බැසිල්ගේ උදහසට ලක් වූ මහින්දානන්දට ඇමතිකමක් නෑ…

September 22, 2022 at 8:40 am | lanka C news
බැසිල්ගේ උදහසට ලක් වූ මහින්දානන්දට ඇමතිකමක් නෑ…

බැසිල් රාජපක්ෂ මහතාගේ උදහසට ලක් වීම මත අද මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ඇමති කමක් ලැබී නැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ගෙනාපු යෝජනාව ගැන සතුටු වෙනවා වගේම මට අධෝමුඛයෙන් හිනා යනවා. මොකද එතුමා මෙතෙක් කැබිනට් ඇමති වෙලා ඉඳලා මේ ආණ්ඩුව ගේන්න මූලික වෙලා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගාව ළඟින්ම හිටපු කෙනෙක් මෙතුමා. බැසිල් රාජපක්ෂගේ උදහසට ලක් වෙලා අද ඇමති කමකුත් නෑ. ඔබතුමාගේ යෝජනාවට ස්තුතිවන්ත වෙනවා.

මෙතුමා ඇමති කාලෙ තමයි අසූචි නැව ආවෙ. අද සාගතයක් ආවෙත් මෙතුමා හින්ද තමයි. අද මිනිස්සුන්ට කන්න නැත්නම් අද ගොවියට පෝර නැත්තං ඒවට වගකියන්න ඕන මෙයා.

අද රාජ්‍ය ආදායම මේ තරම් අහිමි අහිමි වෙලා තියෙන තත්ත්වයට පත් වුණේ ඇයි. මෙතුමන්ලාගෙ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආපු ගමන් මොකක්ද කරේ. වැඩ දෙකක් කළා.පලවෙනියටම කරපු දේ තමයි තමන්ගේ ගජමිතුරන්ට දොළපිදේනි දෙන්න බදු සහන දුන්නා. දැන් මේගොල්ලෝ යෝජනා කරනවා හොඳම කොම්පැනි වලට tax ගේන්න කියලා. තිබ්බ taxes අයින් කර කවුද ඒ ගොල්ලන්ගෙ හිටපු ජනාධිපති ම තමා. ඒකෙන් අවුරුද්දකට බිලියන 800ක ආදායම අහිමි වුණා.

ධනපතියන්ගේ සල්ලි බැංකුවල තැන්පත් කළහම ඉස්සර තිබුණා 5% withholding tax එක .ගෝඨාභය ජනාධිපති උනහම එයාගෙ තනි උද්දච්ච තීරණයට ඒ 5% tax එක අයින් කළා.එතකොට බැංකුවේ සල්ලි තියෙන අය “මට මෙච්චර තියනවා,මට ආණ්ඩුවෙන් මෙච්චර ආදායමක් ලැබෙනවා, ඒකෙන් ටැක්ස් එකක් ගන්න” කියලා කියනවද. එහෙම කියන් නෑ. ඒ නිසා මේ මේගොල්ලෝ කරේ තියන් ආපු වීර මෝඩ උද්ධච්චයෝ හින්දා තමයි මේ ආර්ථිකය බංකොලොත් වුණේ කියන එක අපි කියන්න කැමතියි. ඊට පස්සේ නැති වෙච්ච ආදායම ගන්නට සල්ලි අච්චු ගැහුවා. සල්ලි අච්චු ගහලා උද්ධමනය ඉහළටම ගියා.ඊට පස්සේ ඩොලරය ඉහලට යන්න දෙන්නෙ නැතුව රුපියල බලෙන් අල්ලගෙන හිටියා. අන්තිමට ශ්‍රමිකයින්ගේ සල්ලිත් ආවේ නැතුව ආර්ථිකය කුඩුපට්ටම් උනාට පස්සේ ,ඇමතිකම් කරලා බැසිල්ගේ උදහසට ලක්වෙලා ඇමතිකම නැති වුණාට පස්සේ මොලේ පෑදීම ගැන අපි එක විදිහකින් සතුටු වෙනවා.

