බැදුම්කර හොරා මා නොවේ.. මහ බැංකුව තිබුනේ මා යටතේ නොවේ..- රවි සියල්ල හෙලි කරයි..

December 8, 2017 at 9:20 am | lanka C news
බැදුම්කර හොරා මා නොවේ.. මහ බැංකුව තිබුනේ මා යටතේ නොවේ..- රවි සියල්ල හෙලි කරයි..

තමන් මුදල් ඇමති ලෙස කටයුතු කලත් මහ බැංකුව රාජ්‍ය බැංකු කිසිවක් මුදල් අමාත්‍යංශය යටතේ පාලනය නොවූ බව හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

එවන් තත්වයකදී එම ආයතනවල තීන්දු තීරණ සම්බන්දයෙන් තමන් වගකිව යුතු නැති බවද හිටපු ඇමතිවරයා කියා සිටී.

අන්තර්ජාල වෙබ් අඩවියක් වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

සත්‍ය කුමක්දැයි ඉදිරියේදී ජනතාව තේරුම් ගනු ඇති බවද ඔහු එහිදී පෙන්වා දී තිබේ.

‘මං වරදක් කරලා නෑ. ජනතාව දවසක ඇත්ත තේරුම් ගනීවි. එදාට ජනතාව යලිත් මා සමඟ එක් වේවි. කවදාවත් ඇත්ත වසන් කරන්නට බෑ.

මම කුඩා කල සිට සමාජසේවා කටයුතුවල නිරත වෙනවා. බලය තිබුණත් නැතත් මම ඒ කටයුතු නතර කරන්නේ නෑ. ජනතා මෙහෙවර මම නතර කරන්නේ නෑ.

සමාජ සේවා කටයුතු සිදු කරන කොට පක්ෂ විපක්ෂ සතුරන් තියෙනවා. ඒ සතුරුකම්වලට මුහුණ දෙන්න අපට ශක්තිය තිබෙනවා’ යැයි ද හිටපු ඇමැතිවරයා සඳහන් කර ඇත.

මීට පෙර වතාවකද ඇමතිවරයා සදහන් කර තිබුනේ මහ බැංකුව හෝ රාජ්‍ය බැංකු කිසිවක් තමන් යටතේ නොතිබූ නිසා බැදුම්කර නිකුතුවට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවයි.

167 views

16 Comments to “බැදුම්කර හොරා මා නොවේ.. මහ බැංකුව තිබුනේ මා යටතේ නොවේ..- රවි සියල්ල හෙලි කරයි..”

  1. john the baptice says:

    හිටපු මුදල් ඇමති රවි එම ධුරය දරන කාලයේදී ආසියාවේ හොදම මුදල් ඇමති සම්මානය ලබා ගැනීම වෙනුවෙන් කෝටි 16ක මුදලක් වියදම් කර ඇති බව උතුරු මැද පළාත් සභා මන්ත‍්‍රී වසන්ත මහතා පවසයි.

  2. Maha Banku Horu says:

    Maha banku hora thaman noweinam aththa horu kawda kiyala kiyanna bari ai? E kiyanne mung okkoma ekathu wela thamai maha bankuwata wadedunne. Horu kawda kiyala dannawa, habai kiyanna bayai.

  3. සමාජ සේවා says:

    “බැදුම්කර හොරා මා නොවේ”. = ඒ උනාට හොරකම් කරපු එකාගෙන් කෝටි 16,1/2 කට ගෙයක් මගේ ගැනිට තෑගි ලැබුනේ ඌට වැඩේට පාර කපල දුන්න නිසයි. එකට මම වැරදි කාරයෙක් නොවේ. ඇයි දුන්නේ කියල මගේ ගැනිගෙන් තමයි අහන්න වෙන්නේ.
    “මහා බැංකුව තිබුනේ මා යටතේ නොවේ”.= ඒ නිසා තමයි අනිත් රාජ්‍ය බැංකුවලට මම අණ දුන්නේ ලන්සු අඩුවෙන් තියන්න කියල අලෝසියස්ට සේරම ගන්න පුළුවන් වෙන විදියට. මමද හරි ලෝකෙම හොදම මුදල් ඇමති සම්මානය ලබපු කෙනාද හරි.

  4. David Milli-Banda says:

    “බැදුම්කර හොරා මා නොවේ” ….. ” mata mathaka nehe oi” “

  5. ජානක ජයවර්ධන says:

    රවිගෙ දේශපාලන අනාගතය විනාශ කළේ බිරිඳගේ ඥාති පරපුර, රවිට ලංවී සිටින ලලිත් ඇතුලත්මුදලි විනාශ කළ කණ්ඩායම සහ තිනියාවල ගණින්නාන්සේ විසින්. සිරස මහරාජා සමග එක්වී රනිල් පතුරු ගැසූ එජාප හිටපු මහ ලේකම් දහමි විමලසේනගෙ නාකි අඹුවටත් තනතුරැ දෙන්න තරමි රවි නොමග ඇරියේ මොවුන් විසින්.

  6. තිනියාවල සිරිසේන says:

    අපේ උන්නාන්සෙ නමි කියන්නෙ රවි හොඳ මිනිහ කියල. ඇයි නැතිව උන්නාන්සෙට ලංකා හොස්පිටල් අධ්‍යක්ෂකමයි, කිසිම සුදුසුකමක් නැති මල්ලිට බැංකු සභාපතිකමකුයි, මල්ලිගෙ දුවට අමාත්‍යාංශයේ රැකියාවකුයි ගන්න බැහැනෙ විජේදාස රාජපක්ෂ වගේ බෞද්ධ කෙනෙකුට අන්දලා. කොටින්ම කිවිවොත් සරත් නන්ද සිල්වා එක්ක ඩීල් කරල වරද පිළිගනින් කියල SB ටත් ජමිපරේ අැන්දුවනේ.

Main News