බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනපති ගන්න තීන්දුව දෙස මුලු රටම බලා ඉන්නවා..

October 13, 2016 at 8:02 am | lanka C news
බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනපති ගන්න තීන්දුව දෙස මුලු රටම බලා ඉන්නවා..

දැනට සිදු කරන පරීක්ෂණ අවසන් වූ වහාම මහාබැoකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තීන්දුවවක් ගනු ඇතැයිද ජනාධිපතිවරයා විසින් ගනු ලබන තීන්දුව දෙස මුලු රටම බලාගෙන සිටින බවද, රනිල් මෛත්‍රී ජාතික රජයේ මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පැවසීය.

මහාබැoකු බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් තීන්දු ගැනීමට හදිසියේම මුදල් මණ්ඩලය රැස්වන බවත් එහිදි තීන්දු කිහිපයක් ගනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන වැඩිදුරටත් පැවසීය.

හිටපු මහාබැoකුවේ අධිපති අර්ජූන් මහේන්ද්‍රගේ බෑනගේ සමාගම වාන පර්පර්චුවෙල් ට්‍රෙසරිස්,අර්ජූන් මහේන්ද්‍රගේ පාලන කාලය තුල මහාබැoකුවත් සමඟ කරනු ලැබූ බැදුම්කර ගනුදෙනුව හරහා පසුගිය මාස 15 තුල රුපියල් බිලියන 5 කට වඩා අසීමිත ලාබයක් ලබා ඇති බවත් එයින් රටට වූ හානිය පසුගිය කාලයේ රටට සුනාමියෙන් වූ හානියට වඩා බරපතළ බවත් , ඉතා සීමිත සම්පත් හිමි එම සමාගම මේසා විශාල මුදල් කන්දරාවක් හම්බකර ගැනීමට එම සමාගමේ හිමිකරුවකුගේ මාමණ්ඩිය වූ හිටපු මහාබැoකුවේ අධිපති අර්ජූන් මහේන්ද්‍රගේ තම බෑනගේ සමාගමට අනියම් ආකාරයෙන් උදව් කල බැව් ඔහුට ඇති චෝදනා බව මහාබැoකුවේ හිටපු නියෝජ්‍යා අධිපති වන ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන සමඟ මුල්‍ය විශ්ලේෂකයකු වන ෆාර්ස් විසින් විමසන කරුණු සම්බන්ධ පැහැදිලි කරන ලදි.

45 views
Main News