අර්ජුන් මහේන්ද්‍රන් සියවසේ මහා හොර දෙටුවෙක්.. දඩුවම් කරනු.. කෝප් වාර්තාව සභාගත කෙරේ.. නිර්දේශ මෙන්න..

October 28, 2016 at 11:20 am | lanka C news
අර්ජුන් මහේන්ද්‍රන් සියවසේ මහා හොර දෙටුවෙක්.. දඩුවම් කරනු.. කෝප් වාර්තාව සභාගත කෙරේ.. නිර්දේශ මෙන්න..

පසුගිය වසරේදී ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද බැදුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් කෝප් කමිටුව විසින් මාස ගණනාවක් තිස්සේ නොයෙකුක් අවුල් වියවුල් මැද සිදු කරන ලද පරීක්‍ෂණයන්හි අවසන් වාර්තාව මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබීය.

කෝප් කමිටු සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් වාර්තාව සභායට ඉදිරිපත් කලේය.

එම වාර්තාවෙන් නිර්දේශ කර ඇත්තේ අදුල ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සෘජුවම වගකිව යුතු නිසා ඔහු සහ මහ බැංකුවේ වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

වංචාවෙන් රටට සිදුවූ අලාභය ඊට වග කිව යුත්තන්ගෙන් අය කර ගැනීම, වගකිව යුත්තන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම, එම පිරිසට එරෙහිව නිසි ලෙස දඬුවම් කෙරෙන්නේදැයි සොයා බැලීමටත් යළි එවැනි වංචා සිදු නොවීමටත් අවශ්‍ය පියවර ගැනීම, පසු විපරම් සදහා විශේෂ කමිටුවක් පත් කිරීම, වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ රාජ්‍ය ණය කළමනාකරණ මෙහෙයුම් අත්පොත සක්‍රීය කිරීම වාර්තාවේ සෙසු නිර්දේශ අතර වෙයි.

කාරක සභාවේ නිර්දේශ

2015-2016 යන වසර දෙක තුළදී ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදු කරන ලද බැදුම්කර නිකුත් කිරීම්වලදී, අප පරීක්ෂාවට භාජනය කළ 2015 පෙබරවාරි 27 වන දින ගනුදෙනුවේදී එවකට මහ බැංකුවේ අධිපතිව සිටි අර්ජුන මහේනුද්‍රන් මහතා මැදිහත්වීමක් හෝ සිදු කළ බවට සාධාරණ සැකයක් ඇති විය හැකි ආකාරයේ සාක්ෂි හා කරුණු කාරක සභාව ඉදිරියේ හෙළිඳරව් වී ඇති බව කාරක සභාව නිරීක්ෂණය කරයි.

කාරක සභාව විසින් කරන ලද පරීක්ෂණ හා සාක්ෂි විභාග කිරීම්වලදී, ඇතැම් ගනුදෙනුවල උපරිම පාරදෘශ්‍යභාවය නොමැති බවද, එහිදී කටයුතු කළ ආකාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්වාසනීයත්වය පළුදු වී ඇති බවද යන්න පිළිබඳව සාධාරණ සැකයක් ඇතිවිය හැකි ආකාරයේ සාක්ෂි හෝ කරුණු කාරක සභාව ඉදිරියේ හෙළිඳරව් වී ඇති බව කාරක සභාව නිරීක්ෂණය කරයි.

එසේම ඒ කාලයේ සිදු වී ඇති බැඳුම්කර ගනුදෙනු හරහා ප්‍රාථමික ගනුදෙනුකරුවන්ගෙන් එක් ආයතනයක් වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් ඉතා විශාල මූල්‍යමය ලාභ උපයාගෙන ඇති බව කාරක සභාව නිරීක්ෂණය කරයි.

එසේම මෙම ගනුදෙනුවලට වගකිව යුතු මහ බැංකුවේ නිලධාරීන් හා ආයතනයන්ට එරෙහිව පැනවිය යුතු දණ්ඩනයන් හා වෙනත් නියමයන් නිර්දේශ කරමි.

එකී අයතා කටයුතු හේතුවෙන් රජයට හා මහජනතාවට සිදු වී ඇති අලාභ හෝ පාඩුව එකී වගකිව යුතු පුද්ගලයන්ගෙන් හෝ ආයතනවලින් අයකර ගත යුතු බව නිර්දේශ කරන අතර ඒ සඳහා අවශ්‍ය අධිකරමය ක්‍රියා මාර්ග ගත යුතු බව කාරක සභාව අවධාරණය කරයි.

