක සිද්ධාන්ත. මේ වෝහාරික විගනන වාර්තාව නම් හදලා තියෙන්නේ විගණකවරුන් කිව්වට පසුගිය ආණ්ඩුව පත්කළ මූල්‍ය මණ්ඩලය විසින්. සිදු වෙලා තියෙන්නේ තමන් තෝරගත්ත පුද්ගලික ආයතනයක් ලවා මතයක් පල කරවීමක් පාඩුවක් සිද්ධ උනාය කියල. ඒ මතය අප පිළිගන්නේ නැහැ. ඒ වගේම මේ වාර්තාවේ කොතනකවත් වංචාවක් සිදු වූ බවට සඳහන් වන්නේ නැහැ. ඒ නිසා මේ වෝහාරික විගණන වාර්තා නාඩගම එක්සත් ජාතික පක්ෂ 2015 බලයට ඒමට ආරම්භ කරලා පසුගිය ජනාධිපතිවරණයේ දී තීවුර කරපු තමන්ගේ බොරු වල තවත් එක නාඩගමක් පමනයි කියන එක සඳහන් කරන්නට අවශ්‍යයි.

– අරවින්ද අතුකෝරල

49,624 Viewers

20 Comments to “බැදුම්කර වෝහාරික විගණන වාර්තාව හදා ඇත්තේ අර්ජුන මහේන්ද‍්‍රන්ට හිතවත් ඉන්දීය ආයතනයකින්..”

  1. NGO=JVP=GU NP says:

    JVP NOT A POLITICAL PARTY

    JVP IS POLITICAL PROSTITUTES, HIRED BY INTERNATIONAL NGO’s

    NOTHING TO SAY EXPLAIN THE REAL BUT HIDDEN TRUTH, SRI LANKA FOOLS CAN NOT UNDERSTAND

    JVP ( LOCA NGO & POLITICA PROSTITUTE) = INTERNATIONAL NGO + GU NAP + LOCAL OTHER NGO

    TRAITORS OF MOTHERLAND

    • උදේ දවල් රෑ නැතුව මහබැංකුව හොරාකාලා දැන් එනවා සුදනො වෙන්න. දැන් මුන් හොරාකාලාම නෑ. වාර්තාව හදපු අය තමයි වැරදි.

    • ගමයා - පිලයා 2 says:

      අර්ජුන මහේන්ද්‍රගේ අම්මා මේ ඔඩිට් එක කරත්, මේකෙන් එළිවෙලා තියන කරුණු හරිද වරදිද කියලා බලන එකනේ කරන්න තියෙන්නේ, මේකේ තියන කරුණු වැරදි නම් එක KPMG කරත් වැරදියි අර්ජුන මහේන්ද්‍රගේ අම්මා කරත් වැරදියි ඒවගේම කරුණු හරි නම් එක KPMG කරත් හරි අර්ජුන මහේන්ද්‍රගේ අම්මා කරත් හරි. ඉතින් කරපු එකාගේ ජාතකේ හොයන්න්ඩ ඉස්සල්ලා එළිවෙලා තියන කරුණු හරිද වැරදිද කියලා බැලුවොත් නේ ද හොඳ. අනික ගම්මන්පිලට කිසිම වැඩක් බැ. ඉතින් ඇතුලේ තැන තියාගන්න මේවගේ බුහුබුත කියවනවා. ගම්මන්පිල කියලා මෙච්චර රෙදි හෝදන්න පුළුවන් ද ?

  2. Sepalikata horen kotana orwin says:

    Ajith niwad kabraal’ s fantastic invention!!!

    • Wijebahu says:

      This shows Gammanpila has no credibility and respect. His job is to whitewash the sins committed by Rajapaksas. Audit was done by world renowned KPMG.

  3. ananda says:

    obata semadeyata uttarayak aetha, pasugiyakale horakam kala siyaludena danno dani

  4. Gini says:

    Everyone is seems to be innocent. So who did it.

  5. kawinda says:

    බොරු බයලා නැතිව වැරැද්ද වැරදි විදිහට දැකපල්ලා. මොකා කරත් වැරදි වැඩේ වැරදි. මේවා අහිංසක මිනිස්සුන්ගේ සල්ලි. හරි දේ අගයන්ටත් වැරදි දේ වැරදි විදිහට දකින්න පුළුවන් කොන්දක් තියෙනකන් , අපිට රටක් හැටියට ඉස්සරහට යන්න ලේසි නෑ.

