බැසිල්ට එරෙහි දිවිනැඟුම ලිත් චෝදනාවට අධිචෝදනා පහක්.. අදම ඇප මත නිදහස්..

March 15, 2017 at 12:40 pm | lanka C news
බැසිල්ට එරෙහි දිවිනැඟුම ලිත් චෝදනාවට අධිචෝදනා පහක්.. අදම ඇප මත නිදහස්..

දිවිනැඟුම මුදලින් තුන්කෝටියකට ආසන්න මුදලක් වැයකොට ගිය ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්‍ෂ පනහක් මුද්‍රණය කලේ යයි හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතාට නීතීපතිවරයා විසින් අධි චෝදනා 5ක් යටතේ ගොනු කරනු ලැබ තිබූ නඩුවෙන් ඒ මහතා ඇප මත නිදහස් කරනු ලැබීය.

කොළඹ මහාධිකරණය විසින් ඔහු මුදාහරිනු ලබුවේ රුපියල් ලක්ෂයක මුදල් ඇප හා ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මතයි.

මෙම නඩුවට අදාල අධි චෝදනා පත‍්‍ර අද දිනයේ බාර දුන් අතර මැයි 24 දින නඩුව යලි කැඳවීමට නියෝග කර ඇත.

0 views
Main News