බැඳුම්කර හොරු බැදුම්කර කොමිෂන් වාර්තාව වෙනස් කරයි..

January 16, 2018 at 3:50 pm | lanka C news
බැඳුම්කර හොරු බැදුම්කර කොමිෂන් වාර්තාව වෙනස් කරයි..

පසුගියදා ජනාධිපතිවරයා ලබා දුන් ‘බැඳුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාව’ චූදිතයන් අතට පත් වී ඇති බවටත් එය ඔවුන් විසින් වෙනස් කරමින් සිටින බවටත් තොරතුරු ලැබී ඇති බවත් එම වාර්තාවෙහි අකුරක් හෝ වෙනස් කර තිබුණොත් සෙසු ජ‍්‍රජාතත්න‍්‍රවාදී බලවේග සමග එක්ව ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ජාතික නිදහස් පෙරමුණ පවසයි.

අද (16) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘ලංකා ඉතිහාසය තුළ පමණක් නොවයි ලෝක ඉතිහාසය තුළත් රටක ආර්ථිකයට සිදු කළ බරපතළම අපරාධය තමයි ශ‍්‍රී ලංකා මහ බැංකුව මහ දවල් බිඳපු එක. මේ මහා අපරාධය මහා මංකොල්ලයට දැන හෝ නොදැන මෙරට ජනාධිපතිවරයා ද අවස්ථා තුනක දී හවුල් වී තිබුණා. පළමු අවස්ථාව තමයි, මහ බැංකුව මුදල් අමාත්‍යවරයාගෙන් ඉවත් කොට අගමැතිවරයාට පැවරීමේ ගැසට් නිවේදනයට අත්සන් කළ අවස්ථාව. දෙවැනි අවස්ථාව අගමැතිවරයා තම සිංගප්පුරු ගජ මිතුරා මහ බැංකු අධිපති ධුරයට නිරේද්ශ කළ අවස්ථාෙවිදී එය පිළිගෙන අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් කිරීම. තෙවන අවස්ථාව තමයි ප‍්‍රශ්නගත පළමු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව එවකට කෝප් කමිටුවේ සභාපති ඩිව් ගුණසේකර මන්ත‍්‍රීවරයා විසින් 2015 ජුනි 28 වැනිදා වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී 2015 ජුනි 26 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ සිය විධායක බලතල අනිසි ලෙස යොදා ගනිමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම.

ජනාධිපතිවරයා ද මේ මහා මංකොල්ලයට හවුල් බවට මේ රටේ බුද්ධිමත් ජනතාවට මේ නිසා පෙනී යමින් තිබුණා. ඒකාබද්ධ විපක්‍ෂය ඇතුළු මේ රටේ සැබෑ ආණ්ඩු විරෝධී බලවේග මේ මහා මංකොල්ලයට එරෙහි දැවැන්ත ජනමතයක් ගොඩනගමින් සිටියා. මේ සියල්ල නිසා තමයි ජනාධිපතිවරයාට මෙවැනි බලසම්පන්න ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීමට සිදු වුණේ. තමන් ජනාධිපති පුටුවට පත් කරපු ණය ගෙවීමට තිබූ නිසා ජනාධිපතිවරයා ‘මේ මහා මංකොල්ලයේ මහ මොළකරු ඇතුළු අලි නායකයින් රැුක ගත යුතුයි’ කියන තැන වසර 02ක් තිස්සේ සිටි බව පෙනෙනවා. බැරිම තැනයි කොමිසම දැමුවේ.

‘පළමුව කළ යුතු දේ’

කොමිෂන් සභාවේ වාර්තාව එළි දැක්වූවාට ජනාධිපතිවරයා පළමුව කළ යුතුව තිබුණේ කුමක්ද? මේ රටේ ජනතාව තමන් සතු පරමාධිපත්‍ය බලය පවරා දෙනු ලැබූ එක් උත්තරීතර ආයතනයක් වූ ද මේ රටේ මූල්‍ය පාලනය හිමිව ඇත්තා වූ ද පාර්ලිමේන්තුව වෙත පිළිගැන්වීමයි. නමුත් එය සිදු වූයේ නැහැ. මෙම වාර්තාව ජනාධිපතිවරයා අතට පත් වූයේ 2017 දෙසැම්බර් 31 වැනිදායි. පසුගිය ජනවාරි 10 වැනිදා පාර්ලිමේන්කුවට එය ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුව කතානායකවරයා විසින් කැඳවා තිබුණත් ජනාධිපතිවරයා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තම ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබුණේ නැහැ.

