බැඳුම්කර කොමිසමේ වාර්තාවේ බරපතලකම බරපතල අපරාධ කොමිෂන් වාර්තාවෙන් වහයි.. කඩුවෙන් වහන්න අලියා ලොකු වැඩි වෙයි..
January 4, 2018 at 12:09 am | lanka C news
පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.
අපි දන්නවා මේ වසර සුබ වෙනවද නැද්ද යන්න තීරනය කරන්න පුලුවන් ජනපතිතුමන් සුබ පතා එවන කෙටි පනිවිඩයෙන් නෙවෙයි පෙබරවාරි 10 වෙනිදා ජනතාව ගන්නා තීන්දුවටයි. ඒ නිසා මේ වසර සුබ වෙනවාද නැද්ද කියන තීන්දුව තියෙන්නේ ජනතාව අතේ.
බැඳුම්කර කොමිසමේ වාර්තාව සති දෙකක් ඇතුලත ප්‍රසිද්ධ කරන බවට ජනාධිපතිතුමා පොරොන්දුවක් දී තිබෙනවා. මේ වාර්තාවේ අඩංගු වන්නේ කොමිසමේ නිර්දේශ සහ ඒවාට පදනම් වූ කොමිසම ඉදිරියේ ලබා දුන් සාක්ෂි වලින් උපුටා ගත් කොටස් පමණයි. මේ කොමිසම ඉදිරියේ ඉතා වැදගත් සාක්ෂි විශාල ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. ඒවා සියල්ලම මෙම වාර්තාවට අඩංගු වෙන් නෑ. නමුත් ඒ තොරතුරු ජනතාවට අදාළයි.
ඇමතිවරු කොමිස් විදියට ගෙවල් ගත්තු හැටි. මූල්‍ය වෙළඳපොලේ සිටින රාජ්‍ය නිළධාරින්ට පගාව දුන්නු හැටි. ඇමතිවරු නිළධාරින්ට බලපෑම් කළ හැටි. මහ බැංකු අධිපති බැදුම්කර වංචාවට අවශ්‍ය පසුබිම හදපු හැටි. ඇමතිවරු සොරකම සාධාරණීකරණයට පොත් ලියද්දී මැති ඇමතිවරු සොරකම වසා ගැනීමට පාද සටහන් යෙදූ හැටි. මේ සියල්ලම අර සාක්ෂි වල තිබෙනවා. අල්ලස් කොමිසමට සහ නීතිපතිට මේ වැරදි වලට එරෙහිව නඩු පැවරිය හැක්කේ මේ තොරතුරු නිල වශයෙන් ඔවුන්ට ලබා දුන්නොත් පමණයි. එබැවින් කොමිසමේ වාර්තාවට උපලේඛණයක් ලෙස මෙම සියළුම සාක්ෂි ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා. කොමිසමේ රාජකාරිය සාර්ථකව අවසන් කළා වන්නේ එහෙම කළොත් පමණයි.
බැඳුම්කරේ බරපතල අපරාධ කොමිෂන් සභා වාර්තාවෙන් වහන්න එපා.
බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව පිළිබඳ ජනාධිපතිතුමා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. මුළු රටම ලංකා ඉතිහාසයේ දැවැන්තම වංචාව පිළිබඳ ජනපතිතුමන් ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳ දෑස දල්වා ගෙන සිටින අතරේ හදිසියේම තවත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක් ජනාධිපතිතුමාට භාර දෙනවා. ඒ බරපතල වංචා ගණනාවක් යැයි කියමින් ඒවා පිළිබඳ සොයා බැලීමට පත් කළ කොමිසමේ වාර්තාව. ජනපතිවරණ සමයේ සංධානයේ ප්රචාරක දැන්වීම් සඳහා අයිටිඑන් එකට මුදල් ගෙව්වා ද? බස් සඳහා ලංගමට මුදල් ගෙව්වා ද? උතුරේ අත් හැර ගිය කම්හලක යකඩ කපා ඉවත් කළ බව ආරක්ෂක ලේකම් දැන සිටියා ද? මේ වගේ ප්‍රශ්න තමයි ඒ කොමිසම විමර්ශනය කලේ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු විශාල පිරිසක් මේ කොමිසම ඉදිරියට ගියා. කවුරුවත් මට මතක නෑ මම දන්නේ නෑ කියලා සාක්ෂි දුන්නේ නෑ. මට සාක්ෂි දෙන්න එපා කියලා රාජපක්ෂවරු තර්ජනය කරනවා කියලා කිසිම සාක්ෂිකරුවෙක් කොමිසමට පැමිණිලි කලේ නෑ. මේ සියල්ලටම වඩා කිසිම ආන්දෝලනාත්මක දෙයක් කොමිසම ඉදිරියේ හෙලි වුණෙත් නෑ.
කවුරු හරි රාජපක්ෂවරයෙකු වරදක් කර තිබෙනවා නම් උපරිම දඬුවම් ලබා දෙන්න. අපි ඊට විරුද්ධ නෑ. නමුත් මේ අහක යන කොමිසමක් ඉදිරියට ගෙනවිත් ලංකා ඉතිහාසයේ දැවැන්තම වංචාව පිළිබඳ අවධානය වෙනතකට යොමු කරන්න කවුරු හරි උත්සාහ කරනවා නම් අපි ඒකට විරුද්ධයි. අතිගරු ජනාධිපතිතුමනි, කඩුවෙන් වහන්න අලියා ලොකු වැඩියි කියලා අපි ඔබතුමාට ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා.
– අරවින්ද අතුකෝරල
පුස්ස බින්ඳ වගේ ලෙසට මයිතුන වැඩ කෙරුවා,
දක්ශ කමක් ඇත්තෙම නැහැ රටටම ගඳ ගැසුවා,
විස්ස වෙන්න ඔනෑ නැහැ ලඟදිම උඹේ මරුවා,
පස්සෙ නොවෙයි අතලඟමයි තොගේම මග මරුවා
මහින්ද ජනපති තුමාගේ පොහොට්ටුවෙන් තනිව තරග කිරීමේ තීරණයේ නිවැරදි බව මෙයින් මනාව ඔප්පු කර ඇත. ලංකාවේ කටින් ජනපති කොපුව අතේ තියං කඩුව පොහොට්ටුවට දී ඇත. ඉදිරි චන්දයේ මැතිවරණ වේදිකාවල මෙම කතාවේ වචනයෙන් වචනය පතුරු අරිනු ඇත. ඒකාබද්ධ විපක්ෂයේ යමෙකු එකතුවී තරග කිරීම හොදයි සිතා සිටියේ නම් මෙම ප්රකාශනයෙන් එයද නිෂ්ප්රභා වනු ඇත. හොරෙකු උනත් රවියා පව්ය. කටුගේ සිද්දියේ කන්ගැට්ටාට වූ ලෙස පෙර කල පව්නිසා රවියාට අහක යන මරාලයකට කර ගැසීමට සිදුවී ඇත
“පෙර කල පව්නිසා රවියාට අහක යන මරාලයකට කර ගැසීමට සිදුවී ඇත” – සහතික අැත්ත බ්රිෝ.
දැන් ඉතින් මන්ගලයා අර මැදමුලන බද්ද වගේ අර්ජුන් බද්ද කියලා තව එකක් සාමාන්‍ය ජනතාවට ගහයි මේ නැතිවෙච්ච සල්ලි ටික හොයාගන්න. යකෝ මුන් ආවේ හොරු අල්ලන්න. දැන් බලනකොට මුන් හොරු එක්ක නිදියගෙන තවත් හොරාකාලා අපිටම කෙලිනවනේ.