  6. එක්නැලිගොඩ says:

    බොහොම ස්තුතියි තේරෙන භාෂාවෙන් පැහැදිලිව මේ ගැන පැහැදිළිකලාට ඔබතුමාට

    • බලාගෙන මෙයාගෙ පැහැදිලිකිරීම් බාරගන්නෙ. මොකද දන්න මගුලක් නෑ. දින 52 ආණ්ඩු ලණුව මහින්දට ගිල්ලවලා ඒ නඩුව යන හැම දවසෙම පඩිපෙලේ ඉඳගෙන හෙන ලොකු පොර ටෝක් දුන්නා. තීන්දුව එනකොට බල්ලා වගේ නගුට පු. ගහගෙන මාරු.

  7. වජිර says:

    යකෝ කඩයකින් හොරකම් කරල පාඩු ලබනව කියන්නේ එකක්. වෙලදාමේදී ලාභ පාඩු වෙනව කියන්නේ තව එකක්. දැන් සනීපෙද ජවිපෙටයි හූ ඇන්පියටයි.

    • එතකොට පොදු පෙරමුණු කාලෙ ලාබ පාඩු.. යහපාලන කාලෙ හොරා කෑම… මොකද්ද පරයො ඒ පැහැදිලි කිරිම? ගොනෙක් උනාට තප්පුලන්න එපා.

  8. Sajith says:

    මහ බැංකු කොල්ලයට සමාන මහා මුදල් හොර වංචාව – වෝහාරික වාර්තාව​.

    ගෙවූ මුදල මිලියන් 700 ට අධිකයි.

    බැඳුම්කර හොරකමේ සියලු දත්ත පරිගනක වල වාර්තා ලෙස පැහැදිලිව ඇති දේවල්.
    අමුතුවෙන් මහා වියදමක් කර විශේසඥයින් තොග ගානකට අවුරුදු ගණන් කෝටි ගණනින් පඩි ගෙවා කරන්න ඕන දෙයක් නොවේ.
    මේ මිලියන් 700+ ත් ගියේ එකම හොරුන්ට වීමට බොහෝ දුරට ඉඩ ඇත​.

    • සෝමෙ says:

      මුලින් ගණන් ඉගෙන ගනින්. ⁣මහින්දගෙ පොදු පෙරමුණ උදේ දවල් රෑ නැතුව කොල්ලකාලා.
      මිලියන 10000යි. යහපාලනේ මිලියන 600යි. මහින්ද යහපාලනේ වගේ 16 ගුණයක් කොල්ලකාලා. ලෝකෙ පිලිගත් සමාගම් වාර්තාව ගැන අගුණ කියල වැඩක් නෑ. අප්පොච්චි මහබැංකුවටත් කෙලිය එහෙනම්.

      • Sathya says:

        This is twisted information, there should be a mechanism to punished the people who published wrong information

  9. abu Bakar says:

    මේවා අහිංසක මිනිස්සුන්ගේ සල්ලි. හරි දේ අගයන්ටත් වැරදි දේ වැරදි විදිහට දකින්න පුළුවන් කොන්දක් තියෙනකන් , අපිට රටක් හැටියට ඉස්සරහට යන්න ලේසි නෑ.

  10. True news says:

    Mahabankuwe 2015 horakamin passe rate arthikayata weccha haniya ita passe arthikaye watichcha widiyata sitha gatha hakiya, mehi miliyana 10000 ilakkama unp ye rajtha hari harsh hari drama athi bawaw pene

  11. harsha says:

    සාමාන්‍යයෙන් විගණන සමාගමක් සල්ලි දුන්නා කියලා බොරු වාර්තා දෙන්නේ නෑ. හේතුව ඊට පස්සේ තමන්ගේ ප්‍රතිරූපය හා විශ්වාසනීයත්වය නැතිවෙලා ව්‍යාපාරික කටයුතු කරගන්න බැරිවෙන නිසා.

  12. Gini says:

    Butch Cassidy and Sundance kid.

  13. මේක තමා බලුන්ගේ න්‍යාය says:

    මේක තමා බලුන්ගේ න්‍යාය පාර්ලිමේන්තුවේ කෙන්නෙත් ඒකම තමයි. කණු.බොනු. වලවල් හාරනු. රෙනු. වහනු. නොකල වගේ ඉනු….මේක තම මේ බළල්ලු කොරන්නේ කියල අපේ සීයාකියල හිනාවෙනවා.

Main News