බැදුම්කර හොරුන්ට කෙලින්ම නඩු.. ජනාධිපති වහා නීතිපති කැදවයි..

January 1, 2018 at 9:20 am | lanka C news
බැදුම්කර හොරුන්ට කෙලින්ම නඩු.. ජනාධිපති වහා නීතිපති කැදවයි..

මහ බැංකුවේ බැදුම්කර අක‍්‍රමිකතාවය සම්බන්ධයෙන් පරීක්‍ෂණය කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාවේ ඇති නිර්දේශයන්ට අනුව චෝදනා එල්ල වන පුද්ගලයන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරෙනු ඇති බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර පවසයි.

බැදුම්කර වංචාවේ චෝදනා එල්ල වූවන් සම්බ්ධයෙන් ගත යුතු නීතිමය පියවරයන් ගැන වාර්තාවෙන් නිර්දේශ කර ඇති බව තමන් සිතන බවත් ජනාධිපතිතුමන්ද ඒ අනුව ඉදිරි පියවර ගනු ඇතැයිද ඔහු සදහන් කලේය.

පෙරේදා දිනයේ ජනාධිපතිවරයා අතට මෙම කොමිසමේ අවසන් වාර්තාව බාර දුන් අතර එහිදී කොමිසමේ සභාපති විනිසුරුවන් සමග ජනාධිපතිවරයා පැය බාගයකට වැඩි කාලයක් සාකච්චා කර ඇත.

මේ අතර බැදුම්කර කොමිසමේ ඉදිරි නීතිමය කටයුතු ගැන සාකච්චා පැවැත්වීම සදමා ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයා හෙට දිනයේ කැදවා තිබේ.

12 views
Main News