බැදුම්කර හොරුන් ඇමති රවිට දුන් සුපිරි නිවස වහන්න ගොස් තවත් රහස් තොගයක් හෙලිවෙයි.. මුළු පවුලම මාට්ටුයි..

July 28, 2017 at 10:35 pm | lanka C news
බැදුම්කර හොරුන් ඇමති රවිට දුන් සුපිරි නිවස වහන්න ගොස් තවත් රහස් තොගයක් හෙලිවෙයි.. මුළු පවුලම මාට්ටුයි..

GLOBAL TRANPORTATION AND LOGISTIC සමාගමේ සභාපතිවරයා ඔහු සතු සේප්පුවක රුපියල් මිලියන 145 කට අධික මුදල් නෝට්ටු තැන්පත් කර තැබීම මුදල් විශුද්ධිකරණයට උත්සහ ගැනීමක් විය හැකි බව තමන් පිළිගන්නේ යැයි එම සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා අද බැදුම්කර කොමිසමේදී ප්‍රකාශ කළේය.

එම සමාගම 2016 වසරේදී කොළඹ නගරයේ සුඛෝපභෝගී මහල් නිවාසයක් මිලදි ගැනීම සම්බ්න්ධයෙන් බැදුම්කර කොමිසම සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ මේ බව අනාවරණ විය.

අද කොමිසමේ කටයුතු ආරම්භ වූ මොහොතේ කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා පැවසුවේ ප්‍රාථමික වෙළදපොලේ සහ ද්විතීය වෙළඳපොලේ බැදුම්කර ගනුදෙනු හරහා පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගම උපයාගත් විශාල මුදල යෙදවූයේ, කුමන ආයෝජන සඳහා දැයි යන්න කොමිසම සොයාබැලිය යුතු බවයි.

එම සමාගම පෞද්ගලික රූපවාහිනී ආයතන, පුවත්පත් ආයතන සහ මහාපරිමාණ මත්පැන් නිශ්පාදන ආයතන මිලට ගත් බව තොරතුරු පවතින බැවින් 2015 ජනවාරී මස සිට ඔවුන් සිදුකළ ආයෝජන සහ මිලට ගත් ආයතන ලැයිස්තුවක් කොමිසමට ඉදිරිපත් කරන ලෙස ප්‍රසන්න ජයවර්ධන මහතා දැනුම් දී තිබේ.

මේ අතර අර්ජුන් ඇලෝෂියස් මහතා කොමිසමට ලබාදුන් සිය නවීන ජංගම දුරකථනයේ ගිණුමට අදාළ රහස් අංකය කොමිසමේ විමර්ශන නිළධාරීන්ට ලබාදෙන ලෙසද කොමිසම අද නියෝග කළේය.

ඒ අර්ජුන් ඇලෝෂියස් මහතා එම රහස් අංකය නිළධාරීනට ලබාදීම මගහරිමින් සිටින බවට අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා කොමිසමට සිදුකළ දැනුම්දීමකින් අනතුරුවයි.

මේ අතර 2016දී කොළඹ නගරයෙන් ආන්දෝලනාත්මක සුඛෝපභෝගී මහල් නිවාසය මිලදී ගත් GLOBAL TRANPORTATION AND LOGISTIC LTD ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිළධාරී බ්‍රයන් සින්නයියා මහතා අද කොමිසම හමුවට කැඳවා තිබුණි.

2015 ජනවාරි 8 වනදා ඉල්ලා අස්වනතෙක් අමාත්‍ය රවී කරුණානායක මහතාද එම ආයතනයේ කළමණාකරණ අධ්‍යක්ෂ ධුරයක් දරා ඇති අතර මේ වන විට අමාත්‍යවරයාගේ බිරිඳ සහ වැඩිමහල් දියණිය එහි විධායක අධ්‍යක්ෂ ධුරයන් හොබවනු ඇත.

