බැදුම්කර හොරුන් තවත් හතරක් අත්අඩංවේ.. මහ බැංකු හිටපු නියෝජ්‍ය අධිපතිත් ඒ අතරයි..

March 25, 2019 at 8:40 am | lanka C news
බැදුම්කර හොරුන් තවත් හතරක් අත්අඩංවේ.. මහ බැංකු හිටපු නියෝජ්‍ය අධිපතිත් ඒ අතරයි..

මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයන් හතර දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහ බංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි හා පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂවරුන් තිදෙනෙක් මෙසේ රහස් පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පිරිස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරයි.

135 views
Main News