බැදුම්කර කොමිසමේ වාර්තාවෙන් රවි කරුණානායක හෝ එජාප කිසිවෙකුට බැදුම්කර චෝදනා නෑ..- ශ‍්‍රීලනිප කට වහමින් එජාපයෙන් නිවේදනක්..

February 1, 2018 at 1:20 pm | lanka C news
බැදුම්කර කොමිසමේ වාර්තාවෙන් රවි කරුණානායක හෝ එජාප කිසිවෙකුට බැදුම්කර චෝදනා නෑ..- ශ‍්‍රීලනිප කට වහමින් එජාපයෙන් නිවේදනක්..

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර මගඩිය පරීක්‍ෂණ පැවැත්වීම සදහා පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මගින් රවී කරුණානායක මහතාට හෝ එක්සත් ජාතික පක්‍ෂයේ කිසිවෙකුට චෝදනාවක් එල්ල නොවන බව එම පක්‍ෂය පවසයි.

මේ බව සදහන් කරමින් එම පක්‍ෂ මහ ගේකම් ඇමති කබීර් හෂීම් විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේය.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව අනුව රවී කරුණානායක මහතා ඇතුළු කිසිදු එක්සත් ජාතික පාක්‍ෂිකයෙකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවට සම්බන්ධ බවට අනාවරණය වී නොමැත. එසේ වුවද, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අයිතිකරුවන්ටම අයත් හා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ පාලන කටයුතු මෙහෙයවන්නන් විසින්ම මෙහෙයවනු ලබන සමාගමක් වන වෝල්ට් ඇන්ට් රෝ පුද්ගලික සමාගම විසින් ගෙවන නිවාස බදු මුදල් නිසා, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අයථා ප්‍රතිලාභ ලැබූ බවට සිදු කළ නිගමනය අනුව ඔහුට විරුද්ධව අල්ලස් පනත හෝ වෙනත් යම් නීතියක් යටතේ කටයුතු කළ යුතුද නැද්ද යන්න නීතිපතිවරයා විසින් හා අල්ලස් කොමිසම විසින් නිගමනය කළ යුතු බවට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් තීරණය කොට ඇත.

එසේම රවී කරුණානායක මහතා විසින් කොමිෂන් සභාව ඉදිරියේ අසත්‍ය සාක්‍ෂි ලබා දෙන ලද බව පෙනී යන හෙයින් ඒ පිළිබඳව පරීක්‍ෂා කොට, එසේ ඔහු විසින් ලබා දී ඇති සාක්‍ෂි අසත්‍ය නම් 1948 අංක 17 විමර්ශන කොමිෂන් සභා පනතේ 9 වගන්තිය සමග එක්ව කියවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 169 වගන්තිය යටතේ හෝ 188 වගන්තිය යටතේ හෝ වෙනත් යම් නීතියක් යටතේ නඩු පැවරීමට පදනමක් තිබේද යන්න නීතිපතිවරයා විසින් හෝ වෙනත් නිසි අධිකාරියක් විසින් සලකා බැලිය යුතු බවටද කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වේ.

මෙම කරුණු සලකා බැලීමෙන් අනතුරුව රවී කරුණානායක මහතාට විරුද්ධව නඩු නොපැවරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ හෝ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හෝ අවසන් තීරණයක් ගනු ලබන තෙක් හෝ ඔහුට විරුද්ධව නඩු පැවරුවහොත්, එම නඩු කටයුතු අවසන් වන තෙක් ඔහු විසින් එක්සත් ජාතික පක්‍ෂයේ උප නායක තනතුරේ වගකීම් කිසිවක් නොදැරිය යුතු බවට එක්සත් ජාතික පක්‍ෂ නායකතුමන් විසින් පත් කරන ලද කමිටුව විසින් නිර්දේශ කොට ඇත.

පෙබරවාරි මැද භාගයේදී පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට මෙම කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය.

කබීර් හෂීම්
මහ ලේකම්
එක්සත් ජාතික පක්‍ෂය

 

6 views

4 Comments to “බැදුම්කර කොමිසමේ වාර්තාවෙන් රවි කරුණානායක හෝ එජාප කිසිවෙකුට බැදුම්කර චෝදනා නෑ..- ශ‍්‍රීලනිප කට වහමින් එජාපයෙන් නිවේදනක්..”

  1. ලෝයර් says:

    “පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අයථා ප්‍රතිලාභ ලැබූ බවට සිදු කළ නිගමනය අනුව ඔහුට විරුද්ධව අල්ලස් පනත හෝ වෙනත් යම් නීතියක් යටතේ කටයුතු කළ යුතුද නැද්ද යන්න නීතිපතිවරයා විසින් හා අල්ලස් කොමිසම විසින් නිගමනය කළ යුතු බවට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් තීරණය කොට ඇත.”

    එසේ නිගමනය නොකළහොත් මූට නඩු නැත . යකාගේ නීතියක් .

  2. සකලබුජන් කොට කලිසම් says:

    සකලබුජන් කොට කලිසම් අල්ලස් ගත් කොස්තාපල්ට වසර 20 ක සිරදඬුවම්, දේසපාලුවන් ට සතියයි. සකලබුජන් දිග කලිසම් … කලිසම් නැති රෙද්දෝ රෙද්ද පල්ලෙන් බෙරේ.

  3. Nandasoma Suriyaarachchi says:

    කොමිසමට තිබෙන බලතල අනව ඒ වාගේ නිර්දේශ දුන්නට, ඉදිරි කටයුතු නීත්‍යානුකූලව සිදුලවිය යුතුයි….
    ඒ නිසා අල්ලස් හෝ දූෂණ කොමිසම හෝ වෙනත් නීත්‍යානුකූල ආයතන ඒ සඳහා කටයුතු කළ යුතුයි.

    අගමැති යටතේ පවතින නීතිපති දෙපාර්තමේන්තුවට තමයි නඩු පැවරීමේ බලතල තියෙන්නෙ…

    ඒ නිසා දන්න දහං ගැට ගහල වැරදිකාරයො නිදහස් කර ගන්න උත්සාහ කරයි….

  4. silva says:

    horu siyalu denama nidoskota,,komisama hire yayawi neda

Main News