දැන් අලුත් ආදායම් ගේන්න යෝජනා ගේන්න ආණ්ඩු පක්ෂය කට්ටියට අපි මතක් කරලා දෙන්න ඕන සියලු තැන්වලින් තවම හොරා කනවා. මං උදාහරණ දෙකක් දෙන්නම් නියෝජ්‍ය කතානායකතුමනි,

පහුගිය ජුනි මාසේ තිබ්බා ටෙන්ඩරයක් ලිට්‍රො ගෑස් සමාගමේ, ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගේන්න . එතකොට මේ ටෙන්ඩර් එක cope කමිටුවේ දී අපි පෙන්නලා දුන්නා ඊට වඩා අඩු මුදලට ගන්න තියෙද්දි, රුපියල් මිලියන 1200 කට වැඩි මුදලක් වියදම් කරලා තමයි මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙනාවේ. ඒ වෙලාවේ කිව්ව වැඩි මුදලට හරි ගෙනල්ල පෝලිම නැති කරන්න ඕන කියලා.ඒ කියන්නේ අර්බුද කළමනාකරණය මුවාවෙන් හොරා කන එක. මම දැන් කියන්නම් නියෝජ්‍ය කතානායකතුමනි, දැනුත් ටෙන්ඩර් එකක් දාලා තියෙනවා. ඉදිරි කාලය සඳහා ගෑස් මෙට්‍රික් ටොන් දෙලක්ෂ අසූ දාහක් ගේන්න. දැන් technical කාරණා කියමින් මේ ටෙන්ඩර් එක අදිනවා. සාමාන්‍යයෙන් මේ සමාගම් වලට යම්කිසි සාධාරණ කාලයක් දෙන්න ඕන මේ ලංකාව ඇතුළට අදාල ප්‍රමාණය කුඩා නැව්වලට බාලා මේ බෝයාවල් ඇතුලට ගේන්න පුළුවන් වෙන විදිහට. අර මෙට්‍රික් ටොන් ලක්ෂයේ අන්තිම හරිය තියෙන්නේ. ඔක්තෝම්බර් මාසයට ගේන්න පුළුවන් තව මෙට්ට්‍රික් ටොන් තිස්දාහයි. එතකොට මේ ටෙන්ඩරය award කරලා කවුරුහරි අඩු ලංසු ලාභියෙකුට නුදුන්නහම ඔක්තෝම්බර් මාසයෙන් පස්සේ ගෑස් හිඟයක් එනවා. ඔන්න නැවත පෝලිම් පටන් ගන්නවා. එතකොට කියනවා අර ටෙන්ඩරය ටෙක්නිකල් කාරණා මත අහෝසි කරලා, දැන් අපිට බඩු නෑ පෝලිම් ඇවිල්ලා, ඉක්මනට ඉවර කරන්න ඕනෑ, sport buying මිලදී ගන්න ඕන කියලා. එතකොට පෙර සමාගම ඒගොල්ලන්ගෙ කුඩා නැව් ටික තියාගෙන මේ කලාපයේ ලෑස්ති වෙලා ඉන්නවා. ඕක නොවුනොත් බලන්න නියෝජ්‍ය කතානායකතුමනි, පුදුම වෙන්න එපා. එහෙම නොවෙනවා නම් මොකක් හරි අඩු ලංසු ලාභියෙකුට සැපයිය හැකි ලාභදායී මුදලකට ටෙන්ඩරයක් ලබාදිය යුතුයි. එතකොට ගෑස් අනිවාර්යෙන්ම එනවා. එහෙම නොකර මේ ස්පොට් buying ක්‍රමය දිගටම ගියොත්, ඔය දෙලක්ෂ අසූ දාහෙන් , රුපියල් මිලියන 3200 ක් හොරා කන්න බලාගෙන ඉන්නේ. ඒ නිසා තමයි මම කථානායකතුමාගන් ඉල්ලීමක් කලේ කෝප් කමිටුව ඉක්මනට පත් කරන්න. මේවා කැඳවන්න ඕන. කැඳවලා විමර්ශනය කරන්න ඕන. හොරා කෑවට පස්සෙ කතා කරලා වැඩක් නෑ. හොරා කන්න කලින් මේවා කතා කරන්න ඕන.

