බැදුම්කර හොරකම යටගැසීමේ කුමන්ත‍්‍රණයක්.. අන්තිම මොහොත තෙක් අගමැති බේරන්න හැම උප්පරවැට්ටියක්ම යොදයි..

January 3, 2018 at 10:16 pm | lanka C news
බැදුම්කර හොරකම යටගැසීමේ කුමන්ත‍්‍රණයක්.. අන්තිම මොහොත තෙක් අගමැති බේරන්න හැම උප්පරවැට්ටියක්ම යොදයි..

බැදුම්කර මහ මොළ කරුවන්ට වත්මන් යහපාලන ආණ්ඩුව යටතේ කිසිදු දඬුවමක් ලැබෙනු ඇතැයි කිසිදු විශ්වාසයක් නොමැති බවත් ඉතා ඉක්මනින් පිහිටුවන නව ආණ්ඩුව යටතේ මෙම බැදුම්කර වංචාවට සම්බන්ධ සියලූ පාර්ශව වලට තරාතිරම නොබලා දඬුවම් දෙන බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

මෙම බැඳුම්කර වංචාව සඳහා අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයාද සෘජුවම වගකිව යුතු බව පෙන්වා දෙන රණතුංග මහතා බැඳුම්කර කොමිසම සම්බන්ධ ආණ්ඩුවේ ක‍්‍රියා කලාපය සුපුරුදු රංගනයක් මගින් රටේ ජනතාව රැවටීමක් වනු ඇතැයි ද සැක පල කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීම් මාලාවේ පළමුවැන්න පවත්වනු ලබන 06 වෙනිදා ගම්පහ කඩවතදී පැවැත්වීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා (03) පැවති මාධ්‍ය හමුවකදී රණතුංග මහතා මේ බව සඳහන් කළේය. උඩුගම්පල රණතුංග මහතාගේ නිවසේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ප‍්‍රසන්න රණතුංග මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය.

‘පසුගිය වසර දෙකහමාර තමයි මේ රටේ ඉතිහාසයේ කාලකණ්ණිම වසර දෙක හමාර. මේ ආණ්ඩුව යටතේ රටේ ජාතික ආරක්‍ෂාව බිංදුවට වැටිලා. මේ ආණ්ඩුවට කිසිම ප‍්‍රතිපත්තියක් නෑ. සැලසුමක් නෑ. අද මේ රටේ නායකයන් කරන්නේ බොරු බේගල් ගහන එකයි. ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ පහළම නායකයා දක්වා ජනතාව රවටනවා.

හොරු අල්ලනවා යැයි කියමින් බලයට පත් වූ ආණ්ඩුව කිසිදු හිරිකිතයකින් තොරව රටම හූරගෙන කනවා. අද කවුරු ඉදිරියේ වරදකරු නොවුනත් මේ ආණ්ඩුව ජනතා අධිකරණය ඉදිරියේ වරදකරු වෙලා ඉවරයි. ඒ නිසා තවත් සුරංගනා කථා කියමින් මේ රටේ ජනතාව නොමග යවන මේ රනිල් ආණ්ඩුවට බැහැ. දින 100 ආණ්ඩුව වේලාවේ බැඳුම්කර වංචාව හෙළිදරවු වුණ වෙලාවේ රනිල්ව රැක ගන්න ආණ්ඩුව විසුරවපු ජනාධිපතිවරයාගෙන් ඒ සඳහා සාධාරණ තීන්දුවක් ලැබෙනු ඇතැයි අපි කිසිසේත් විශ්වාස කරන්නේ නෑ. ජනාධිපතිවරයා අවසන් මොහොත දක්වාම රනිල් ගලවා ගැනීමට පුළුවන් හැම උප්පරවැට්ටියක්ම යොදන බව පැහැදිලියි. ඒ නිසා අපි බොහොම වගකීමෙන් කියන්නේ මේ බැඳුම්කර හොරකම යට ගැසීමේ කුමන්ත‍්‍රණයක් තිබෙනවා.

ඒ මේ අසාර්ථක ආණ්ඩුව ගෙදර යවන්න දැන් රටේ ජනතාව තීරණය කරලා ඉවරයි. අපි පෙබරවාරි 10 වෙනිදා මේ රට මේ ශාපයෙන් මුදා ගැනීමේ මුල් පියවර තියනවා. ඉතා ඉක්මණින් අපි කොක්කෙන් හරි කෙක්කෙන් හරි මහින්දගේ ආණ්ඩුවක් පිහිටුවනවා. ඒ ආණ්ඩුව යටතේ බැඳුම්කර හොරුන්ට නිසි දඬුවම් දෙනවා. ඔවුන්ගේ තරාතිරම මොකක් උනත් අපි ඔවුන්ව අත අරින්නේ නෑ. බැඳුම්කර කුඩු කෑ සැමට එදාට වග කියන්න වේවි.