එසේම නිර්දේශ දණ්ඩනයන් හෝ වෙනත් නියමයන් අවශ්‍ය අයුරින්ම ක්‍රියාත්මක වන බව සොයා බැලීම සහ සහතික කිරීම සඳහාත් ඒ පිළිබඳව පසු විපරම් කිරීම සඳහාත්,

එමෙන්ම එබඳු ආකාරයේ කටයුතු මින් ඉදිරියට සිදු නොවීම සඳහා අව‍ශ්‍යයෙන්ම ගත යුතු සියලු පියවර ආවේක්ෂණ හා තුලනයන් ක්‍රියාත්මක කිරීම සඳහාත්,

එකී ආවේක්ෂණ හා තුලනයන් මහ බැංකුව විසින් නිසි පරිදි ක්‍රියාවේ යොදවන බවට සොයා බැලීම සහ සහතික කිරීම සඳහාත්,පාර්ලිමේන්තුව සෘජුව මැදිහත් විය යුතු අතර එය පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය පාලනයට අදාළ මූලික වගකීම බව කාරක සභාව අවධාරණය කරයි.

එසේ ක්‍රියාත්මක කිරීමෙන් රජයට සිදු වූ අලාභයන් අය කර ගැනීම සහ පවතින නීති යටතේ ක්‍රියාත්මක වීම පාර්ලිමේන්තුව සතු වගකීමක් ලෙස ඉතා ඕනෑකමකින් කාරක සභාව නිර්දේශ කරයි.එසේම යළි මෙවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට පියවර ගැනීම ශ්‍රී ලංකා මහ බැංකුව තුළ සහ ඊට අනුශාංගික අනෙකුත් ආයතන තුළ සුදුසු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීම එම ආයතන විසින් පාර්ලිමේන්තුවට සහතික විය යුතු බව කාරක සභාව අවධාරණය කරයි,

එසේම,

රටේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා වගකිව යුතු ප්‍රධානතම ආයතනය වන ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ටෙන්ඩර් නිකුත් කිරීම හා ප්‍රධානය කිරීම්වලදී ර් පිළිබඳව කටයුතු අධීක්ෂණය කිරීම සඳහාත් අවශ්‍ය සියලු පසු විපරම් කිරීම සඳහාත් විධායකය මගින් විශේෂ නිරීක්ෂණ කණ්ඩායමක් වහාම පත් කළ යුතු යයිද කාරක සභාව නිර්දේශ කරයි.

මහ බැංකුවේ නිලධාරීන් විසින් එක් තනි ආයතනයක් ලෙස පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනයට අයථා වාසියක් ඉපයීමට හැකි වන ලෙස කටයුතු කිරීමටත්, එසේම ප්‍රාථමික ගනුදෙනුකරුවන් ලෙස අදාළ ආයතනයද එම වාසි ලබා ගැනීමේ අරමුණ සහිතව ක්‍රියාත්මක වීමත් මහ බැංකුවේ මූල්‍ය පාලනයේ විනිවිදභාවය සහ විශ්වාසනීයත්වය සඳහා බරපතළ ලෙස අහිතකර තත්ත්වයක් වන බැවින් එම තත්ත්වය පිළිබඳව නීතිමය බලය සහිත පිළිගත් ආයතනයකින් පුළුල් විමර්ශනයක් කිරීමත් නැවත එවැනි තත්ත්වයක් ඇති වීම වැළැක්වීමට ගත හැකි සියලු පියවර ගැනීමත් නිර්දේශ කරයි.

බැදුම්කර ක්‍රියාවලිය හරහා රටට අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමේදී රජයේ හදිසි මූල්‍ය අවශ්‍යතාවයන් සපුරාලිය හැකි රාජ්‍ය මූල්‍ය ආයතන සඳහා ප්‍රමුඛතාවය ලබා දිය යුතු බව නිර්දේශ කරන කාරක සභාව ඒ සඳහා ප්‍රතිපාදන සලසන වගන්ති මහ බැංකුවේ මෙහෙයුම් අත්පොත ඇතුළු අනෙකුත් අදාළ ලේඛන වලට ඇතුළත් කළ යුතු යැයි මහ බැංකුවට නිර්දේශ කරයි.