තව උදාහරණයක් දෙන්නම් නියෝජ්‍ය කතානායකතුමනි, මහින්දානන්ද මහත්තයට මම මේ කියන එක තේරෙනවා ඇති , එයත් හිටපු තෙල් ඇමති හින්දා .දැන් මේ දවස් වල අන්තිම මාස හයේ premium එක අරන් බැලුවොත් අපේ තෙල් සංස්ථාව ගෙවනවා තෙල් බැරල් එකකට ඩොලර් 35ක් වැඩිය. ඒ කොහොමද. සාමාන්‍යයෙන් සති හයක් ටෙන්ඩර් එකකට දෙන්න ඕන. ඒ කාලය දෙන්නෙ නෑ. අඩු කාලයක් දෙනවා. එතකොට ගන්නේ නෑ කවුරුවත්. ඊට පස්සේ හදිසි මිලදී ගැනීම කියලා අනුමත කර ගන්නවා.මම නම කියන් නෑ, එක්කෙනෙක් මේ ලඟදි තෙල් වලින් විතරක් ගහපු ගාන ඩොලර් මිලියන නමයක්. අර්බුද කළමනාකරණයෙන් හොරකම් කරන විදිහ.

ඒ නිසා මේ රාජ්‍ය ආදායම වැඩි කිරීමට නම් , ක්‍රමෝපායන් හදන්න ඕන, ඒක ඇත්ත, නමුත් මේ හොරා කන එක නවත්තන්න ඕන. අර්බුද කළමනාකරණය මුවාවෙන් හොරකම් කරන එක නැවැත්තුවා ම එතනින්ම විශාල ආදායමක් තියෙනවා .

විවේචනයෙන් ඔබ්බට ගිහිල්ලා අපි කැමති යෝජනා ඉදිරිපත් කරන්න. මහින්දානන්ද මහත්තයා හොඳ යෝජනාවක් ගෙනාවා රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ඇති කරන්න කියලා. අනිවාර්යෙන් ගේන්න ඕන. කරන්න නො දුන්නෙත් ඒ ගොල්ල ම තමයි. හැබැයි දැන් හරි වෙන්න ඕන. මොකද හේතුව, අද 175,000 ක් ළමයි වාර්ෂිකව AL විභාගය පාස් වෙනවා . මේකෙන් තිස් පන්දාහක් හතළිස් දාහක් අතර ප්‍රමාණයක් තමයි විශ්වවිද්‍යාලයේ යන්නෙ. කලා වාණිජ නීති වෛද්‍ය ඉංජිනේරු, එතකොට තව එකයි හතළිහක් ඉන්නවා . මේ අය පාරෙ රස්තියාදු ගහනවට සමහර දේශපාලන පක්ෂ කැමතියි. එතකොට තමයි ලේ රත් කරන්න පුළුවන්. අපේ අල්ලපු ඉන්දියාවේ වාර්ෂිකව තොරතුරු තාක්ෂණයෙන් පමණක් ඔවුන්ගේ ආදායම ඩොලර් මිලියන 130 ක ට වැඩි. අපට තොරතුරු තාක්ෂණයෙන් කීයක් එනවද? ඒ සඳහා අවශ්‍ය දැනුම තියෙනවද? ඒ වගේම දැන් ඒ ලෙවල් පාස් වෙලා, විශ්ව විද්‍යාලයේ යන්න හම්බ වෙන්නේ නැති සල්ලිකාර දෙමවුපියන්ගේ දරුවෝ සුළු ප්‍රමාණයක් පිටරට යනවා.:හැබැයි ඔවුන් විශාල ප්‍රමාණයෙන්මුදලක් එළියට ගෙනියනවා. ඩොලර් බිලියන දෙකක් විතර ගෙනියනවා . අද අධ්‍යාපනය කියන්නේ ලෝකයේ හොඳ වෙළඳ පොළක්. ඒ නිසා අපේ රටට ගැළපෙන විදිහට, අපේ රටට අලුත් ආදායම් ගෙන විදිහට වෙළඳපොලට අපි එකතු විය යුතුයි. අපි ඒක යෝජනා කරනවා. අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. අරගොල්ලෝ වගේ ආණ්ඩු පක්ෂයේ ඉන්න කොට එක විදිහ කුයි විපක්ෂ ඉන්නකොට එක විදිහකයි හැසිරෙන්න අපි සූදානම් නෑ. දැන් බුදු වෙලා වගේ කතා කලාට ඒ කාලේ කරපු දේවල් අපිට මතකයි.

