බැරි උලවුවකට හත්වලං තියද්දී සන්ධාන නායකයන් පක්‍ෂ නායක හමුවෙන් නැගිට යයි..

November 2, 2018 at 5:30 pm | lanka C news
බැරි උලවුවකට හත්වලං තියද්දී සන්ධාන නායකයන් පක්‍ෂ නායක හමුවෙන් නැගිට යයි..

අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති පක්‍ෂ නායක හමුවේදී ආණ්ඩුව නියෝජනය කරමින් සහභාගී වී සිටි කණ්ඩාම නැගිට ගොස් තිබේ.

පාර්ලිමේන්තුව වහා කැදවන්නැයි දිගින් දිගටම ඉල්ලීම් කරද්දී ඊට අදාල නීතිමය පසුබිම පැහැදිලි කිරීමෙන් පසු මෙම පිරිස නැගිට ගොස් ඇත.

ජනාධිපතිවරයා විසින් කල් දමන ලද පාර්ලිමේන්තුව කැදවිය හැක්කේ ඔහුටම බවත් ඒ සදහා ජනාධිපතිවරයාගේ අත්සනින් ගැසට් පත‍්‍රයක් නිකුත් විය යුතු බවත් ඔවුන් පෙන්වා දී ඇත.

එනිසා එම ගැසට් පත‍්‍රය ලැබෙන තුරු බලාසිටීම හැර වෙන කල හැකි කිසිත් නැතැයි පවසමින් ඔවුන් එහුවෙන් නැගිට ගොස් තිබේ.

නිමල් සිරිපාලද සිල්වා, මහින්ද සමරසිංහ, දිනේෂ් ගුණවර්ධන යන ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රිවරුන් ආණ්ඩුව වෙනුවෙන් මෙම හමුවට සහභාගී විය.

168 views