බැදුම්කර හොරුන් 118 දෙනාගේ නම් වසර 30කට සගවයි.. හෙලි කරද්දී බහුතරයක් ජීවතුන් අතරත් නෑ..
June 1, 2018 at 9:20 am | lanka C news
ශ්‍රි ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවේදී මුදල් ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 118 දෙනා ගැන තොරතුරු වසර 30ක් යනතුරු ලබා දිය නොහැකි යයි එම සියලුම වාර්තා දැනට ඇති ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව පවසා ඇත.
තමන් අදාල පුද්ගලයන් 118 දෙනා හෙලි කර ගැනීමට කරන ලද ඉල්ලීමකට එම දෙපාර්තමේන්තුව මේ බව සදහන් කලේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පවසයි.
මෙම තොරතුරු ගබා ගැනීමට තමන් ජනාධිපති ලේකම්වරයා මුණ ගැසුනු බවත් එහි සියළළු වාර්තා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට භාරදුන් බව ඔහු කී නිසා එම දෙපාර්තමේන්තුවෙන් මෙම ඉල්ලීම කල බවද මන්ත්‍රිවරයා කියයි.
පාර්ලිමේන්තුවටද ඉදිරිපත් නොකර මෙම තොරතුරු වසර 30ක දීර්ඝ කාලයකට වසා දැමීම ඉතා පිළිකුල් බවත් සදහන් කරන මන්ත්‍රී දයාසිරි ජයසේකර තමාගේ නම කැත කිරීම සදහා එක්සත් ජාතික පක්ෂය විසින් කුමන්ත්‍රණයක් සිදු කර ඇති බවත් කියයි.
දැනට ජීවිතයේ මැදි වියද ඉක්වමා සිටින පාර්ලිමේන්තු නියෝජිතයන් බහුතර තවත් වසර 30කින් ජීවතුන් අතර සිටීමද සැක සහිතය.
This is a very dangerous situation ,Next time Sirisena will say he did not receive any report from the Presidential commission on Bond Scam.
“අර්ජුන් ඇලෝසියස්ට මලික් කතා කරලා කියලා තියනවා හිරේ නොයා බේරෙන්න ඕන නම් ඔය තියන දේවල් ඔක්කෝම එලියට දාලා මුන් ටික කොහොම හරි මේ පැත්තේ තියා ගන්න ට්‍රයි කරන්න… නැත්නම් ආණ්ඩුව පෙරලුනොත් ඔයා හැමදාම හිරේ…” යනුවෙන් පවසා තිබේ. කොහොමද ටිකිරි මොලේ
ටිකක් හිතන්න සාමාන්‍ය මිනිසකු රජයේ සේවකයකුට මුදලක් දී කිසියම් වැඩක් තම වාසියට කරවාගත් විට එය හදුන්වන්නේ අල්ලසක් Bribe ලබාගැනීමක් කියලයි නමුත් මෙය මහාපරිමාණයෙන් සිදුවන මෙවැනි ඇමතිවරුන් මන්ත්‍රී වරුන් මිලදීගැනීම Bribe යන වචනයෙන් කිසිවිටකත් හදුන්වා දෙන්නේ නැත, මෙය හදුන්වන නම්බුකාර වචනය Lobbying යන්නයි ලැජ්ජයි
The provisions of RTI Act are far more superior than all other Acts . Therefore, DGNA cannot quote the provisions of National Archives Act and deny releasing the reports of presidential commissions held so far. What s the hell hiding facts of presidential commissions. Those have been held on the public expenditure and held get disclose real things happened and valuable to a government and to the general public. This is how these dirty politicians bullying the general public of this country.
කෝ තොරතුරු දැනගැනීමේ පනත….?
මොකටද එහෙම එකක් ගෙනාවෙ….??