මෙම ප්‍රශ්නගත බැදුම්කර ගනුදෙනුවට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනය ප්‍රාථමික ගනුදෙනුකරුවෙකු ලෙස ඉතා කෙටි කාලයක් තුළ අධික ලාභයක් උපයා ඇති අතර එසේ ලාභ ඉපයීමේ ක්‍රියාවලිය පිළිබඳ පූර්ණ බලැති යාන්ත්‍රණයක් මගින් පරීක්ෂණයක් කළ යුතු අතර එමගින් ඔවුන්ගේ කටයුතු හරහා මහ බැංකුවට හා රජයට මූල්‍යමය පාඩුවක් සිදු වී ඇත්දැයි ඉතා කඩිනමින් අනාවරණය කර ගැනීම මහ බැංකුවේ වගකීමක් ලෙස කාරක සභාව තරයේ විශ්වාස කරයි.

ඉදිරියේදී මෙවැනි මුල්‍ය අක්‍රමිකතා ඇතිවීම වැළැක්වීම සඳහා ප්‍රාථමික වෙළෙඳුන්ගේ වෙළෙඳපොළ කටයුතු සහ ද්වීතියික වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය පිළිබඳව පසු විවරණය කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම නිර්දේශ කරන අතර එමගින් මහ බැංකුව රජයේ මූල්‍ය අවශ්‍යතා සඳහා මුල්‍ය සම්පාදනය සිදු කරන ආකාරය පසු විපරම් නිරීමේ හැකියාව ලැබෙනු ඇත.

මේ දක්වා යාවත්කාලීන නොකරන ලද රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තු මෙහෙයුම් අත්පොත වහාම යාවත්කාලීන කළ යුතු අතර එහි බැදුම්කර හරහා රජයට මුල්‍ය සම්පාදනය කිරීමේදී එසේ මූල්‍ය සම්පාදනය කළ හැකි රාජ්‍ය ආයතන සඳහා ප්‍රමුඛතාවය දීමේ ප්‍රතිපාදන ඇතුළත් කළ යුතු බව නිර්දේශ කරයි.

මෙම ප්‍රස්තුත බැදුම්කර ගනුදෙනුව සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සෘජුවම වගකිව යුතු අතර ඔහුට සහ මහ බැංකුවේ අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම නිර්දේශ කරයි.

මෙවැනි ගනුදෙනු වලදී විනිවිදභාවය සහ මහ බැංකුවේ විශ්වාසනීයත්වය ආරක්ධා කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සැකසීම සහ දැනට පවත්නා විනිමය කොමිෂන් සභා පනත ඇතුළු අදාළ නීතිරීති අණ පනත් කඩිනමින් සංශෝධනය කළ යුතු බව නිර්දේශ කරයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය ප්‍රකාරව රාජ්‍ය මූල්‍ය පාලනය සම්පූර්ණයෙන්ම පැවරී ඇති මෙම උත්තරීතර පාර්ලිමේන්තුව වෙත කාරක සභාවට මෙතෙක් ඉදිරිපත් වී ඇති සියලු ලේඛණ, තොරතුරු හා සාක්ෂි (එකී ඇතැම් තොරතුරු සංවේදී යයි ප්‍රකාශ වුවුද) ඉතා ඉක්මනින් ඉදිරිපත් කිරීම කාරක සභාවේ දැඩි වගනීමක් බවද කාරක සභාව විශ්වාස කරයි.

එම වගකීමට අනුව මෙම නිර්දේශ සහ විගණකාධිපතිවරයාගේ නිර්දේශ හා නිඟමන සහිත වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර මෙම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව තුළ ඒ පිළිබඳව විවෘත සංවාඳයක් ඇති කළ යුතු බවටත් කාරක සභාව නිර්දේශ කරයි.

– COPE Report

32 views

14 Comments to “අර්ජුන් මහේන්ද්‍රන් සියවසේ මහා හොර දෙටුවෙක්.. දඩුවම් කරනු.. කෝප් වාර්තාව සභාගත කෙරේ.. නිර්දේශ මෙන්න..”

  1. ඇත්ත says:

    හූ…..හූ….කොරල බලමු….