ඒ වගේම තවත් අලුත් වෙළඳපොලක් තියෙනවා. මේ කලාපයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු ලබනවා. පාඩු ලබන්නේ ඇයි? මහින්ද මහත්තයාගේ කාලේ ගුවන් යානා ගේනකොට ගහපු ඒවත් එක්ක ගෙවන්න වෙලා තියෙන වාරිකය වැඩි නිසා. අදටත් දකුණු ඉන්දියාවේ අය ගුවන් ගමන් සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය පාවිච්චි කරනවා . ඒ වගේමයි තවත් වෙළඳපොළක් තියෙනවා. සෞඛ්‍යය. private hospitals.

අද මං දැක්කා එක්තරා වෙබ් අඩවියක ඊයෙ පළ කරලා තිබුණා අපේ ආදායම වගේ දෙගුණයක් වියදම් කරලා තියෙනවා ජනවාරි මාසේ ඉඳලා අගෝස්තු මාසය වෙනකම්. මේක තමයි හැම ආණ්ඩුකාර එකම තිබ්බ ලොකුම ප්‍රශ්නය. 1999 තායිලන්තයේ මේ වගේ ආර්ථිකය කඩා වැටීමකට ලක් උනහම ලක්ෂ ගාණකට රැකියා නැති වුණා. අවසානයේදී ඔවුන් ගම්බිම් බලා ගිහිල්ලා නිෂ්පාදන ආර්ථිකයක් ඔවුන් හැදුවා. හැබැයි ආර්ථිකය පිකප් වෙනකොට ඒ ගම්බිම් බලා ගිය තරුණ තරුණියෝ ඒ වගාවන් නවත්තලා නැවත බැංකොක් අගනුවරට ආවෙ නෑ. ඊළඟ පරම්පරාවේ අයට ඒ රැකියා අවස්ථා ලැබුණා. ඒ වැඩ කටයුතු කරන්න ඕන දූෂණය සහ නාස්තිය අවම කරගෙන කියන එක අපි කියන්න කැමතියි .

