බැඳුම්කර කොමිසමේ වාර්තාවේ පිටු පන්දාහකටත් වඩා අඩුයි…

January 25, 2018 at 1:20 pm | lanka C news
බැඳුම්කර කොමිසමේ වාර්තාවේ පිටු පන්දාහකටත් වඩා අඩුයි…

පිටු හයදහසකට අධික බැඳුම්කර වාර්තාවේ, පිටු 5,000කටත් වඩා අඩුවෙන් පාර්ලිමේන්තුවට ලබාදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ජනාධිපති ලේකම්වරයා වහාම පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂයේ මන්ත්‍රිවරු ඊයේ (24දා) කතානායකවරයාට බලකර සිටියහ.

ජනාධිපති ලේකම් තමන්ගේ වගකීම හරිහැටි ඉටුකර නැති බැවින්, ඔහු පක්ෂ නායක රැස්වීමට කැඳවිය යුතු බවත්, එහිදී මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක කතානායකවරයාට දැනුම් දුන්නේය.

පිටු හයදහසකට අධික ප්‍රමාණයක් මේ බැඳුම්කර වාර්තාවේ තිබෙනවා. අපිට ලබාදීපු වාර්තාවේ තිබෙන්නේ පිටු 1,152යි. ඕනෑම නිලධාරියකු පාර්ලිමේන්තුවට කැඳවීමට කතානායකතුමාට බලයක් තියෙනවා. ඒ නිසා ජනාධිපති ලේකම්වරයා වහාම පාර්ලිමේන්තුවට කැඳවන්න. කැඳවල විමසන්න යැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන, කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

කතානායක : ඔව්. මට බලයක් තියෙනවා. මම ජනාධිපති ලේකම්වරයා කැඳවන්නම්.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල : පිටු අඩු නම්, විවාද නෑ. පිටු අඩු නම් විවාද නෑ.

පාර්ලිමේන්තු මන්ත්‍රි චන්ද්‍රසිරි ගජධීර : මම විමසීමක් කළා. මෙහි අඩුවක් තියෙනව නම් වගකීම ඔබතුමා භාරගන්නවද කියලා.
අංගසම්පූර්ණ වාර්තාවක් නොමැතිව අපි කොහොමද මේක විවාද කරන්නේ. අංගසම්පූර්ණ තොරතුරක් නැතිව අපි කොහොමද සාර්ථක විවාදයක් කරන්නේ?

ධීවර ඇමැති මහින්ද අමරවීර : බැඳුම්කර කොමිසම සම්බන්ධ සියලු වාර්තා ලබාදෙනවා. කිසිදු ආකාරයක යටපත් කිරීමකට ඉඩදෙන්නෙ නැහැ. මේ අවශ්‍ය නිලධාරීන් පක්ෂ නායක රැස්වීමට කැඳවන්න. එතකොට සියලු තොරතුරු දැනගන්න පුළුවනි. වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව ක්‍රියා කරන්න අපිත් සහයෝගය දෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන : මේ වාර්තාව යම් යම් අයට ලැබුණු බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. පාර්ලිමේන්තුවට ලබාදීමට පෙර, එසේ වාර්තාව ලබාදීම වැරැදියි.

මහින්ද අමරවීර : කිසිම දේශපාලනඥයකුට මේ වාර්තාව දීලා නැහැ කියල මම වගකීමෙන් කියනවා.

– Mawbima

19 views

6 Comments to “බැඳුම්කර කොමිසමේ වාර්තාවේ පිටු පන්දාහකටත් වඩා අඩුයි…”

  1. චේතියසේන says:

    දැං මේ සෙල්ලම කෝපිකඩේ නාට්ටියටත් හපං!

    🙂

    • ඇත්ත says:

      ඔය වාර්තාව සිංහලෙන් නම් දෙන්න එපා….සිංහලෙන් දුන්නොත් ගමේ ඉන්න UNP කාරයන් දැන ගන්නව රනිල නොම්බර එකේ ඩීල් කාරයෙක් කියල..අනුරයො උඹ එහෙම විහිලුවයවත් බැදුම්කර වාර්තාව සිංහලෙන් ඉල්ලනව නෙමෙයි…ඒක සිංහලෙන් දුන්නොත් ගමේ පොලේ කැට හොල්ලන උන්ව කඩේ යවන්න බැරි වෙනව ඉංග්‍රීසි කඩුව පෙන්වල…

  2. kamalasirikuruwita says:

    එකට කුඩු කෑ එවුන් මහා බැංකු හොරකම වහ ගන්න දඟලන දැගලිල්ලක්. ලොක්කා මේවා පත්තරෙන් දකිනකන් රාජපක්ෂලාට දොස් කියා කියා පොර ටෝක් දෙනවා. එයාගෙත් ලොක්ක රනිල් එයා ජනතාව බුදි කියල හිතාගෙන හීන ලෝක මවනවා ( බ්රෙස්ලේට් , වයි ෆයි , ) ජනතාව ජිවන ප්‍රශ්න වලින් මිරිකිලා. රටේ මහා එකාලට රථ ගාය හා රට සවාරි ගාය , තව කොච්චර තියෙනවද ?……

  3. Pal says:

    Mahinda Amaraweera ape President tama galapena sewalayek

  4. rathne says:

    Country is going to dags.

  5. CCS ඉඳලයි CAS ආවේ. says:

    දැන් තමයි මම උඹලාට “My Belly is White” කියන එකේ නියම තේරුම පෙන්නන්නේ. “My Belly is White” කියන්නේ බඩ සුද්දයි කියන එක. (“ලෙඩා මලත් බඩ සුද්දයි” කියන උපහැරණේ තියෙන “බඩ සුද්දයි” කියන කෑල්ල). ඒ කියන්නේ මගේ බඩ සුද්දයි කියන එක. ඒ කියන්නේ මට බඩ ගියා කියන එක. පුලිදේවන් ට ඇපල් ඇද්ද මට මේවා සුළු වැඩ. පිටු පන්දාහ නෙමෙයි පිටු හයදාහම උනත් අන්තරස්දාන කරන්න මට පුළුවනි. මොකද එදා ඉඳන්ම අධිරාජ්‍යවාදීන්ට කත් ඇදපු මට මේ අධිරාජ්‍යවාදී ආණ්ඩුව රකින එක බොහොම හුළු වැඩක්. දැන් මට බඩ යන්න ලඟයි.

Main News