    • alaya says:

      ඔන්න ඔහොමයි මචං සිංගප්පුරුව දියුණු උනා කියන්නේ …අර්ජුන මහේන්ද්‍රන් වගේ 10 ක් තව රටවල් 10 කින් හොයාගත්තනම් සිංගප්පුරුවට ඇමෙරිකාව පරද්දල යන්ඩත් තිබුන

    • සුනන්ද says:

      සැමගේ දන ගැනීම පිණිස .
      මේ හොරකම සිදුවී ඇත්තේ අගමැති හා අනෙකුත් ඇමතිවරුන් දැනුවත්වයි
      මේ හොරකම යට ගසන්න ජනතාව විසින් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවුණු ඇමතිවරු සහ අගමැති කටයුතු කළා මෙය ජනතාව ඔවුන් මත තැබූ විශ්වාසය බංග කිරීමක්
      එසේනම් ඔවුන් ඉල්ලා අස්විය යුතුයි තව දුරටත් රජයක් පවත්වාගෙන යාමට මොවුන්ට අයිතියක් නැත .මොවුන්ට විරුද්දව විශ්වාස බන්ගයක් ගෙනවිත් මොවුන්ව බලයෙන් පහකලයුතුයි මෙයට සහය පල නොකරන ශ්‍රීලනිප මන්තිරින්ටත් ජනතාව විරුද්ද වියයුතුයි ,ජනතාව පාරට බස මේ ආණ්ඩුව එළවීමට කටයුතු කලයුතුයි

      • rana says:

        Everboy knows who is responsible for the Bond Scam. Arjun is just a cats-paw. He [Arjun] once said he acted according to the instructions he received from the PM. So PM must accept the responsibility and step down and pave the way for an impartial investigation. But that is not gonna happen in SL. Because PM is the agent of two powerful countries [one in the world and the other in the region], and until their ambitions fulfilled such as ruin our economy, divide this country, ruin our culture, ruin the peaceful environment and finally to sell this country to India, either by deocratically or undemocratically, he is holding this post of PM and rule this country.

  2. Ruwan says:

    My suggestion is that before taking time consuming legal procedure, it is prudent to either impose a heavy penalty or seize all assets of Perpetual Treasuries Ltd.Otherwise we will end up with nothing

  3. sidu says:

    මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍රන් කෝප් කමිටුවට කැඳවූ වෙලාවේ සිදුවූයේ ඔහු කිසි විටෙක අපේක්ෂා නොකල දෙයකි.
    ඒ කවුරුන් හෝ විසින් මහ බැංකුවේ සී. සී .ටී .වී . දර්ශන කෝප් කමිටුවට ලබා දී තිබීමයි.
    සී. සී .ටී .වී . දර්ශන සියලු දෙනාටම පෙන්වූ කෝප් කමිටු සාමාජිකයන් අර්ජුනගෙන් අසා ඇත්තේ බැඳුමකර වෙන්දේසිය කල කාමරයට පෙබරවාරි 27 දා තමා දෙවරක්ම ගොස් කලින් දැනුම්දී තිබුනු බිලියන 1ක් වෙනුවට බිලියන් 20 ක් දක්වා ලංසු බාර ගන්නා ලෙස බලපෑම් කල බව දැන්වත් පිලිගන්නවාද කියායි.
    https://www.facebook.com/BondFraud/?ref=page_internal

  4. kolitha says:

    wenasa sapada….? Apamana agaya kohomada ?…..Hemin gamana maru neda ?….

  5. roshan says:

    Is this similar to previous regime or is it new for srilanka to find a true FACT like this to submit in the parliament.
    Those who provided tremendous efforts to happen this way would again do or support if rajapakse is ruling ?????
    Tell from your heart if you have a one.??????

    “Please publish if you are not bias”

    • Boo says:

      What is important to me is not to see massive thefts like this happening and talking facts about it the parliament. It is just a waste of time. When you loose everything else to argue about then your argument is the last resort. It is a sign of helplessness.
      What is important to me is to not to steal public money. If the current bank robber cannot prove any thefts during MR regime i will definitely support MR to come back. If you say you are not biased will not you do that? If not you must be biased more than anyone else.

  6. wackwella says:

    Dewa sapaya paladeema arabila yahapalana nadayata
    Perehare kasakrayo witharai awe
    Ali Aththu enne passata

    Appe ratata siyalu dewiyangema pihitai !

    Horunta Marayage saranai !

  7. wackwella says:

    Dewa sapaya paladeema arabila yahapalana nadayata
    Perehare kasakrayo witharai awe
    Ali Aththu enne passata
    Ko me pol gahapu pirisa thawa pol gahamu ratata sethak wenna
    Maha horu banga wenna

    Appe ratata siyalu dewiyangema pihitai !