ඒ වගේම මේ සංචාරක කර්මාන්තයේ අපි විශ්වාස කරනවා පාස්කු ඉරිදා ප්‍රහාරය සහ කෝවිඩ් වසංගතය වගේ දෙයක් නොවුනානම් , මේ විදිහට ආර්ථිකය පතුලට කඩාවැටීමකුත් නොවුනානම්, මොකද මේ ආර්ථිකය කඩා වැට්ටුවේ මොල හතේ කපුටායි, උද්ධච්ච ගෝඨාභය රාජපක්ෂයි, ආර්තික ගාතක නිවාඩ් කබ්රාලුයි.ඔවුන් මේක කඩා වැට්ටුවේ නැත්නම් අදටත් අපිට ඔලුව උස්සන්න තිබ්බා. මේ සංචාරක කර්මාන්තයේ මීට වඩා උත්සන්න තිබ්බා. අදටත් මේ මාස හයට මේ සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 600 ලැබිලා තියෙන්නේ . ඒ නිසා සාමාන්‍ය සංචාරකයින් යන විදියට මුහුදු වෙරළ , හිරු එළිය විතරක් මාකට් කරලා හරියන්නේ නැහැ. සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහත්මයාට අපි යෝජනා කරන්න කැමතියි wildlife tourism market develop කරන්න. උදාහරණයකට වනජීවී දෙපාර්තමේන්තුව සතුව වනෝද්‍යාන 17 ක bungalows විශාල ප්‍රමාණයක් තියනවා. මේවට සාමාන්‍යයෙන් සුද්දෙක් යන්නේ නෑ .ටැප් වැඩ කරන්නෙ නෑ හරියට . දේශීය සංචාරකයෙක් ට ත් නුසුදුසු විදිහට තියෙන්නේ . එතකොට මේවා අලුත්වැඩියා කරලා, candle එකක් පත්තු කරල, හොඳ chef කෙනෙක් දාලා, සූර්ය පැනල ටිකක් දාලා, අනිවාර්යෙන් දවසට ලක්ෂ ගානේ විකුණන්න පුළුවන්. මොකද සංචාරකයෝ වැඩි ප්‍රමාණයක් ආවට වැඩක් නෑ ඒ එන සංචාරකයන්ට වියදම් කිරීමේ ක්‍රම හදන්න. උදාහරණයකට යාලට ගිහාම එතන මියුසියම් එකක් නෑ. සුවනියර් ෂොප් එකක් නෑ. වනෝද්‍යානයේ තියෙන වැදගත් දේවල් ඒව නෑ.
දැන් කොළඹ දෙහිවල සත්වෝද්‍යානය තියෙන තැනවත් සංචාරකයන්ට හරියට දැනගන්න නෑ.

අපේ වැවිලි කර්මාන්ත ඇමැති ඇමති තුමා ඉන්නවා . plantation tourism මේක දියුණු කරන්නත් පුළුවන් . plantation bungalows පුද්ගලික අංශයට දීලා තියෙනවා. අපේ විරුද්ධත්වයක් නෑ ඒක ගැන. තව ඉතුරු වෙලා තියෙන ඒවා විවෘත කරන්න විදේශ සංචාරකයන්ව ඉලක්ක කරලා. සංචාරක කර්මාන්තයෙන් මාසයකට ඩොලර් මිලියන් 150ක් ගෙනල්ලා මේක කරන්න බෑ අවම වශයෙන් ඩොලර් මිලියන 500 ක් වත් ගේන්න සංචාරක කර්මාන්තයේ තියෙන හැම පැතිකඩක්ම විවෘත කරන්න ඕන.

ආදායම් වැඩි කරනවා වගේම අලුත් වෙලඳපොලවල් ස්ථාපනය කරනවා වගේම නිෂ්පාදන ආර්ථිකයක් ගේනවා වගේම හොරකමයි දූෂණයයි අවම කරන්න ඕන.

අපට සැකයක් තියෙනවා මේ කෝප් කමිටු වයි කෝපා කමිටුවයි විපක්ෂයෙන් නම් කරලා ඉවරයි, ආණ්ඩු පක්ෂයෙන් නම් කරන් නැත්තේ මේ ඩීල් ටික දාල ඉවර වෙනකන් ද කියලා .මොකද වර්තමාන ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා වශයෙන් ඉන්න කාලෙ තමයි අර මං පෙර කී ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂ ගැන කෝප් කමිටුව තිබිලා ඊළඟ දවසේ එතුමාගෙන් මම මෙතන ප්‍රශ්න කළා. එතුමා කිව්වේ ඇවිල්ලා උත්තර දෙන්නම් ඒ පිළිබඳව සොයා බලලා කියලා. අදටත් සොයා බැලීමක් නෑ. මට දැඩි සැකයක් තියෙනවා මේ ගෑස් මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ අසූ දාහක් award කරන කල් ද මේ කෝප් කමිටුව පත් නොකර ඉන්නේ . හොරකමක් වෙන්න කලින් ඒක හොයාගන්න පුළුවන් නම් ඒකෙන් රාජ්‍යට හිමි විය යුතු ආදායම් ඉතුරු කරන්න පුළුවන්. එනිසා වගකිවයුත්තන්ගෙන් අපි ඉල්ලනවා, මේ කියන යෝජනා අවංක නම්, ඇතුලෙ ඉඳන් සටන් කරන්න. කෝප් කමිටුව පත් කරන්න කියන්න. මේ සිදුකරන වංචා දූෂණ වලට විරුද්ධව නැගී සිටින්න .