දැන් අපිට තර්ජනය කරනවා අපේ මන්ත‍්‍රීවරයා අහෝසි කරනවා කියලා. අපේ මන්ත‍්‍රීධූර නෙවෙයි මොනවා නැති කලත් අපි යන ගමන නතර කරන්න ඒ අයට බෑ. මහින්දගේ ඡුායාරූපය ගහගෙන ආයෙමත් ජනතාව රවට්ටන්න ආණ්ඩුවට මුක්කු ගහපු අයට අප ඉඩ දෙන්නේ නෑ.

අද මේ මැතිවරණ සටන තියෙන්නේ ආණ්ඩුව හා විපක්‍ෂය අතරයි. ආණ්ඩුව නියෝජනය කරන ඒ වගේම ආණ්ඩුවට මුක්කු ගහපු අයත් ඉන්නවා. හැබැයි අපි ඉන්නේ මේ ආණ්ඩුවට විරෝධී සටනකයි. මේ දේශද්‍රෝහී ආණ්ඩුව පලවා හැරීමේ සටනේ පළමු වෙනි අදියර අප 06 වෙනිදා ගම්පහ කඩවතින් අරඹනවා. එදාට ලොකු වෙනසක් අපි ගම්පහින් කරනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුලීප් විජේසේකර මහතා,

මේ මැච් එක තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ A ටීම් එකයි, B ටීම් එකයි අතරේ. හැබැයි මේ මැතිවරණයේදී දිනන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ B ටීම් එක. ඒකට නායකත්වය දෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහතායි. මේ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක් බව ඔබ මම අත්දැකීමෙන් දන්නවා.

ප‍්‍රසන්න රණවීර, සිසිර ජයකොඩි මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කුමාර අරංගල්ල යන මහත්වරුන් මෙහිදී කථා කළහ.

– ප‍්‍රදීප් අනුර කුමාර

179 views

5 Comments to “බැදුම්කර හොරකම යටගැසීමේ කුමන්ත‍්‍රණයක්.. අන්තිම මොහොත තෙක් අගමැති බේරන්න හැම උප්පරවැට්ටියක්ම යොදයි..”

  1. බන්ඩා says:

    බැඳුන්කර කොමිසමේ වාර්ථාව අැත්ත අැති සැටියෙන් ඉදිරිපත් කලාද? ලක්ෂ්මන් යාපා අැමති කිව්වෙත් බන්දුල සහ වෙනත් අාර්තික විශ්ලේශකයන් ගනන් හදල පෙන්නුවෙත් බැඳුන්කරේ පාඩුව රු. ට්‍රිලියනයකට අධික බවය්. වැරදි කරැවන් කපන කඩුවක් ගැන කය්ය ගැහුව ජනාධිපති හෙලි කලේ අන්දයින්ටත් පැහැදිලිව පෙනෙන බැඳුන්කර මතු පිටට පෙනෙන පාඩුව සහ හොරු දෙන්න ගැන සහ උන් ලවා ගෙවල් කුලිය ගෙවා ගත්ත පොඩි හොරෙකුට (රවියා) නීතිමය ක්‍රියා මාර්ග ගත යුතු බවය්. අර්ජුන් සහ බෑන බැඳුන්කර හොරු බව පෙන්නල දෙන්න කොමිසමක් අවශ්‍ය නැති බව අද ලංකාවෙ පහේ පන්තියෙ ලමයත් දන්නවා. රවිය ජරාව කෑ බවත් දන්නවා. කොමිසම හෙලි කල යුතුව තිබුනෙ මහ බැංකුව තිබුනෙ කා යටතෙද අර්ජුනගෙ ලොක්කා කවුද අර්ජුන උපදෙස් ගත්තෙ කාගෙන්ද ඉදිරි වසර 30හේ රටට වෙන පාඩුව කීයද යන්නය්. සිරිසේන බැඳුන්කර කැප්ටන් රනිල් බව හෙලි කරන්න බයය්. සිරිස්නට අැත්තේ පොට්ට කඩ්ඩක්.

  2. Nandasoma says:

    කෝප් වාර්තාව යට ගහන්න ආණ්ඩුව විසුරුවන ලද ජනාධිපති අද හොරු අල්ලන්න කථා කරනව…..!
    කොමිම නිර්දේශ කරල තියෙනව නම් වැරදි කරුවන්ට දඬුවම් දෙන්න තවත් පරීක්ෂණ මොනවටද?

  3. NAK says:

    We knew from the very beginning that after a mountain of labour a tiny mouse will be given birth.
    In wain the efforts of Dappula and his team.
    But this surly is not the end but beginning of the end.
    RW still has a few more days to stew before fry.

  4. Karu says:

    ලාංකිකයන් විතර අවාසාවන්ත ජාතියක්! ජාතියේ අනාගතයට බලපාන ප්‍රශ්නයකදී කතා කරන විපක්ෂයක්, විපක්ෂ නායකයෙක් කෝ?

  5. Karu says:

    My God! Hell is too much a luxury for these rouges.
    Let these bastards have a slow death, inch by inch.Second by second.

Main News