GLOBAL LOGISTIC ආයතනයේ සභාපති ධුරය දරන්නේ එංගලන්තයේ පදිංචිව සිටින ලක්ෂිමිකාන්තන් නැමැත්තෙක් බව සාක්ෂිකරු කොමිසමට අණාවරණ කර තිබේ.

සින්නයියා මහතා කොමිසම ප්‍රකාශ කළේ 2016 ජුලී මස GLOBAL LOGISTIC ආයතනයේ ආයෝජනයක් වශයෙන් මෙම සුඛෝපභෝගී නිවස මිලදී ගන්නා ලෙස අධ්‍යක්ෂවරුන් තමන්ට උපදෙස් දුන් බවයි.

ඒ අනුව ඒ සඳහා ප්‍රමාණවත් මුදල් ආයතනය සතුව නොතීබූ බැවින් පෞද්ගලික බැංකුවකින් රුපියල් මිලියන 150 ක ණය මුදලක් අයදුම් කිරීමට තමන් කටයුතු කළ බව සාක්ෂිකරු වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත් නිවසේ පැරණි හිමිකාරියට අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් මිලියන 16.5 ක මුදලක් ලබාදුන්නේ කෙසේදැයි කොමිසම සාක්ෂිකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කර තිබේ.

එම මුදල ලබාදුන්නේ GLOBAL LOGISTIC ආයතනය තුළ ඇති සමාගමේ සභාපතිවරයාට අයත් මුදල් සේප්පුවෙන් ලබාගත් නොට්ටුවලින් බව ඔහු අණාවරණ කර ඇත.

එහිදි සාක්ෂිකරුගේ සාක්ෂ මෙහෙයවු අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා විමසුවේ කිසිදු ආයෝජනයක් සිදු නොකර එවැනි මුදල් නොට්ටු ප්‍රමාණයක් සේප්පුවක රඳවා තිබීම පුදුම සහගත කරුණක් නොවන්නේද යන්නයි.

GLOBAL LOGISTIC ආයතනයේ සභාපති ලෙස කටයුතු කරන ලක්ෂ්මිකාන්තන් නැමැත්තා 2016 පෙබරවාරි මස එංගලන්තයේ සිට පැමිණි අවස්ථාවේ රැපියල් මිලියන 70ක වටිනාකමින් යුත් මුදල් නෝට්ටු පාර්සල් දෙකක රැගෙන විත්, එම නෝට්ටු සේප්පුවේ තැන්පත් කරන ලෙස තමන්ට උපදෙස් දුන් බව සාක්ෂිකරු කොමිසමට අණාවරණ කළේය.

එය මුදල් විශුද්ධිකරණය සඳහා උත්සහ ගැනීමක් විය නොහැකිදැයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රශ්න කළ විට සාක්ෂිකරු පැවසුවේ එය මුදල් විශුද්ධිකරණයක් විය හැකි බව තමන් පිළිගන්නා බවයි.

එමෙන්ම ආන්දෝලනාත්මක සුඛෝපභෝගි නිවස මිලට ගැනීම සඳහා ලබාගත් බැංකු ණයල පළමු වාරිකයේ සිටම ගෙවන ලද්දේ මෙම සේප්පුවෙන් ලබාගත් නෝට්ටු වලින් බව ඔහු කොමිසම සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අණාවරණ කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ 2017 පෙබරවාරි මස ලක්ෂ්මිකාන්තන් නැමැත්තා මෙරටට පැමිණි මොහොතේ තවත් රුපියල් මිලියන 75ක් වටිනා මුදල් නෝට්ටු සේප්පුවේ තැන්පත් කළ බවයි.

සුඛෝපභෝගි නිවස කුළි පදනම මත ලබාදී ලැබෙන මුදලින් මාසිකව රුපියල් මිලියන 11 ක් වූ බැංකු ණය වාරිකය පියවීමට පෞද්ගලික බැංකුවට පොරොන්දු වුවද, සමාගමේ අධ්‍යක්ෂවරුන් එහි පදිංචිව සිටි බැවින් කිසිදිනක එම නිවස කුලී පදනම මත ලබාදීමට නොහැකී වූ බවද සින්නයියා මහතා ප්‍රකාශ කර ඇත.