අවසාන වශයෙන් කියන්න කැමතියි, අද මේගොල්ලෝ ජනතාව ගොනාට අන්දවමින් ඉන්නේ .එපා කියපු එලවපු ඇමතිවරු ටිකම ආයෙ දානවා. හද අරගලය අමතක වෙලා අරගලය තුළින්ම ආපු අදහස් වල ශේෂ අමතක වෙලා තියෙනවා . මේගොල්ලෝ හිතුවට අරගලය ඉවරයි කියලා අරගලයෙන් ආපු මතවාද ඉවර නැහැ. ඒකෙන් ආවේ අපෙන් හොරකම් කරපුවා දීපිය. හොරාකාපු එවුන් අල්ලපිය කියන එක. ඒ නිසා අපි සමගි ජන බලවේගය ලෙස පෙනී සිටින්නේ ඒ මතවාදය වෙනුවෙන්, කඩා වැටිච්ච ආර්ථිකයක් තුළ ආණ්ඩුවක් ස්ථාවර වෙන්නේ නෑ.මේවා වෙනස් වෙනවා ..වැඩි කල් මේ ආණ්ඩුව දුවන්නෙ නෑ ඒක හොඳට මතක තියාගන්න.

දැන් විපක්ෂයට 103යි. මේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න අපිට තව දහයයි ඕන. මහින්දානන්ද ඇමති තුමාට ඇමති කමක් නෑ කලකිරිලා ඉන්නේ. එහෙම කළ කිරිච්චි ඉතුරු අයත් එයි. අපි 113 අරන් , මේ පාර්ලිමේන්තුව විසුරුවලා , අලුතින් ගෙන ආණ්ඩුවක් තුළ,
අරගලයෙන් ආපු මතවාදය වන හොරා කාපු අය අල්ලන එකයි හොරාකාපුවා ගන්න එකයි අනිවාර්යෙන් කරනවා.

– Media unit

41,387 views

4 Comments to “බැසිල්ගේ උදහසට ලක් වූ මහින්දානන්දට ඇමතිකමක් නෑ…”

  1. Sinhalaya says:

    Hamba uurek udu brawi hakka pâtes ekak demu

    • aanamaduwe maanavadu says:

      thota ada urumas thiyaa urugoowath nehenedaban kanda gon buru suruttuwo? idiriyata oka thawath dikwei. tho
      nagara sabhaawe thiyena mahajana wesikiliwalata gihin ewaaye atha daala minis gooth thota kandai wenne.

  2. ඇමරික්කාර් says:

    හුටා මරුක්කෝ. 113 නෙවෙයි දෙසිය දහතුන ගත්තත් විසුරුවන්නේ අපේ රනිල්ට ඕන්නම්. ආංඩුවට බහුතරය තියෙන්න ඕනෑ නෑ.

  3. මහින්දානන්ද වාචාලසේන says:

    අද පාර්ලිමේන්තුවට ඕනෑ වාචාලකමට කටින් ගහලා දිනන්න හදන මහින්දානන්ද වගේ මෝඩ පකයි නොව (එමෙන්ම මරික්කාර්ස් වගේ වාචාලයින් නොව) කරුණු සහිතව කතා කරන මන්ත්‍රීවරුය.
    බැසිල් තුමා ඒ බව දනියි.

Leave a Comment