‘රවීට එරෙහි නිර්දේශ 02ට මොකද වුණේ?’

මෙම කොමිෂන් සභා වාර්තාව උපුටා දක්වමින් ජනාධිපතිවරයා විසින් පසුගියදා පෙන්වා දුන්නේ හිටපු මුදල් අමාත්‍යවරයා වූ රවී කරුණානායකට එරෙහිව කොමිසම මගින් නිර්දේශ දෙකක් ඉදිරිපත් කර ඇති බවයි. පළමු නිර්දේශය, අර්ජුන ඇලෝසියස්ගෙන් පෙන්ට් හවුස් නිවාස සංකීර්ණයෙහි නිවසක් සඳහා කුලී මුදල් ලබා ගැනීමට එරෙහිව අල්ලස් හෝ ¥ෂණ චෝදනා විමර්ශන කොමිසම හරහා නඩු පවරන ලෙසයි. දෙවැනි නිර්දේශය, ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය ප‍්‍රකාශ සිදු කිරීම නම් සාපරාධී කටයුත්තට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ නඩු පවරන ලෙසයි. නමුත් දැන් මේ නිර්දේශ නිකුත් වී දින 17යි. රවී කරුණානායක නිදැල්ලේ ඉන්නවා. ඒ විතරක් නොවෙයි මේ කොමිෂන් සභා වාර්තාව අගමැතිතුමන්ට සහ තමන්ට ලැබුණු බවත් කියනවා.

අපට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් මගින් තොරතුරු ලැබී තිබෙනවා, මේ චූදිතයන් දැනට නිකුත් කර ඇති කොමිෂන් සභා වාර්තාව තමන්ට නීතියේ දැලෙන් රිංගා යා හැකි ආකාරයට වෙනස් කරමින් සිටින බවට. මේ කොමිෂන් සභා වාර්තාවේ අනතුරක් හෝ වෙනස් කරනවා නම් ඊට එරෙහිව සෙසු ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග සම`ග එක්ව නීතිමය පියවර ගැනීමට ජාතික නිදහස් පෙරමුණ සූදානම්. ඒ වගේම අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා, ‘එවැනි පාප කර්මයකට හවුල් වී ජනතා අධිකරණය හමුවේ වරදකරුවකු වෙන්න එපාෟ’ කියලා.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

43 views

3 Comments to “බැඳුම්කර හොරු බැදුම්කර කොමිෂන් වාර්තාව වෙනස් කරයි..”

  1. ජනක says:

    අනිවාර්යෙන් මේ සදහා අපි ජනතාව මුල්වෙලා ජනාදිපතිවරයාට නඩු පවරනවා මේකේ අකුරක් හරි වෙනස් වෙලා තිබුනොත් ජනාදිපති තමුන්ගේ තනතුරේ ගෞවරවය තියාගෙන වහාම තමුන්ගේ අත තිබෙන මෙම වාර්තාව වහාම ප්‍රසිද්ද කරන්න .නැතිනම් පසුව පසුතැවිලි වීමට සිදුවේවි .ජනපති මතක තියාගන්න ඔබ ට ආවසානෙට උත්තර දෙන්න සිදුවන්නේ unp එකට නෙවෙයි මේ රටේ ජනතාවටයි .
    ඔබ unp කාරයෝ බේරුවා කියල ඔබට ජනතාව් සමාව දෙන්නේ නෑ අන්න එක මතක තබාගන්න .ඒවගේම මතක තබාගන්න බලය ඇතිවෙනවා නැති වෙනවා ඒවගේම unp එක අවුරුදු 17 විපක්ෂේ හිටියා උන්ටත් හැමදාම බලයේ ඉන්න බෑ හැබැයි ඔයා කරන දේවලට ඔයාට වගකියන්න වෙනවා ඔයා ගේ පවුලටත් වගකියන්න වෙනවා

  2. Harshie says:

    Monawa wenas kalada nadda kiyala api danne kohomada,mokada apita dunnaya oka kiyawanna😠😠😠😠😠😡😡😡

  3. Saradiel says:

    සිරිසේන 29 පාරක් පැරදුන රනිල් අගමැතිකලේ තමන්ට මෙයින් ලාබයක් ලැබෙන නිසාද?

Main News