    Horunta Marayage saranai !

  8. Godaya says:

    Wahama agamathikamen illa aswee bahutharaye kamaththen parliament wisuruwa hara
    Maha methiwaranayak pawath wiya yuthui. Meka Lanka ithihasaye wisalama wanchawa
    Saha ehi riju balapema wasara 30k ratata balapana bewin.

  9. Champa says:

    ජලභීතිකාව හැදුනහම, හැදිච්ච මිනිහට බෙහෙත් කරනවා. බල්ලට මොකොද කරන්නේ? ඌටත් බෙහෙත් කරනවද? නැහැනේ. දෙපාරක් හිතන්නේ නැතුව උගෙන් ලෙඩේ තව කෙනෙකුව බෝවෙන්න තියෙන අවස්ථාව නැති කරනවා.

    බැඳුම්කර මගඩිය ක්‍රියාත්මක කරපු අර්ජුන් මහේන්ද්‍රන්ට හෙවත් ජලභීතිකා රෝගියාට දඬුවම් දිය යුතුයි. උසාවියට ඉදිරිපත් කල යුතුයි. රාජරත්නම්ට දීපු දඬුවමම දිය යුතුයි. රාජරත්නම්ට සිර දඬුවම් දුන්නේ ඔහු කෙලින්ම insider trading වලට සම්බන්ධයි කියලා කාලයක් තිස්සේ රහසේ එකතු කරපු දුරකථන ඇමතුම් (wiretap) උසාවියට ඉදිරිපත් කරලා. අර CCTV සාක්ෂි ඇති මේකට. අර්ජුන් මහේන්ද්‍රන්ට එහෙම ඇවිල්ල බිලියන් 1 බිලියන 10 දක්වා වැඩි කරන්න බලපෑමක් කරන්න හේතුවක් තියෙන්න ඕනේ. හේතුව පස්සේ නිකම්ම එළිවුනා තමන්ගේ බෑනා ඉන්න Perpetual Treasuries එකට කරපු නීති විරෝධී විශේෂ සැලකිල්ල නිසා. ඊට පස්සේ ඒ සමාගමට තමන්ගේ tenders මහා බැංකුව ඉල්ලන විදියටම සහ අනිත් සමාගම් වලට උඩින් යන්න දෙන්න මහබැංකු අධිපති ඇතුලේ information pass කළා. ආණ්ඩුවට හොඳ strong case එකක් file කරන්න ඕනේ තරම් කරුණු තියෙනවා.

    ඊළඟට Perpetual Treasuries Ltd එකට දීපු බිලියන 66ක ණය මුදල (COPE කමිටු සාමාජික දයාසිරි ඇමතිතුමා මේක හෙලි කළා. විමල් සහ වීරකුමාර මන්ත්‍රීවරුත් මේ Report එක ගැන හෙලිකලා. I appreciate that and thank all of them on behalf of people. මිනිස්සුන්ට මේවා දැන ගන්න අයිතියක් තියෙනවා.) සතියක් ඇතුලත වහාම ගෙවා දමන්න කියලා මහා බැංකුව නියෝගයක් නිකුත් කල යුතුයි (This decision was based on the findings of the COPE Report) ඒ පලවෙනි එක. දෙවෙනි එක මේ සමාගම සියයට 1853ක ලාභයක් ලැබුව ආකාරය හෙළි කරන්න කියන්න ඕනේ. Obviously they can’t give any legitimate or convincingly logical reason. සමාගම අර්ජුන් මහේන්ද්‍රන් එක්ක තිබුන connection එක නිසා එහෙම ලාභ ලැබුවේ insider information ඒ සමාගමට මහබැංකු අධිපතිගෙන් ලැබුණු නිසා කියන එක හොඳටම පැහැදිලියි. නඩුවක් දැම්මා. ඊට පස්සේ තීන්දුව එයි සමාගමේ සියලු දේශීය විදේශීය වත්කම් freeze කරලා ඒවා සියල්ල රාජ සන්තක කරලා. හැබැයි මේ වෙනකොට මුදල් ඇමතිව අයින් කරලා තියන්න ඕනේ. නැත්නම් නරියට කුකුළා බාර දුන්න වගේ තියෙයි. පහුවෙනිද බලන කොට පිහාට්ටක්වත් ඉතුර කරලා තියෙන එකක් නැහැ. මුදල් ඇමති කමට හොඳයි Dr. Sarath Amunugama.