එමෙන්ම මේ සම්බන්ධයෙන් තවත් වැදගත් කරුණක් අද කොමිසමේදී අණාවරණ විය.

ඒ අදාළ සුඛෝපභෝගි නිවස මිලට ගැනීම සඳහා GLOBAL LOGISTIC සමාගම බැංකුවකින් ලබාගත් ණය මුදල එම සමාගමේ අභ්‍යන්තර වාර්තාවල දක්වා ඇත්තේ තවමත් වැඩ අවසන් කර නොමැති නිවාස ව්‍යාපෟතියකට අයෝජනය කරන ලද මුදල් ලෙස යන්නයි.

– adaderana

156 views

14 Comments to “බැදුම්කර හොරුන් ඇමති රවිට දුන් සුපිරි නිවස වහන්න ගොස් තවත් රහස් තොගයක් හෙලිවෙයි.. මුළු පවුලම මාට්ටුයි..”

  1. රත්තරන් අශ්වයෝ says:

    දැන් හෙට ආණ්ඩුවෙ පත්තරවල දායි මේ මිලියන් 145 ම රාජපක්ෂල හොරකම්කල සල්ලි කියල.

  2. බකලදාස says:

    ඔන්න කණෝ පිනුං කිව්වලු!

    බය්යොන්ගෙ වැඩ මොනවද මේව බලනකොට,

    🙂

  3. CHANDA says:

    මෙතැන් සිට ශ්‍රී ලංකාව අරාජික වූ රටක් බවට පත් වූ බව පුරවැසියන් වෙත සංවේගයෙන් දැනුම් දෙමි.

  4. රාහුල කොලුවා says:

    මට පෙන්නේ රවීව විතරක් බිල්ලට දීලා අනිත් කපුරුහාමිලා ටික ෂේප් වෙයි වගේ….

    • කරුපයියා says:

      එහෙම කොහොමද? මගේ චරිත ගාතනය කරන්ඩ ආවොත් මම විපක්ෂයට ගිහින්ල පසුපෙල ආසනයක ඉඳගන්නව.

    • K shantha says:

      You are exactly correct.
      My3 will try to trap Ranil also if possible

      Unfortunately JO in the parliament is blocked by the speaker so people’s voice is suppressed.

      Now it is up to the public to decide how their voices are heard.
      Very soon social media will also be part of the history

  5. Kumari says:

    ඔහෝ.. දැන් තමයි මට තේරෙන්නෙ.
    ඊයෙ අර දඩි-බිඩිගාල ප්‍රභූ පුතකුගෙ මිලියන 272ක් ඩුබායි බැංකුවකින් හොයා ගත්තයි 
    කියල ආණ්ඩුවේ පත්තර වලින් ප්‍රසිද්ධියක් දෙන්ඩ හැඳුවෙ මේ ප්‍රවෘතිය පත්තරවල යන 
    එක වලක් වන්ඩ නේද? අපිත් කෑවනෙ ඒ ලනුව. ෂහ්! වස ලැජ්ජාවයි.

  6. Palitha Senanayake says:

    Ravi and mangala were the biggest accuser of Rajapake’s.
    They did it purely because they had more skeletons to hide than rajapakses

  7. රාජපති says:

    ඔය එලියට එන්න හොරුන්ගෙත් හොරු, කම්බ හොරු.
    දැන් ඉතින් සිරාටයි, රනිලටයි දෙන්නටම කරන්ඩ තියෙන හොඳම වැඩේ බඩවල් කපාගන මැරෙන එකයි. විලි ලැජ්ජාවෙ බෑ.

  8. Brahmana says:

    කොහොමද ආසියාවෙ හොඳම මුදල්ඇමතිගෙ කෙරුවාව?

  9. MP says:

    Who are the auditors of Global Logistics? How they qualify the accounts?

  10. modaya says:

    Ravi always had deals with LTTE money. this is just the tip of the iceberg this third class white collar thief will get way with this too like sathosa.

Main News