බැසිල් නොහිටියානම් අද රට කොහේද දන්නෑ..

January 26, 2022 at 12:02 am | lanka C news
බැසිල් නොහිටියානම් අද රට කොහේද දන්නෑ..

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා නොසිටියේ නම් අද රට තිබෙන තැන කොහේදැයි කිව නොහැකි බව ඉඩම් අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

ජනාධිපති අගමැති මුදල් ඇමති හොඳ පළපුරුදු අය බවත් ඔවුන් රට නිවැරදිව පාලනය කරමින් සිටින බව හෙතෙම පැවසීය.

ඉදිරි මැතිවරණයට යන්නේ හරියට කරලා බවත් එවිට විපක්ෂය සිටින තැන බලා ගත හැකි බවත් හෙතෙම කියා සිටී.

ගෙවුණු අවුරුදු දෙක යක්ශයාගේ අවුරුදු දෙක රජය මේ වන විට එය මර්දනය කර ඇති බවත් හෙතෙම තවදුරටත් පැවසීය.

මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

19,316 views

31 Comments to “බැසිල් නොහිටියානම් අද රට කොහේද දන්නෑ..”

  1. සෝමෙ says:

    බැසිල් හිටියොත් නම් චීනෙන් තමා ඉවර වෙන්නෙ

  2. Nodokin 10% malwane hora

  3. 0.00069 BIYYO says:

    සාමාන්‍ය පෙළවත් පාස් නැති මේ වගේ ගොන්නුන්ට ඇමති කම් හම්බෙද්දී බැසිලුත් පොරක් වෙලා පේන එක අහන්න දෙයක්ද ? 😀😀😀

  4. පුරවැසියා says:

    මහා හොරුන්ට කොහොමත් අනිත් හොරා කැමතිය්
    මුන් ඔක්කොම එකම ගොඩේ
    ඔය ආවඩන්නේ අර ඔරුවල ඉඩමට වැඩේ දෙන්න ගියේ දෙන්න එකවෙලා
    දැන් ඒ වැඩේ හබක් උනාම ගුණ ගයලා ආය වෙන විදිහකට උත්සාහ කරය්

    • මහා හුරා says:

      බැසිල් මුදල් අමාත්‍යවරයා නිසා තමයි මුළු රටම ආර්ථික අගාදයේ ජනතාවට ආහාර නැහැ ,රටේ පෝලිම් ,මුදල් අච්චුගහන කඩදාසි ගැනීමටවත් මුදල් නැතිලු ..ඩොලර් නැතිලු ….මේ මොනවාද දොඩවන්නේ …බැසිල් ගහපු කොමිස් මුදල් වලින් කොටසක් ඔබටත් ලැබුනද ?දිකිරට බළල්ලුත් සාක්කි කිව්වේ ඔබවැනි කපටින්ට තමයි රටේ ඉඩම් හොරෙන් විකුණමින් ඔබතුමා කරන දුෂණ වංචාවලට ඔහුගෙන් හොද සපෝට් එකක් ලැබෙනවා නේද ? ඔබවැනි දේශපාලුවෝ අපේ රටට සාපයක්..ඔහොම යන්න පැණි වරකා ගහටත් හෙණ වැදෙනවා

  5. පුරවැසියා says:

    අක්කර 185ක් පමණ විශාල පැරණි වානේ සංස්ථා ඉඩම කිසිදු මුදල් අය කිරීමකින් තොරව (නිදහස් දීමනා පත්‍රයකින්) ප්‍රකට ව්‍යාපාරිකයකුට පැවරීම සඳහා ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන විසින් පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව… මුන් ඔක්කොම එකම ගොඩේ ඔය ආවඩන්නේ අර ඔරුවල ඉඩමට වැඩේ දෙන්න ගියේ දෙන්න එකවෙලා දැන් ඒ වැඩේ හබක් උනාම ගුණ ගයලා ආය වෙන විදිහකට උත්සාහ කරය් ….රජයේ ඉඩම් ආඥාපනතට පටහැනිව කිසිදු පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව රඹකැන්ඔය කලාපයේ ඉඩම් අක්කර 3750ක භුක්තිය ආයෝජකයන් 07 දෙනකුට භාරදීමට මහවැලි අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාළව නිකුත් කර ඇති විගණන වාර්තාවේ සඳහන් වෙයි.
    මෙම ඉඩම්වල භුක්තිය ආයෝජකයන් වෙත භාරදීමේ දී තරගකාරි හා විනිවිදභාවයකින් මෙන්ම අයැදුම්පත් කැඳවීමකින් තොරව ජාතික ආහාර නිෂ්පාදන කාර්ය සාධන කමිටුව වෙත යොමුකර ආයෝජකයන් ගෙන් අයැදුම්පත් ලබාගෙන තිබූ බවද විගණනය මගින් අනාවරණය කර ඇත. එමෙන්ම මෙම ඉඩම්වල භුක්තිය ආයෝජකයන් වෙත භාරදීමට ප‍්‍රථම කිසිදු පාරිසරික බලපෑම් ඇගයීමක් සිදුකර නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.
    උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස් එම් රංජිත් මහතා සහ ඉඩම් අමාත්‍යවරයාගේ බිරිඳ වන ශාන්ති චන්ද්‍රසේන මහත්මිය තම වැටුපට අමතරව රුපියල් ලක්‍ෂ 80ක ඉන්ධන උතුරු මැද පළාත් සභා අරමුදලින් ලබා ගත් බවට චෝදනා එල්ලවී තිබේ.
    ඒ සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අල්ලස් කොමිසම විමින් ගොනුකර තිබූ චෝදනාවලින් අදාල විත්තිකරුවන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.
    ඒ අනුව එම නඩුව ලබන වසරේ පෙබරවාරි මස 07 වැනිදා විභාග කිරීමට නියම කර තිබේ.

    ඉඩම් අමාත්‍ය මධ්‍ය එස් එම් චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ශාන්ති චන්ද්‍රසේන මහත්මිය උතුරු මැද පළාත් සභාවේ මහ ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය වශයෙන් කටයුතු කර කර ඇති බවද අධිකරණයේදී හෙළි විය
    මේ වගේ එවුන්ට රජකාලේ දඬුවම් දෙන්න ඕනේ
    හැමදාම කලේ හොරකමේ පිහිටෙන් බඩ වඩා ගැනීම

  6. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    මුගෙ මෑණියන් වහන්සෙ මූ වගේ තව දෙතුන් දෙනෙක් මෙලොවට බිහි කලා නම් රජරට විතරක් නෙමෙයි මුලු රටම කම්මුතුයි.

  7. රජරට මුහන්දිරම් says:

    මුගේ වයර් මාරැවෙලා තියන්නෙ. 2×2 පොල්ලකින් ඔළුවට තැලුවනම් හරි.

  8. සැගවීමට අවකාශ නොමැති බව පමණක් සිහියේ තබා ගත ගනිව්,.! says:

    යකෂාධිපති රාකෂයා මාත්‍රෲහූමියට පැමිනීමට නියමිතයි,.!

    වංචනිකයන්, නීළකාශ හොරුන් රට ජාතිය මංපහරනලද පාහරයන් හට සැගවීමට ගැළවීයාමට අවකාශ නොමැති බව පමණක් සිහියේ තබා ගත ගනිව්,.!

  9. ashan says:

    සල්ලි ප්‍රින්ට් කරලා දේන්න උ මොන වැඩිඩේක්ද මේවා හොදා ගොන්නුන්ට

  10. Gamarala says:

    ‘නමින් කපුරුහාමි වුවත් කටෙන් දුගඳ හමයි’

    ලංකා වානේ සංස්ථාව පිහිටි කඩුවෙල ඉඩම ව්‍යාපාරිකයෙකුට ලබාදීම සම්බන්ධයෙන් චන්ද්‍රසේන ඉදිරිපත් කළ ආන්දෝලනාත්මක

    යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව නොමැත.

    අක්කර 185කින් යුත් මෙම ඉඩම අදාළ ව්‍යාපාරිකයාට ඩොලර් මිලියන 15කට ලබාදීමට මීට පෙර එකගවී ඇති නමුත් පසුව මුදල් අය කිරීමකින් තොරව එය ලබාදීමට චන්ද්‍රසේන කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබිණ.

    මීට පෙරද එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ අවස්ථාවේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ඊට විරෝධය පළ කර තිබිණ.

Main News