    ඊළඟට Perpetual Treasuries Ltd එක ගැන මහා බැංකුව කරපු පරීක්ෂණ වාර්තාව මහජනතාවට නිකුත් නොකර බැඳුම්කර හොරු ආරක්ෂා කරන්න කටයුතු කරපු මහබැංකු අධිපති Indrajith Coomaraswamy ට ඉල්ලා අස් වෙන්න කියන්න ඕනේ. ඒකටත් බලපෑමක් කරලා තියෙන්නේ අගමැතිතුමා කියල කියයිද දන්නේ නැහැ. එතනට හොඳයි අර විශ්‍රාම ගිය Dr. Wijewardene. ආයේ නම් දේශපාලනයට සම්බන්ධ කවුරුවත් දාන්න එපා. රාජ්‍ය නිලධාරීන්ගේ විශ්වාසය දිනා ගන්න නම් ජනාධිපතිතුමාට මේක කරන්න වෙනවා.

    ඊළඟට එනවා මේ ඔක්කොම වැඩ වල මහා මොළකාරය හෙවත් master mind එක. දැන් සළු ගැලවිලා නිසා විශේෂණ පද සැරසිලි මුකුත් නැතුව කෙලින්ම කියන්න පුළුවන් අගමැතිතුමා කියලා. රටේ අගමැතිවරයා මහා බැංකුව කොල්ල කන කතාවක් ඇත්තමයි චිත්‍රපටි වලවත් නැහැ. මොකොද ඒ වගේ දෙයක් සදාචාරයට අන්තිම විරුද්ධ නිසා. මේ මහා බැංකු කොල්ලය නිසා මුළු ආර්ථිකයම කඩා වැටුනා. අගමැතිතුමා ඒකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ. දුප්පත් මිනිස්සු හිඟමනට වැටුනා. පහල මධ්‍යම පන්තිය දුප්පත් වුනා. ණය පොලී වැඩිවුනා. මිනිස්සු අමාරුවේ වැටුනා. ව්‍යාපාර කඩා වැටුනා. රස්සාවල් නැතිවුනා. මේ අගමැතිතුමාට තවදුරටත් මේ තනතුරේ ඉන්න බැහැ. ඒ විතරක්ද මහා බැංකුව කොල්ල කාපු අගමැතිතුමා ගැන මහජනයා තුල කිසිම විශ්වාසයක් නැහැ. ආත්ම ගෞරවයක් තියෙන කෙනෙක් නම් COPE වාර්තාව යට ගහන්න, ඒකේ තියෙන දේවල් වෙනස් කරන්න හදන්නේ නැතුව ඉල්ලා අස්වෙලා වෙන්න ඕනේ.

    හැබැයි අපි හැමෝම දන්නා පරිදි අගමැතිතුමාට හිරිකිතයක් ලැජ්ජාවක්වත් ආත්ම ගෞරවයක් නැති වුනත් ජනාධිපතිතුමාට ආත්ම ගෞරවයක් තියෙන නිසා, අගමැතිතුමාව තවදුරටත් ආණ්ඩුවේ තියා ගන්න එකක් නැහැ කියලයි මට හිතෙන්නේ.

    අනේ ඇත්තටම, තමන්ම කොම්පනියකට අඩු පොලියට ණයක් දීල, ඒ ණයම ආපහු තමන්ගේම ආණ්ඩුවට වැඩි පොලීයකට ණයට දෙන්න කියලා අරගෙන, ඒ ලාභයෙන් කොටසක් තමනුත් අරගෙන, ඒ ගත්ත ණය කිසි ගානක් නැතුව මුළු රටක්ම ලව්වා අවුරුදු 30කට ගෙවන්න plan කරපු මූගෙ හෙවත් අගමැතිතුමාගෙ මොලේ නම් “අලයක්ම” වෙන්න බෑ, විමල්. ලෝකේ කාල වතුර බීලා ඒ වතුර ආපහු වමාරලා වතුර නැති මිනිස්සුන්ට Coca Cola වගේ විකුනපු නියම අන්ඩපාල ලෝකෝත්තර කපටියෙක් මේ යකා.

    තව තියෙනවා ලියන්න. පස්සේ ලියනවා.

Main News