බැදුම්කර හොරු අරක්කු සමාගම් මිලට අරන් අරක්කු පෙරනවා.. එතනෝල් ගෙන්වනවා..

November 27, 2016 at 1:06 am | lanka C news
බැදුම්කර හොරු අරක්කු සමාගම් මිලට අරන් අරක්කු පෙරනවා.. එතනෝල් ගෙන්වනවා..

කෘත‍්‍රීම රා නිෂ්පාදකයින් පිළිබද තොරතුරු පොලීසියට ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් ෙබිරුවල ප‍්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ පස්වරුෙවි පැවැති සංවර්ධන කමිටු රැස්වීෙමි දී සෞඛ්‍ය අමාත්‍යවරයා ෙමි බව ප‍්‍රකාශ කරන ලදි.

‘කෘත‍්‍රීම රා නිෂ්පාදනය කිරීම තුලින් කලුතර දිස්ත‍්‍රීක්කයේ ජනතාව දැඩි අසීරුතාවයට පත්ව සිටිනවා. ෙබිරුවල ආසනයේ පිහිටි මහා පරිමාණ ස්කාගාරවලට මත්පැන් නිෂ්පාදනය කිරීම සදහා ගෙන එන්නේ කෘත‍්‍රීම රා බව මම දන්නවා. ඒවා එතනොල් සමග මිශ‍්‍ර කර මත්පැන් නිෂ්පාදනය කරනවා. මෙම ස්කාගාරවලට පසුගිය රජයේ කළුතර දිස්ත‍්‍රීක්කය නියෝජනය කළ අමාත්‍යවරයෙකු ද කෘත‍්‍රීම රා සපයා තිබෙනවා. වයඹ පළාතේ ද කෘත‍්‍රීම රා නිෂ්පාදනය කර ෙබිරුවලට එවා තිබෙනවා. මෙම මත්පැන් පානය කිරීමෙන් ශරීරයේ විවිධ රෝගාබාධ ඇති වෙනවා. කෘත‍්‍රීම රා ශරීරයට හරිම අහිතකරයි. මෙම මත්පැන් පානය කරීමෙන් ජනතාව රෝගාබාධ වලට ගොදුරු වූ පසු සෞඛ්‍ය අමාත්‍යාංශය මුදල් වැය කළ යුතු වෙනවා. එම නිසා කළුතර දිස්ත‍්‍රික්කයේ කෘත‍්‍රීම රා නිෂ්පාදනය තහනම් කළ යුතු අතර, ස්වභාවික පොල් රා නිෂ්පාදන භාවිත කරමින් ස්කාගාරවල මත්පැන් නිෂ්පාදනය කළ යුතුයි.

මහ බැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින් ද, ස්කාගාර මිලදී ගෙන මත්පැන් නිෂ්පාදනය ආරම්භ කර තිබෙනවා. එතනෝල් ලංකාවට ගෙන්වනවා. මම ෙමි පිළිබදව අමාත්‍ය මණ්ඩල රැස්වීෙමි දී ද විමසා සිටියා. අතිගරු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මත්පැන් විරෝධී ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. එම වැඩපිළිවෙල ශක්තිමත් කළ යුතුයි. මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා විශේෂ පොලිස් ඒකකයක් හරි ස්ථාපිත කරලා මෙම ව්‍යාපාරය නතර කරන්න කියලා. ජනාධිපතිතුමා පොරොන්දු වී තිබෙනවා පොලීසිය, සුරාබදු දෙපාර්තෙමින්තුව ඒකාබද්ධ කර ගනිමින් කෘත‍්‍රීම රා නිෂ්පාදනය නතර කිරීමට පියවර ගන්නවා කියලා. එම වැඩපිළිවෙලට සියළු දෙනාගේම සහයෝගය ලබාදිය යුතුයි. එම නිසා කෘතී‍්‍රම රා නිෂ්පාදකයින් පිළිබද තොරතුරු පොලීසියට ලබාදෙන්න’

– නිපුන් ඒකනායක

0 views
Main News