බැදුම්කර වාර්තාව ගැන ජනපති ප‍්‍රකාශය සම්පූර්ණ බොරුවක්.. අප එය පිලිගන්නේ නෑ..- රවි සටන අරඹයි..[Video]

January 6, 2018 at 11:18 pm | lanka C news
බැදුම්කර වාර්තාව ගැන ජනපති ප‍්‍රකාශය සම්පූර්ණ බොරුවක්.. අප එය පිලිගන්නේ නෑ..- රවි සටන අරඹයි..[Video]

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්ක නිකුතුව සම්බන්ධයෙන් පරීක්‍ෂණ කල ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ව්‍යාජයක් බව හිටපු මුදල් ඇමති එජාප උප නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා පවසයි.

බැදුම්කර වාර්තාවේ කුමක් තිබුනද අගමැති රනිල් වික‍්‍රමසිංහ හෝ තමන් කිසිම වරදක් කර නැති බවද හිටපු ඇමතිවරයා කියා සිටී.

ඔහු මෙම අදහස් පල කලේ එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයන් දිනවීම වෙනුවෙන් කොළඹ බ්ලූමැන්ඩල් ප‍්‍රදේහයේදී පැවති ජනහමුවකින් පසු මාධ්‍ය අමතමිනි.

බැදුම්කර කොමිසමේ අවසාන නිල වාර්තාව අතට ලැබෙන තුරු ඒ සම්බන්දයෙන් අදහස් පල කිරීම ප‍්‍රයෝජනවත් නැති බවද ඔහු සදහන් කලේය.

බැදුම්කර කොමිසයේ අවසන් වාර්තාව තමන් ඉල්ලා ඇති බවත් එය සදාචාරාත්මකව එම වාර්තාව තමනට ලබා දිය යුතු බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

25 views

3 Comments to “බැදුම්කර වාර්තාව ගැන ජනපති ප‍්‍රකාශය සම්පූර්ණ බොරුවක්.. අප එය පිලිගන්නේ නෑ..- රවි සටන අරඹයි..[Video]”

  1. "1+1= ට්‍රිලියන්" says:

    මහ බැංකුව තිබුනේ මා යටතේ නොවේ
    බංකුව යටඉඳං හැංගි හොරා කර හව්වේ
    ඉලක්කමට වැඩිය බිංඳු නැහැ මම තිව්වේ
    එකතුව තමයි මම සිංගප්පූරුවට යැව්වේ

  2. Bend To Bend says:

    බැදුම්කර වාර්තාව ගැන ජනපති ප‍්‍රකාශය සම්පූර්ණ බොරුවක්.. අප එය පිලිගන්නේ නෑ..- රවි සටන අරඹයි..
    අප එය පිළි ගන්නෙත් නැත​.පිළිගන්නට නම් ජනපති එහි නිර්දේශ ක්‍රියාත්මක කල යුතුය​.ඔහු කඩුව එජාපයට දී කොපුව සිය ගැත්තන්ට දී ඇත​.ගැත්තෝ කොපුව ඇතුලේ කඩුව ඇතැයි සිතා ඩාර්ලි පාරේ මෝඩ චූන් ගනිති.මෝඩ චූන් ගන්නා ගමන් රනිලන් සරණං ගච්චාමී කියා දෙකට නැමෙති.බැඳුම්කරයට ඇත්තේ අබ සරණ පමණකි.

  3. ගිරවා says:

    බැදුම්කර වාර්තාව ගැන ජනපති ප‍්‍රකාශය සම්පූර්ණ බොරුවක්.. රවී විතරක් නොවේ මුළු රටේම බුද්ධිමත් ජනතාව එය පිලිගන්නේ නෑ… එය පෙරපාසල් දරුවකුටත් වැටහෙනවා මේ ආණ්ඩුව කරන බොරුව ….සිරිසේන කපටි මහාබෝරුකාරයා ..බලයේ සිටීමට ඕනෑම පහත් වැඩක් කරයි.. අර එදා ආප්ප කාලා කරපු නින්දිත ක්‍රියාව වගේ

Main News