බැසිල්ගේ දිවිනැගුම නඩුව උඩු යටිකුරු වේ.. ණය දීමේදි කිසිම මූල්‍ය වංචාවක් වූයේ නැතැයි පැමිණිල්ලේ පලමු සාක්ෂිකාරිය අධිකරණයේදි පිලිගනී..
November 29, 2017 at 8:40 am | lanka C news
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට විරුද්ධව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය FCID විසින් පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණ අංක 5 දි මහාධිකරණ විනිසුරුවරයා ඉදිරිපිට මේ දිනවල විභාග වෙමින් පවති.
එම නඩුවේ පැමිණිල්ලේ පලමු සාක්ෂි කාරිය වු දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ, සමාජ සංවර්ධනය අංශයේ සහකාර අධ්යයක්ෂිකා නදීකා සංජිවනි ඉද්දමල්ගොඩ මහත්මියගෙන් ඊයේ (28) දින ප්‍රශ්න කෙරෙනි.
පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි විමසිම නියෝජ්යා සොලිසිටර් ජන්රාල් තුසිත මුදලිගේ මහතා විසින් සිදු කලහ.
පැමිණිල්ල වෙනුවෙන් දින තුනක් ඇය විසින් සාක්ෂි ලබා දුන් අතර විත්තියේ නීතිඥවරයාට විසින් ප්‍රශ්න විමසීම අද 29 වෙනිදා ආරම්භ කලහ. ඒ පලමු විත්තිකාර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා විසිනි,.
“ඉසිරුමත් නිවාස ණය වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේදී” දිවිනැගුම ප්‍රතිලාභි හිමි 1197111 එකලොස් ලක්ෂයකට අධික ජනතාවට රුපියල් මිලියන 2,992,77 (බිලියන 2 කට අධික) මුදලක් එක් පවුලකට රුපියල් 2500, 00 බැගින් නිවාස ණයක් ලබාදිමේදි, “එය නිසියාකාරව සිදු වී ඇති බවත් ඒ අනුව එහිදි කිසිදු මූල්‍ය වංචාවක් සිදු නොවු බවත්” ඇය විසින් මහාධිකරණ විනිසුරුවරයා ඉදිරිපිට පිලිගත්තේය.
මෙම නඩුවේ චෝදනා ලබා සිටින පිරිස වනුයේ පලවෙනි විත්තිකරු ලෙස හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාත් පිලිවෙලින් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යයක්ෂක ජෙනරාල් ආර් කේ රණ්වක, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ජයතිලක සහ අතිරේක අධ්‍යයක්ෂක ජෙනරාල් බන්ධුල තිලකසිරි යන මහත්වරුන් ය.
2015 වසරේ දි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය FCID මගින් මොවුන් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට තිබුණේ ඉහත ක්‍රියාවලිය හරහා මූල්‍ය වංචාවක් සිදු කලා යන්නය.
Duppath minihekuta rupiyal 2.500 ka nayak dunnata da nadi damme. Maha banku horunta nadu nadda hitan.?
Anurage muna balanna asai…
සිරා සහ යූ.එන්.පී.චන්ලා මහින්ද සහ දූශිත ආන්ඩුව කියලා බොරුවෙන් රටේ බලය අරන් අහිංසක මිනිස්සු හිරේ දාපු එක තමා මුන් ආව දවසේ ඉදලා කරපු සංවර්ඩනේ මේ වගේ දූශිත පාලනයක් ලංකා ඉතිහාසයේ තිබුනේ නැහැ නොදෝකින්.