බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි ආරාධනා බොහෝ තිබෙනවා.. නමුත් තවම තීරණයක් නෑ..- මහින්ද

November 15, 2020 at 10:00 am | lanka C news
බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි ආරාධනා බොහෝ තිබෙනවා.. නමුත් තවම තීරණයක් නෑ..- මහින්ද

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් මේ වන තෙක් තීරණයක් ගෙන නැති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ආණ්ඩුවේම මැති ඇමතුම් කිහිප දෙනෙක්ම නැවත වතාවක් බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ඉල්ලීම් රැසක් කර ඇති බව මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

නමුත් ඒ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ද අගමැතිවරයා සති අන්ත ඉරිදා දිවයින පුවත්පත සඳහන් කර තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇති බවත් ඒ සඳහා දැනට ජාතික ලැයිස්තුවෙන් පත් කර සිටින මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වීමට නියමිත බවත් පැතිර යන වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකදී මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර තිබේ.

26,171 views

24 Comments to “බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි ආරාධනා බොහෝ තිබෙනවා.. නමුත් තවම තීරණයක් නෑ..- මහින්ද”

  1. අජානීය ඉස්කූටර් says:

    ඇත්තටම බොහොම වැදගත් විධිහට පාර්ලිමේන්තු නොයා ඉන්නවනම් හොඳයි. මොකද පොහොට්ටුවට චන්දෙ දුන්න බොහෝ මිනිස්සු බැසිල් රාජපක්ෂ කියන මනුස්සයට කැමති නෑ. මහපොලොවේ ඇත්ත ඒකයි කවුරු කොහොම ප්‍රශස්ති ගායනා කලත්. ගෝඨාභය මහත්තයත් පලවෙනිවතාවෙන්ම ගෙදර යනව දමින්න ආසයි නම් බැසිල් උන්නැහෙව පාර්ලිමේන්තුව ඇතුලට ගන්න.

    • හෙලයා says:

      බැසිල් පාර්ලිමේන්තු එනවට සජිත් උඩින්ම කැමති වෙන බව පොහොට්ටුවට චන්දෙ දුන් මගේ අදහසය්.

    • හෙලයා says:

      බැසිල් පාර්ලිමේන්තු එනවට අපි අකමැති උනාට සජිත් නම් උඩින්ම කැමති වෙන බව පොහොට්ටුවට චන්දෙ දුන් මගේ අදහසය්.

    • 2015 මීහරකා says:

      ඔන්න අපේ එවුන් මඩ ගොහොරුවෙන් හොම්බ උස්සල, වලිග උස්සල, ගොම ගහන්නෙ මිසයිල වගේ. බොරුද බලන්න.
      🐮

  2. Tets says:

    බැසිල් සර් එන්න ඕනේ . ගෝඨාභය සර්ව බලයට ගේන්න ලොකු වැඩකොටසක් කරේ ඔයා. මහින්ද සුලඟේ කොඳුනාරටිය ඔයා සර්.

  3. කාන්තාර පළඟැටියා says:

    “මත්ද්‍රව්‍යයට ඇබ්බැහීවීමත් – බලයට ඇබ්බැහිවීමත් ” අතර වෙනසක් නොමැත.
    අවසානයේ කරුණු සලකා බලද්දි මේ දෙකම අතිශයින්ම සමාජයට හානිකරය.

  4. ඇලඩින් says:

    ඔහේගේ හෙන්චයීයලගෙන් ආරාධනා තිබුනට ජනතවගෙන් කිසිම ආරාධනාවක් නැහැ. ඔහේ 2015 පරදුනෙත් ඔය 10% බැසිල් නිසා තමයී. ජනාධිපතිතුමාට රට කොරගන්න ඉඩ දීලා ඔහේ පැත්තකට උනා නං හරි දැන් හරියට ඇවිදගන්නවත් බැරි තන්හාකාර නාකියා.

  5. ගමේ වෙදා says:

    එයාව ගෙන්ව ගත්තොත් නං හිටං ඉස්සරහට දාල ඡන්දෙ දිනල , රනිල් බලය ඩහැ ගත්ත වගේ දෙයක් වෙන්න ඉඩ තියෙනවා

  6. පහන් says:

    පොඩි පක්ෂ වල නායකයින්ට හැඟීම්බර ආයාචනයක් කරන්න වෙයි……!

  7. Sumanasiri says:

    Lassanata plan karala neda. Alagiya welagiya 225 parapurenma siyagamu. Lola record. Api merenne ne………

  8. Bahirawa says:

    Wimal will protest but later will agree like a puppy

  9. Walpita says:

    ඔයාගෙ මුට්ටියට මිනිස්සු රැවටුන කාලෙ ඉවරයි .පල් හොරු පාර්ලිමේන්තුවෙන් එලවනවා මිස නැවත ගේන්නෙ නෑ.

  10. පසන් says:

    රට අවුරුදු ගණනාවක් පස්සට ගියේ ඔහු නිසයි. ආණ්ඩුව ඇණ ගන්න යනව වගේ පේන්නේ.

Main News